පොහොට්ටුව සමුළු තියලා බලය ගොඩනැගුවට ඒ බලය රනිල්ගේ දෙපාමුල තබා රට පාවාදෙන විට එන ජනතා විරෝධය මැයි 9 විරෝධයට වඩා දහස් ගුණයක් වැඩි බව ඉතා පැහැදිලියි - ජාතික සංවිධාන කියයි
පොහොට්ටු පක්ෂය සමුළු තබා ජන බලය ගොඩනගන්නට උත්සාහ කළත් එම බලය ජනපති රනිල් වික්‍රමසිංහගේ දෙපාමුල තබා ඒ ජනතාව පාවාදෙන විට ඇතිවන විරෝධය 2022 මැයි 9 විරෝධයට වඩා වඩා දහස් ගුණයකින් ඉහළ යන බව ජාතික සංවිධාන පවසයි.
ලංකා ලීඩර් වෙත අදහස් දක්වමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාප මිත්‍ර කැල මැයි 9 විරෝධය මගින් මහින්දට ඉල්ලා අස්වීමට සලසා රනිල්ට අගමැතිකම ගන්න පාර කැපූ ආකාරයටම මෙවර බැසිල් රාජපක්ෂ කල්ලිය තම බලය ජනපති රනිල්ගේ දෙපාමුල තබා පාවාදෙන විට මහා ජනතා විරෝධයක් ඔවුන්ට විරුද්ධව ගොඩනැගෙන බවය.
එම විරෝධය මගින් පොහොට්ටුවේ අති බහුතරයකට මන්ත්‍රී ධුර අහිමිවන බවටද ඔහු උපකල්පනය කරයි.
වැට් බදු පනතට එකඟවීම, වෘතිකයින් බදු දඬුකඳේ ගැසීමට එකඟ වීම, බෙදුම්වාදී බලවේගවලට කප්පම් ලබාදීම, ආරක්ෂක හමුදාවන් දුර්වල කිරීම, රාජ්‍ය දේපළ විකිණීම, විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම මගින් ඇතිවන මහා අවුලට වගකීමට සිදුවන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට වන බවද ඔහු සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ නමැති පුද්ගලයා ඔවුන්ගේ පිහිටෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් සිදුවන සියලු විපත්වලට වගකීමට ඔවුන්ට සිදුවන බවද ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..