News Category
From Date
To Date
Maximum Number of Result

ජේ.ආර්. ගේ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාසගේ ඇඟළුම් කම්හල් යුගයත් අවසන් කර අනාගත desktop factory ය කාමරයේ මේසේ උඩට ගෙනෙන මැජික් එක චම්පික කියයි

Dec 15, 2023 at 08:51 AM
|

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ආ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාස ජනපති ගෙනා ඇඟළුම් කම්හල් යුගයත් මෙම කාලයේ ප්‍රවණතාවය නොවන බවත් අද ප්‍රවණතාවය වී ඇත්තේ මේසය මත ක්‍රියාත්මක වෙන 3D ප්‍රින්ටරය ළඟ තබා ගත්, AI පාවිච්චි කරන desktop factory බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ 2024 අයවැය විවාදයේ තාක්ෂණික අමාත්‍යංශයට අදාල විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

ලෝකයේ ඉතිහාසය වෙනස් කළ සිදුවීමක් තමයි 1760 එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේ සිදුවෙච්ච කාර්මික විප්ලවය. මෙම කාර්මික විප්ලය නිසාවෙන් ආසියාව සතුව පැවති ආර්ථික බලය යුරෝපය නැමැති කුඩා රාජ්‍ය සමූහයට මාරු වීමකට ලක්විය.

"2013 දී දඬුවම් මාරුවක් හැටියට මාවත් විද්‍යා හා තාක්ෂණ ඇමැති හැටියට පත් කළා. ඒ ගියාම අපිට තේරුම් ගියා මේ අමාත්‍යංශයේ තිබෙන වැදගත්කම. මේ රටට විජය කුමාරයා එනකොටත් කුවේණි කපු කටිමින් හිටියයි කියලා වාර්තා වෙලා තියෙනවා. කපු කැටීම චර්කය මාර්ගයෙන් සිද්ධ කළේ. සාමන්‍යයෙන් කපු නූල් රාත්තලකට පැය 200 ක ශ්‍රම කාලයක් අවශ්‍ය වුණා. මේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් හැටියට පැයකින් මේ කාර්යය කරන්න 1820 දී එංගලන්තයට පුළුවන් වුණා. ඒ සමඟ එංගලන්තය නොහොත් මහා බ්‍රිතාන්‍ය, චීනය හා ඉන්දියාව පරාජය කරලා ලෝකයේ විශාලතම දළ දේශීය නිෂ්පාදනය තියෙන රට බවට පත්වුණා. මේ ක්‍රියාවලියේ දෙවැනි අදියර 1860 දී ඇමරිකා එක්සත් ජනපදයේදී ආරම්භ කළා. ඒ  ඛනිජ තෙල් විප්ලවය. ඉන් පසුව තවත් අවුරුදු 100 කට පසුව 1960 දී ආරම්භ වුණා තුන්වෙනි විප්ලවය. ඒ තමයි තොරතුරු තාක්ෂණ විප්ලවය. අද අපි කතා කරන අන්තර්ජාලය පළමුවෙන්ම 1960 දී, එක්සත් ජනපද යුද හමුදාවයි පාවිච්චි කලේ. ඒක තමයි 1989 දී යුරෝපයේ දියුණු කරලා www.com විප්ලවය ආරම්භ වුණේ."

කාර්මික විප්ලයත් සමඟ ඇතිවූ විප්ලව තුනම ලංකාවට අහිමි විය. මේ වනවිට ලෝකය හතරවෙනි කාර්මික විප්ලවයටත් මාරු වී අවසන්. අද ගිගා බයිට් (GB) වලින්, ටෙරා බයිට් (TB) වලින් කටයුතු කරන යුගයක්.

"අදටත් අපි හුඟාක් දෙනෙක් මේ තොරතුරු තාක්ෂණය යොදාගෙන ආණ්ඩුකරණය කරන ආකාරය ගැන කතා කරනවා. හැබැයි මතක තබාගත යුතුයි 2010 ලෝකය හතරවෙනි කාර්මික විප්ලවයට මාරු වෙලා තියෙනවා. මේ කාර්මික විප්ලව තුනම ලංකාවට අහිමි වුණා. මට තාම මතකයි අපේ මොරටු විශ්ව විද්‍යාලයට පළවෙනි පරිගණකය ආතර් සී ක්ලාක් මහත්මයාගේ මූලිකත්වයෙන් පරිත්‍යාග කළ මොහොත. ඒ අවස්ථාවේදී ලංකාවේ ඉතාම අතලොස්සයි පරිගණක තිබුණේ. ඒ කාලේ කිලෝ බයිට් (KB) එකක් කියන්නෙත් ලොකු කතාවක්. නමුත් අද ගිගා බයිට් (GB) වලින්, ටෙරා බයිට් (TB) වලින් කටයුතු කරන යුගයක්. ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ විප්ලවය සිද්ධ වුණා."

ජේ.ආර්. ගේ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාසගේ ඇඟළුම් කම්හල් යුගයත් අවසන්. මේ මේසය මත ක්‍රියාත්මක වන desktop factory යුගය යි.

"ඒ වගේම කර්මාන්තවල 2010 ඇතිවෙච්ච විප්ලවය, එහෙම නැත්නම් අපි කියන මේ සුහුරු යුගය. එකේදී මොකද වෙන්නේ? එකිනෙකට වෙනස් තාක්ෂණයක්, නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, ජීව තාක්ෂණය, රොබෝ තාක්ෂණය, AI මේ තාක්ෂණයන් එකිනෙකට වෙනස්ව ඉදිරියට ගිහිල්ලා. ඒ වගේම ඒවායේ එකමුතුවන් හැදෙනවා. synergize හැදෙනවා. 2013 දී අපි ඉතාමත්ම වැදගත් විද්‍යාත්මක විශ්ලේෂණයක් කරා. මහාචාර්ය ධම්මික තන්තිරි ගොඩගේ මූලිකත්වයෙන්. ඒ වගේම මහාචාර්ය සිරි කොළඹගේ ගේ මූලිකත්වයෙන් නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, රොබෝ තාක්ෂණය,AI ආදී තාක්ෂණ වර්ග 10 ක් හඳුනාගත්තා. ඒ හරහා අපි ten by ten metrics කියලා ආයෝජන සැලැස්මක් හැදුවා. ඒකෙදි මහාචාර්ය සිරි කොළඹගේ පෙන්නලා දුන්නා මේ රටේ රුපියලක් ආයෝජනය කළොත් ඒ රුපියලෙන් වැඩිම ආර්ථිකප්‍රතිලාභයක් දළ දේශීය නිෂ්පාදනයට ලැබෙන්නේ තාක්ෂණයට ආයෝජනය කළොත් කියලා. දැනට තාක්ෂණයට ආයෝජනය කරන තරම දැනගන්න පුළුවන් අපේ තාක්ෂණ අමාත්‍යංශයේ සහ පුද්ගලික අංශයේ research and development වලට කොච්චර වියදම් කරනවද කියන එකෙන්. මේක දළ දේශීය නිෂ්පාදනයෙන් 0.1% ටත් අඩු ගාණක්. නමුත් කොරියාව වැනි රටක එය 7% ක් පමණ ප්‍රමාණයක්. මෙහිදී අඩුගානේ 1% ක් අපි ආයෝජනය කරනවා නම් අපිට දළ දේශීය නිෂ්පාදනය 6% වර්ධනය ළඟා කරගන්න පුළුවන්. පාරවල් වලට මේ රට ප්‍රාග්ධන වියදමෙන් 45% ක් වියදම් කළා. ලබාගත් දෙයක් නැහැ. රට බංකොලොත් වීම ඇරෙන්න. 1% ක් මේ තාක්ෂණයට වැය කළා නම් මේ පිම්ම අපි ගන්නවා. ඉතින් අපිට පුළුවන් වුණා 2016 දී කොරියාවත් එක්ක කතා කරලා හෝමාගම තාක්ෂණික නගරයක් ස්ථාපිත කරන්න. මොකක්ද ඉලක්කය? සිසුන් 20,000 ක් ගණනේ නැනෝ තාක්ෂණයට ඒ වගේම ජීව තාක්ෂණයට, ජාන තාක්ෂණයට, AI වලට ගන්න. මොකද 2016 - 2020 අතරේ තිබුණේ නැනෝ තාක්ෂණ විප්ලවය. අපි මේ ක්‍රියාවලින් ගැන අවබෝධයෙන් යුතුව අපේ තරුණ පරම්පරාව මේකට මෙහෙයවා ගැනීම තමයි අරමුණ වුණේ. එවැනි තාක්ෂණ නගර හතරක් අපි යෝජනා කළා. එකක්මහනුවර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව ගන්නෝරුවේ. අනිත්වා මාතර, කිලිනොච්චිය. මේ හතරෙන් 80,000 ක් අපේ තරුණ තරුණියෝ මේ ක්ෂේත්‍රයට මුදා හැරියා නම් තාක්ෂණ ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 5 විදේශ සේවා අපට ලබාගන්න පුළුවන් වෙනවා. අදටත් මේ ආයෝජන නමින් මොනවද කතා කරන්නේ? කර්මාන්තපුර හදන්න. එහෙම නැත්නම් නිදහස් වෙළඳ කලාප හදන්න. එහෙම නැත්නම් ආයෝජන කැඳවගන්න. බංකොලොත් රටකට ආයෝජන එන්නේ නෑ උපාය මාර්ගික අර්ථයෙන් මිස. මොකද බංකොලොත් රටකින් ආයෝජන ආපහු ගෙනියන්න බෑ. හැම ආයෝජකයාම කල්පනා කරනවා කොහොමද ඒ අයගේ මුදල් ආයෝජනය කරන මුදල් ඩොලර් වලින් ආපහු ගන්නේ කියලා. බංකොලොත් රටකින් මේක කරන්න බෑ. හැබැයි උපාය මාර්ගික විදිහට හිතන අය මේකට ඇතුල් වෙනවා. ලෝක බල දේශපාලනයේ උපාය මාර්ගික විදිහට මේ රට අත්පත් කරගන්න, එහෙම නැත්නම් මේ රටේ දේශ සීමා පාලනය කරන්න, ආර්ථිකය පාලනය කරන්න. ඒ නිසා, ස්වභාවික ලෙස මේ රට, අර්බුදයෙන් ගලව ගන්නත් ඒ වගේම අනාගතයට පියමනින්නත් ඕන්නම් තාක්ෂණයට ආයෝජනය කළ යුතුයි.

කණගාටුවට කාරණේ අර 'සෞභාග්‍යයේ දැක්ම' නමින් රට රකින විරුවෙක් ගෙනල්ලා අවසානයේ ඒ තාක්ෂණ නගරය නතර කළා. ඒ වෙනුවට වැලිකඩ හිරගෙදර ඒ තාක්ෂණ නගරයට ගේන්න කටයුතු කළා. ඒක ඉතාමත්ම කණගාටුදායක දෙයක්. අද කර්මාන්තශාලා ඇති කරන්න තව හුඟ දෙනෙක් කතා කරනවා ජයවර්ධන ජනාධිපතිතුමා හදපු නිදහස් වෙළඳ කලාප, ප්‍රේමදාස ජනාධිපතිතුමා ගමට ඇඟලුම් කම්හල් ගෙන යාම ගැන. අද ප්‍රවණතාවය මේ එකක්වත් නෙවෙයි. අද ප්‍රවණතාවය තමයි desktop factory. ඒ කියන්නේ මේසය මත ක්‍රියාත්මක වෙන 3D ප්‍රින්ටරය ළඟ තබා ගත්ත, AI පාවිච්චි කරන desktop factory. මේ desktop factory වර්ෂයකට 80,000 ගානේ අපේ තරුණ තරුණියොත්එක්ක ඇති කරගන්නවා නම්, අපේ තරගය තියෙන්නේ ඉන්දියාවේ බැංගලෝරය එක්ක. අපේ තරඟය තියෙන්නේ චෙන්නායි එක්ක. අපි තරඟ කරනවා නම් ස්ථිරවම මේ රටේ තේ, පොල්, රබර් ආර්ථිකයට ඔබ්බෙන් ගිය ආර්ථිකයක් ඇති කරගන්න පුළුවන්. ඒ හරහා, අපට දැවැන්ත ධනයක්, මේ රටේ උගත් තරුණ, තරුණියන්ගෙන් ලබාගත යුතුයි. මම දැක්කා ඊයේ පලවෙලා තිබුණා වාර්තාවක්, ඔස්ට්‍රේලියාවට 15,000 ක් ලංකාවේ සිසු සිසුවියෝ ගිහින් තියනවා. ඩොලර් මිලියන 600 අධික ප්‍රමාණයක් මේ රටෙන් ඒ රටට ඇදිල ගිහින් තියනවා එක වසරක් ඇතුලත. ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 25 යි ප්‍රේෂණ හැටියට. මේක මේ රටේ ධනය. මේ ක්‍රියාවලිය අපි නතර නොකලොත් තව අවුරුදු 03 කින් රට මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා තාක්ෂණය දෙසට කරන ආයෝජනයකින් තරුණ පරපුර හරහා මේ රට ආර්ථික අර්බුදයෙන් මුදාගෙන අනාගතය හරහා යොමුකරගත හැකි. ඒ සඳහා තමයි අනාගත ආණ්ඩු කල්පනා කලයුත්තේ."

- මාධ්‍ය ඒකකය -

සම්බන්ධිත පුවත් | Related News

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.
මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.