ඊශ්‍රායලයටට එරෙහි ඉරානයේ " Operation True Promise-4" දී ප්‍රථම වරට ඉරානය සෙජ්ජිල් මිසයිල යොදා ඊශ්‍රායලයේ හමුදා ඉලක්ක රාශියකට දැඩි ප්‍රහාර එල්ල කරයි.
පසුගිය පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට උපායමාර්ගික ඝන ඉන්ධන සෙජ්ජිල් මිසයිල භාවිතා කරමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද ඊශ්‍රායල ඉලක්ක වලට එරෙහිව නව වටයේ මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානයේ තස්නිම් පුවත් සේවය පවසයි.
ඒ අනුව අද (15) "Operation True Promise-4" හි ප්‍රහාරක මෙහෙයුමක් ලෙස ඊශ්‍රායල සියොන්වාදී පාලන තන්ත්‍රයට එරෙහිව පළිගැනීමේ මිසයිල ප්‍රහාර 54 වන රැල්ල ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් සිදු කර ඇතැයි තස්නිම් පුවත් සේවය වැඩිදුරටත් පවසයි..
මේ අතර නිවේදනයක් නිකුත් කරමින්, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා කාර්යාලය පැවසුවේ නව ප්‍රහාර රැල්ලට ටොන් දෙකක යුධ හිසකින් සමන්විත සුපිරි බර කොරාම්ෂහර් මිසයිල සහ කයිබාර්-ෂෙකාන් (කයිබාර්-බස්ටර්), කද්ර් සහ එමාඩ් මිසයිල දියත් කිරීමද ඇතුළත් වූ බවයි.
"Operation True Promise-4" මෙහෙයුමේදී ප්‍රථම වතාවට, ඊශ්‍රායලයේ ගුවන් පාදක මෙහෙයුම්වලට බලපෑම් කරන කළමනාකරණ සහ තීරණ ගැනීමේ මධ්‍යස්ථානවලට එරෙහිව උපායමාර්ගික සහ ඝන ඉන්ධන මිසයිල සෙජ්ජිල් ප්‍රහාර එල්ල වූ බව නිවේදනයේ සඳහන් වෙයි.
ඊශ්‍රායලයේ මිලිටරි සහ ආරක්ෂක කර්මාන්තවල බලපෑම් ඇති ප්‍රධාන යටිතල පහසුකම් මෙන්ම ඊශ්‍රායල හමුදා රැස්වන ස්ථාන, ඊශ්‍රායල හමුදා අල්ලා ගත් ප්‍රදේශවල මර්මස්ථාන සාර්ථකව ඉලක්ක කර ඇති බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේය.
මේ අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද(15) ඊශ්‍රායලයේ කලාපීය අණ සහ පාලන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් "Operation True Promise-4" මෙහෙයුමෙහි 53 වන ප්‍රහාර රැල්ල දියත් කරනු ලැබුවේ පසුගිය මාර්තු 4 වන දින ශ්‍රී ලංකාවේ ම්හුදු කළාපයේදී එක්සත් ජනපද නාවික හමුදාවේ ටෝපිඩෝවකින් ප්‍රහාරයට ලක් වූ ඉරාන නාවික හමුදාවේ ඩෙනා ප්‍රහාරක නෞකාවේ දිවි පිදූ 84 දෙනා සිහි කිරීම සඳහා බවද ප්‍රකාශ කරන ලැබුවේය.
මෙම මෙහෙයුමට ෆට්ටා සහ කද්ර් මිසයිල 10 ක් මෙන්ම ඉරානයට එරෙහි ආක්‍රමණශීලී ප්‍රහාරවලදී බුද්ධි තොරතුරු සහ සහාය ලබා දී ඇති අල්-දෆ්‍රා කඳවුරේ ස්ථානගත කර ඇති එක්සත් ජනපද හමුදා ඉලක්ක කරගත් විනාශකාරී ඩ්‍රෝන යානා භාවිතා කරමින් ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කර බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා කාර්යාලය පැවැසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා