ත්‍රිකුණාමලය බුදු පිළිම ගැලවීම සහ මහා සංඝරත්නයට හිංසා කිරීම: ආණ්ඩුව සියදිවි නසා ගැනීමේ උත්සාහයක් - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත "දෙමළ ඩයස්පෝරාවට යටත්වන වර්තමාන ආණ්ඩුව යටතේ බෙදුම්වාදී මාර්ග සිතියම" නම්වූ ප්‍රකාශනයක් ලංකා ලීඩර් වෙත එවා ඇත. එම ප්‍රකාශනයෙන් උපුටා දැක්වීමක් උක්ත ශීර්ෂය යටතේ මෙසේ දැක්විය හැක.
"ඊට අමතරව උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් සිය ගණනක් කෝවිල් ඉදිකර ඇති තත්ත්වයක් යටතේ ත්‍රිකුණාමලය ඓතිහාසික සම්බෝධී විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට එරෙහිව පොලිසිය සහ වෙරළ සංරක්ෂණ නිලධාරීන් විසින් ගනුලැබූ ක්‍රියාමාර්ග සහ ඊට අනුබල හා උපදෙස් දුන්බව කියන ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය මගින් ආණ්ඩුව විසින් මහා සංඝරත්නය ප්‍රමුඛ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවට දීර්ඝ කාලීනව පවතින සිත් වේදනාවක් උරුමකර දී ඇත. ඊට හේතුව එම ආදර්ශය මගින් අනාගතයේ දී උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන වලට සිදුවිය හැකි දේ පිළිබඳව අවබෝධයක් ලැබීමය.
එහිදී සාමය කඩවීමක් පිළිබඳව කිසිඳු පැමිණිල්ලක් නොමැතිව එම විහාරස්ථානයට කඩාවැදුනු පොලිස් නිලධාරීන් භික්ෂූන් වහන්සේලාට පහර දෙමින් බුදුපිළිම වහන්සේ පැහැරගෙන යාම වැනි මුග්ධ ක්‍රියාවක් කිරීම දේශපාලන අනුග්‍රහයකින් තොරව නිලධාරීන් ධෛර්යය මත සිදුවූ ක්‍රියාවක් නොවන ශ්‍රී ලංකාවේ කුඩා ළමයෙකුට වුවද තේරුම්ගත හැක. පොලිස් නිලධාරීීන්ගේ එම නීති විරෝධී සහ විනය විරෝධී හැසිරීම පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් පොලිස් කොමිසමට පැමිණිල්ලක් කළ ද ලිපිය ලැබුනු බව දැන්වීම හැර ඊට අදාළව කිසිඳු පරීක්ෂණයක් සිදුකිරීමට කොමිසම විසින් කටයුතු කර නැත.
එම ක්‍රියාවලියට පසුව අභියාචනාධිකරණයේ විභාග වූ නඩුවක් මගින් සාකච්ඡාකර සමතයකට පත්කිරීමට එකඟවී ඇති තත්ත්වයක් යටතේ පවා අධිකරණය නොමග යැවීමට උත්සාහ කරමින් පොලිසිය සහ වෙරළ සංරක්ෂණ නිලධාරීන් රඟදැක්වූ භූමිකාව දේශපාලනික උවමනාවකට අනුව සිදුවූ බව ඉතා පැහැදිලිය.
ඉන්පසුව අධිකරණ නියෝගය මත අත්අඩංගුවට ගනු ලැබූ බලංගොඩ කස්සප හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සතර නමක් ඇතුළු නම දෙනෙකු දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සහ බන්ධනාගාරය තුළ දී වදහිංසා පැමිණවීමට ක්‍රියාකිරීම මගින් ආණ්ඩුව ස්වේච්ඡාවෙන් විත්තිකරුවා බවට පත්වී ඇත.
ආණ්ඩුව මගින් උතුරේ ජාතිවාදී බෙදුම්වාදී බලවේග සතුටු කිරීම හෙවත් දේශපාලන වෛශ්‍යාවකගේ භූමිකාව රඟ දැක්වීමට උත්සාහ කළ ද ඒ තුළ ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැක. බෙදුම්වාදී න්‍යායපත්‍රයේ අවසන් සැතපුම පසුකිරීමට සමගාමීව ආණ්ඩුව බිඳවට්ටවා ජාත්‍යන්තර මැදිහත්වීම මත අන්තර් කාලීන පාලනයක් බිහිකිරීමේ අනතුරට අදාලව ගත්විට මේ සියලු නිශේධාත්මක ගොඩනැගීම් තුළින් ආණ්ඩුවට අවාසි සහගත සහ බෙදුම්වාදීන්ට වාසි සහගත වර්ධනය වන බව තර්කානුකූලව ඔප්පුකළ හැකිය.
ඒ අනුව අවසාන වශයෙන් ආණ්ඩුව විසින් රඟදක්වන්නේ තමාටද විනාශය කැඳවමින් රට අනතුරට පත්කිරීමේ භූමිකාවක් හෙවත් සියදිවි නසාගන්නා බෝම්බකරුවකුගේ භූමිකාව බව තේරුම් ගන්නා විට බොහෝ පමාවී තිබෙන බවට සැකයක් නැත."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..