
ආර්ථික අර්බුදය හමුවේ රාජපක්ෂලා කළ නොකළ දේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම හෙළිකරයි
ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂවරු තිදෙනෙක් ඇතුළු කිහිපදෙනෙකු නම්කරමින් ලබාදුන් තීන්දුවට හේතුවූ කරුණු ඉතා වැදගත් බවත්, කවර හෝ රාජ්‍ය නිලධාරියෙක්, රාජ්‍ය ආයතනයක්, දේශපාලකයෙක් ජනතා පරමාධිපත්‍ය බලයෙන් තනතුරකට පත් වූ විට එම තනතුරේ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුවෙන් වැදගත් පණිවුඩයක් ලබාදී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
මෙම නඩු තීන්දුව ලබාදීමට සලකා බලා තිබුනේ ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කෙටි කාලසීමාවක දී සිදුවූ සිදුවීම් බවද ඒ මහතා සඳහන්කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(12) දින පවත්වනු ලැබූ 'අර්බුදයේ සැබෑ පීතෘවරු කවුද?' අධිකරණ තීන්දුවෙන් ඔබ්බට' විද්වත් කථිකාවට එක් වෙමිනි.
2019 දී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරයේ රැඳී සිටි කෙටි කාලසීමාවේ බරපතළ වැරදි දෙකක් සිදු කළ බවද, එනම් දෙයක් කිරීම සහ දෙයක් නොකර සිටීම යන කාරණා දෙක බවද තිරාණගම මහතා මෙහිදී පැවසීය.
බදු අඩුකිරීම මගින් කුඩා හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට, ඉදිකිරීම් ක්ෂේත්‍රයට, කෘෂිකාර්මික, ධීවර වැනි ක්ෂේත්‍රවලට මෙන්ම ආගමික ස්ථානවල ඔහු යම් දෙයක් ලබාදීමට උත්සාහ දැරූවද, එම උත්සාහය හරහා අනෙක් පැත්තෙන් රාජ්‍ය ආදායම අඩු වූ බව ද ඒ මහතා පෙන්වා දෙයි.
එම ආදායම වැඩිකර ගැනීමට කිසිවක් කිරීමට ඔහුට නොහැකි වූ බව පෙන්වා දෙන කල්‍යානන්ද තිරාණගම මහතා පවසන්නේ යමක් කිරීමේ හා කිසිවක්ම නොකර සිටීමේ ප්‍රතිපත්තිය මත අර්බුද රාශියක් නිර්මාණය වූ බවයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
