බාල ගල් අගුරු ආනයනය කිරීමෙන් රටට රුපියල් බිලියන සිය ගණනක දැවැන්ත පාඩුවක් සිදු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා හරිත සන්ධානයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
රුපියල් කොටි 30200ක දුෂිත ගල් අගුරු ටෙන්ඩර්යක් ප්‍රදානය කිරීමත් එමගින් බාල ගල් අගුරු ආනයනය කිරීම නිසා රටට බිලියන සිය ගණනක දැවැන්ත පාඩුවක් සිදු කිරීමටත් එරෙහිව ශ්‍රී ලංකා හරිත සන්ධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.
සිය මුහුණු පොතේ මේ පිළිබඳව සවිස්තරාත්මක සටහනක් තබමින් ඒ මහතා මෙසේද පවසයි,
රටම විකුණන ගල් අගුරු වංචාව පිලිබදව දෙවන වරටත් මා අල්ලස් හෝ දුෂණ කොමිසමට
රුපියල් කොටි 30200ක දුෂිත ගල් අගුරු ටෙන්ඩර්යක් ප්‍රදානය කිරීමත් එමගින් බාල ගල් අගුරු ආනයනය කිරීම නිසා රටට බිලියන සිය ගණනක දැවැන්ත පාඩුවක් සිදු කිරීමටත් එරෙහිව ශ්‍රී ලංකා හරිත සන්ධානයේ වෙනුවෙන් මා ඊයේ දිනයේ අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කලා.
Trident Chemphar නමැති සමාගමට ගල් අගුරු ටෙන්ඩරය සදහා ඉදිරිපත් වීමට අවම සුදුසුකම්වත් නොමැතිව ලංකා කොල් සමාගම සහ බලශක්ති හා විදුලි බල අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් එකී සුදුසුකම් ඉතාම වංචා සහගතව වෙනස් කර ටෙන්ඩරය ප්‍රදානය කර ඇති බව එහිදී පෙන්වා දුන්නා. එහිදී අනන්‍ය කරන ලද ගල් අගුරු පවා බලතත්වයෙන් යුක්ත නිසා දිනකට අතිවිශාල පරිසර හානියක් කරමින් අළු පරිසරයට මුදා හැරිම මෙන්ම දිනකට මෙගා වොට් 100ක ජනන ධාරිතාවක් රටට අහිම වන බවද පෙන්වා දුන්නා.
පසුගිය වසරේ සැත්තැම්බර් මස ඔහු පැමිණිල්ලක් අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කලත් රජය ඒ දුෂිත ගනුදෙනුව ඉදිරියටම ගෙන ගිය බවද මෙහිදී කණගාටුවෙන් වුවද ප්‍රකාශ කල යුතුයි.
අවසානයේ සිදුවන්නේ ගල් අගුරු වංචාව මගින් අධිමිල හදිසි ඩිසල් විදුලිය මිලදි ගැනිම සදහා අමාත්‍යවරයා ක්‍රියා කිරීමයි. මේ බිලියන සිය ගණනක පාඩුව පිළිබද වගකියන්නේ කවුද?
- සංඛ චන්දිම අභයවර්ධන
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..