සටන් විරාමයක් සඳහා ඉරානයෙන් කිසිදු ඉල්ලීමක් කළේ නැහැ-ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි
එක්සත් ජනපදය සහ සියොන්වාදී තන්ත්‍රය විසින් පනවන ලද ආක්‍රමණශීලී යුද්ධයට එරෙහිව ඉරානය දක්වන "ගෞරවනීය සහ නොසැලෙන ප්‍රතිරෝධයක්" මධ්‍යයේ සටන් විරාමයක් සඳහා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ප්‍රකාශ කළේය.
අද(16) ටෙහෙරානයේ පැවති විදේශ අමාත්‍යාංශයේ සතිපතා මාධ්‍ය හමුවකට සමගාමීව අදහස් දක්වමින් අරක්චි ප්‍රකාශ කළේ එක්සත් ජනපද-ඊශ්‍රායල් හමුදා මෙහෙයුම පුපුරා යාමෙන් පසු අමෙරිකාවට ඉරානය කිසිදු පණිවිඩයක් යවා හෝ සටන් විරාමයක් සඳහා කිසිදු ඉල්ලීමක් කර නොමැති බවයි.
“කෙසේ වෙතත්, මෙම යුද්ධය අවසන් විය යුත්තේ එය තවදුරටත් නොපවතින ආකාරයට සහ සතුරන් නැවත ආක්‍රමණයක් ගැන නොසිතන ආකාරයට විය යුතුයි. ඔවුන් මේ දක්වා කළ සටන් වලදී හොඳ පාඩම් ඉගෙන ගෙන තිබෙනවා.” විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
එලෙසම එක්සත් ජනපදය සහ ඊශ්‍රායල් සතුරන් තමන් කොතරම් ශ්‍රේෂ්ඨ ජාතියකට එරෙහිව සිටිනවාද යන්න වටහාගෙන ඇති බවත්, ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීමට කිසිදු පැකිලීමක් නොමැති බවත් අවශ්‍ය තාක් කල් යුද්ධය කරගෙන යන බවත් අවධාරණය කරනු ලැබීය.
ඉරානයට එරෙහි මේ වන විට පවත්වා ගෙන ගොස් තිබෙන දින 15 ක යුද්ධයෙන් පසු හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආක්‍රමණිකයන් වෙනත් පාර්ශවයන් වෙත යොමු වී ඇති බවත්, ඔවුන් ලවා සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට බල කරමින් සිටින බවත් ඔහු පැවසීය.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉරානයේ දෘෂ්ටි කෝණයෙන් විවෘතව පවතින නමුත් එය සතුරන්ට සහ ඔවුන්ගේ සහචරයින්ට පමණක් වසා ඇති බව අරක්චි තවදුරටත් පැවසීය.
ආක්‍රමණයට එරෙහිව ඉරානය සිය ගෞරවනීය ප්‍රතිරෝධය නොසැලෙන ආකාරයෙන් දිගටම කරගෙන යන බව ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා