
කෘතිම බුද්ධියෙන් නවීන ආරක්ෂක හමුදාවක් හදන හැටි ජනපති රනිල් කියයි
ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තරයේ සිදුවන හමුදා ක්‍රියාකාරකම් දෙස බැලූ විට මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙලුම් පොකුණ රඟහලේදී පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 17 උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමිනි.
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලා 17ක් සඳහා දේශීය මෙන්ම විදේශිය හමුදා නිලධාරීන් 148 දෙනෙකු මෙහිදී උපාධි ලබාගත්හ.
ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් ආරක්ෂක විද්‍යාලය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
ඉදිරි දශකයට ගැළපෙන පරිදි මෙරට ආරක්ෂක හමුදාව සූදානම් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශ රටවල ආරක්ෂක අංශ නිලධාරින්ටත් ශ්‍රී ලංකාවේ පාඨමාලාවලට සහභාගීවීමට අවස්ථාව සලසා දීම තුළින් ආරක්ෂක අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට හැකියාව පවතින බවද පැවසීය.
ආසියානු කලාපයේ සන්නද්ධ හමුදා සාමාජිකයන් සතුව විශේෂ හැකියාවන් පවතින බවත්, එම හැකියාවන්ට කෘත්‍රීම බුද්ධිය වැනි නව තාක්ෂණික දැනුම එක් කිරීම මගින් නවීන ආරක්ෂක සේනාවක් ඇති කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ආරක්ෂක උපාය මාර්ග කරුණු අධ්‍යනය කිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, කැඩෙට් පුහුණු පාසල සහ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය යන ආයතන ත්‍රිත්වයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බවද ජනාධිපතිවරයා පැවසීය.
ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුමේ දේශපාලනික ස්වභාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය අනුකම්පාව දිනා ගැනීම සඳහා විවිධ රටවල් ගෙන යන ක්‍රියාකලාපයද මෙහිදී අනාවරණය කළේය.
වර්තමානයේ ජාත්‍යන්තර යුද ගැටුම් ඇතැම් මාධ්‍ය ඔස්සේ මහජන කතිකාවතක් දක්වා විකාශනය වී ඇති බවත් එමඟින් ලෝක මහජන ආරක්ෂාවට අනිසි අන්දමින් බලපෑම් එල්ලවිය හැකි බවත් සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාම්ප්‍රදායික ආරක්ෂක යුද ක්‍රමවේදවලින් ඉවත්ව ගෙන යන මෙම යුද ගැටුම් ස්වභාවය අනාගත මානව වර්ගයාට බලපෑ හැකි අන්දම පිළිබඳ අධ්‍යනය කළ යුතු බවද සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය ඒකකය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
