යුද්ධය නිසා නැවු රක්‍ෂණ ගාස්තු පස් ගුණයකින් වැඩි වෙයි.. භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක්..
ඉරානය සහ ඊශ්‍රායල-ඇමරිකානු පාර්ශවයන් අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආසියානු කලාපයේ ප්‍රධාන වෙළෙඳ මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය අත්හිටුවීමට ඉරාන බලධාරීන් පියවර ගෙන ඇත. මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ නෞකා ප්‍රවාහන ගාස්තු සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
නෞකා රක්ෂණ ගාස්තු ඉහළ යාම සහ නාවික ගමන් මාර්ග වෙනස් කිරීම නිසා සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන ක්ෂේත්‍රයටද මෙහි අහිතකර ප්‍රතිඵල විඳීමට සිදුවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙන්දන්ගේ සංගමය සඳහන් කරයි.
පවතින යුදමය වාතාවරණය හමුවේ Gard, Skuld, NorthStandard, London P&I Club සහ American Club වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර රක්ෂණ සමාගම්, මාර්තු 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ‘යුද අවදානම් රක්ෂණ ආවරණ’ අවලංගු කිරීමට තීරණය කර ඇත. මේ පිළිබඳ නිවේදන මාර්තු 01 වැනිදා අදාළ සමාගම්වල වෙබ් අඩවිවල ප්‍රකාශයට පත් කර තිබිණි.
නාවික ක්ෂේත්‍රයේදී යුද අවදානම් රක්ෂණය අත්‍යවශ්‍ය සාධකයකි. සාමාන්‍ය සමුද්‍රීය රක්ෂණ මගින් යුද්ධ සහ ත්‍රස්තවාදී ක්‍රියා නිසා සිදුවන හානි ආවරණය නොවන බැවින්, වරාය බලධාරීන්, බැංකු සහ නෞකා කුලියට ගන්නන් යුද අවදානම් ආවරණයකින් තොරව නෞකා මෙහෙයවීමට අවසර ලබා නොදෙයි.
ක්ෂේත්‍රයේ තොරතුරු වාර්තා කරන මූලාශ්‍රවලට අනුව, යුද අවදානම් රක්ෂණ වාරිකය, ගතවූ පැය 48 ඇතුළත පස් ගුණයකින් ඉහළ ගොස් ඇත.
උදාහරණයක් ලෙස, ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වටිනා තෙල් ප්‍රවාහන නෞකාවක් සඳහා එක් ගමනකට මෙතෙක් අය කළ රක්ෂණ වාරිකය ඩොලර් 200,000 සිට ඩොලර් මිලියනය දක්වා වැඩි වී තිබේ. මෙම දැවැන්ත පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවද වෙළෙඳ ප්‍රජාව අනතුරු අඟවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..