ආණ්ඩුවේ උද්දච්චකමට නිසි ප්‍රතිචාර දක්වනවා - GMOA කියයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ආණ්ඩුව දක්වන උද්දච්ච හැසිරීමට නිසි ප්‍රතිචාර දක්වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ඊයේ (27 දා) කියා සිටියේය.
දිවයින පුරා ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම ශාඛා සංගම් නියෝජනය කරමින් වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංගම් මූලස්ථානයට අද (28 දා) රැස්වී විශේෂ මධ්‍යම කාරක සභා
රැස්වීමක් පවත්වන බවත් එහිදී සුවිශේෂී තීන්දු ගණනාවක් ගැනීමට නියමිත බවත් හෙතෙම කීවේය. පවතින ගැටලු සමග සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන්නේද එසේ නොමැති නම් සිය මට්ටමෙන් වැඩ කටයුතු කරනවාද යන්න මෙම මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
නිසි වෙලාවට තීන්දු තීරණ නොගතහොත් රටේ සෞඛ්‍ය පද්ධතිය කිසිවකුට නොදැනී විනාශ වනු ඇති බවත් නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය රැක ගැනීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වගකීමක් ඇති අතර ඒ සඳහා අනිවාර්යයෙන්ම මැදිහත් වී කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
මුරණ්ඩු උද්දච්ච ප්‍රතිපත්ති පසෙකලා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ආණ්ඩුවට ආරාධනා කරන බව ද ප්‍රායෝගික තලයේ විසඳුම් සෙවීම දෙපාර්ශ්වයේ වගකීමක් බව ද ඒ මහතා පැවසීය. රෝගී ජනතාව අපහසුතාවට පත් නොකොට නම්‍යශීලි ආකාරයෙන් සාකච්ඡා මේසයක් තුළ විසඳුම් සෙවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය වුවද රජය ඒ සඳහා එකඟ නොවන්නේ නම් ඊට පිළිතුරු දීමට සිය සංගමය සූදානම් බව ද හෙතෙම කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..