News Category
From Date
To Date
Maximum Number of Result

ලාල් කාන්ත ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය රටේ බෞද්ධ සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක්.. රජය 'රාජ්‍ය බලය' අල්ලා ගැනීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක - විමල් හෙළිකරයි..

Jan 22, 2026 at 06:30 PM
|

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ආණ්ඩුවේ බලවත් අමාත්‍යවරයකු වන ලාල් කාන්ත මහතාගේ ඊයේ (ජනවාරි 21) ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයන් රටේ බෞද්ධ සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවට පත්ව ඇති බවත්, රජය 'රාජ්‍ය බලය' අල්ලා ගැනීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක නිරතව සිටින බවත්, නොරොච්චෝලේ බලාගාරය සඳහා බාල ගල් අඟුරු ආනයනය කිරීමේ ජාවාරමක් පිටුපස රජයේ බලවත් අමාත්‍යවරයකු සිටින බවත් විමල් වීරවංශ මහතා පවසයි. 

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සදුන් බණ්ඩාර බෝධරගම මහතා සහ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් කඩුවෙල මහ නගර සභාවට තරග වැදුණු අපේක්ෂකයකු වන හිටපු නාගරික මන්ත්‍රී සෂී පෙරේරා මහතා සමඟ ඊයේ (ජනවාරි 21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම චෝදනා එල්ල කෙරුණි. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශයන් සහ නොරොච්චෝලේ බාල ගල් අඟුරු ජාවාරම පිළිබඳව පොදු ජනතාවගේ අවධානය යොමු කිරීම බව සඳහන් විය.

ලාල් කාන්තගේ ප්‍රකාශය: බුදු දහමට සහ සංඝරත්නයට අගෞරවයක්?

මාධ්‍ය සාකච්ඡාවේදී ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශයන් බරපතල ලෙස විවේචනයට ලක් විය. "ඔහු කියනවා, සිවුරද ලෝගුවද මොකක්ද කියන එක අදාල නෑ. අපිට පහර දුන්නොත් අපි පහර දෙනවා," යනුවෙන් ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළ බව සඳහන් කළ විමල් වීරවංශ මහතා, මෙය මහා සංඝරත්නයට පහර දීමට සූදානම් බවට විවෘත ප්‍රකාශයක් බව පෙන්වා දුන්නේය.

"මේ රටේ මහා සංඝරත්නය රාජ්‍යය පාලනයට ඉහලින් හිටියේ. රජු මහ සඟරුවන ඉස්සරහා දන නමස්කාර කළේ ඒ නිසා. ඒක රටේ ඓතිහාසික සම්ප්‍රදාය. දැන් ලාල් කාන්ත කියන්නේ ඒ උරුමය අදාල නෑ කියලා. මේ තමයි ජවිපෙගේ නිර්දය මනස," යනුවෙන් බෝධරගම මහතා පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ, ජවිපෙගේ 'ඩෝබි බලකාය' සමාජ මාධ්‍යවල සංඝරත්නයට අපහාස කරන බවත්, මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ඉතිහාස විරෝධී මනසක ප්‍රතිඵලයක් බවත්ය.

සෂී පෙරේරා මහතාද මෙම අදහසට එකඟ වෙමින්, "ඕනම පාලකයෙක් දැනගන්න ඕනා මේක ලංකාව. බුදුන් වහන්සේ බුදු දහම වසර 5000ක් ආරක්ෂා කිරීමේ වගකීම පවරපු පොළව මේක. මේ රටේ කවර පාලකයෙක්වත් ඒ ඓතිහාසික සම්ප්‍රදායට පිටුපෑවේ නෑ," යනුවෙන් ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශයන් රටේ සියලු දැනුවත් ගිහි පැවිදි බලවේගයන්ගෙන් ඉල්ලා සිටින බවත්, මෙවැනි 'සාහසික මනස' සහිත පාලනයක් තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩ නොදිය යුතු බවත් ඔවුහු අවධාරණය කළහ.

'රාජ්‍ය බලය' අල්ලා ගැනීමේ කුමන්ත්‍රණය?

ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශයන්හි දෙවැනි කොටස වූ "අපට තියෙන්නේ ආණ්ඩු බලය. අපට රාජ්‍ය බලය නැහැ. අපි දැන් ඒ රාජ්‍ය බලය දිනවා ගැනීමේ අරගලයේ නිරත වෙලා ඉන්නේ," යනුවෙන් කළ බව සඳහන් කළ බෝධරගම මහතා, මෙය බලහත්කාරී ඒකාධිපති පාලනයක් නිර්මාණය කිරීමේ සංඥාවක් බව පෙන්වා දුන්නේය.

"රාජ්‍ය බලය කියන්නේ හමුදාව, පොලීසිය, අධිකරණය, රාජ්‍ය පරිපාලන සේවය තමන්ගේ පාක්ෂිකයන්ගෙන් පුරවන එක. විගණකාධිපති පුටුව හිස්ව තියාගෙන තමන්ගේ ගොට්ටෙක් දාගන්න කුමන්ත්‍රණ කරන්නේ රාජ්‍ය බලය අල්ලගන්න. නීතිපතිවරයාට විරුද්ධව ව්‍යාජ විරෝධතා නිර්මාණය කරලා එලවන්න හදන්නේ ඒකට," යනුවෙන් ඔහු චෝදනා කළේය. මෙය ජවිපෙගේ 'ජෙපිකරණය' ක්‍රියාවලියක් බවත්, මෙම භයානක අන්තය වළක්වා ගැනීමට සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

නොරොච්චෝලේ බාල ගල් අඟුරු ජාවාරම: නව තොරතුරු අනාවරණය

මාධ්‍ය සාකච්ඡාවේ දෙවැනි ප්‍රධාන මාතෘකාව වූයේ නොරොච්චෝලේ බලාගාරය සඳහා බාල ගල් අඟුරු ආනයනය කිරීමේ ජාවාරමයි. මෙම ජාවාරම පිටුපස රජයේ බලවත් අමාත්‍යවරයකු සිටින බවත්, ඔහු චීනය සහ පකිස්තානය බලා ගොස් පූර්ව සාකච්ඡා පවත්වා ඇති බවත් විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.

"මේ අමාත්‍යවරයා චීනයෙන් පකිස්තානය ගියා. ඒ හරහා බාල ගල් අඟුරු ගණුදෙනුවට ඕන කරන සාකච්ඡා සිද්ධ කළා. ඒ අනුව ටෙන්ඩර් කොන්දේසි වෙනස් කළා. කලින් මෙට්‍රික් ටොන් මිලියන 1ක් සපයා තිබීමේ කොන්දේසිය ලක්ෂයට බැස්සුවා. මේක මේ සමාගමට පාර කපලා දෙන්න," යනුවෙන් ඔහු පැවසීය. මෙම බාල ගල් අඟුරු දකුණු අප්‍රිකාවෙන් ගෙන ඉන්දියානු සමාගමක වේශයෙන් රටට ගෙන ඒමේ තක්කඩිකමක් බවත්, මෙය 'පැලවත්තේ අරමුදල තර කිරීමේ ගේම් එකක්' බවත් ඔහු චෝදනා කළේය.

තවදුරටත්, රටේ රසායනාගාරයෙන් දුන් වාර්තා ප්‍රතික්ෂේප කරමින් විදෙස් රසායනාගාරවලින් වාර්තා ගෙන ආනයනය කිරීමට උත්සාහ කරන බවත්, මෙය බලාගාරයේ යන්ත්‍ර කැඩීමට හේතු වන බවත්, ඒ අලාභය විදුලි බිලට පැටවෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. "එදා චීන කාබනික පොහොර නැවේදී මෙහේ ලැබ් රිපෝට් අනුව හරවා ඇරියා. දැන් මේගොල්ලෝ මෙහේ ලැබ් රිපෝට් පිළිගන්න බෑ කියලා කියනවා. මේක ඩීල් එක දාලා තියෙන්නේ," යනුවෙන් ඔහු සඳහන් කළේය. මෙම ගණුදෙනුවට අදාළ ලේඛන සියල්ල තමන් සතුව ඇති බවත්, ගල් අඟුරුවල උෂ්ණත්වය අඩු බවත් ඔහු අනාවරණය කළේය.

විදුලි පාරිභෝගිකයන්ට අනතුරු අඟවමින්, "මේ හොරකමේ බර වැටෙන්නේ ඔබට. නොරොච්චෝලේ කැඩුනම ඒකේ වියදම ඔබේ බිලට එනවා," යනුවෙන් ඔහු පැවසීය.

පරන්තන් කර්මාන්තශාලාව: 'වැටගැහීමේ උත්සවයක්' පමණි?

අනෙකුත් කරුණු අතර, පරන්තන්හි 'කෝස්ටික් සෝඩා' සහ 'ක්ලෝරින්' කර්මාන්තශාලාවේ ආරම්භක උත්සවය බරපතල ලෙස විවේචනයට ලක් විය. "මේක වැටගැහීමේ උත්සවය. මුල් ගල් තියෙන උත්සවයක් කරා. කාවද අන්දන්නේ? ලැජ්ජ නැද්ද? ලොකු වැඩ නැහැනේ කරන්න. පෙන්නන්න මුකුත් නැහැනේ," යනුවෙන් විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, තමන් කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී මෙම ඉඩම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවූ බවත්, සමාගම් 11-12ක් ඉදිරිපත් වූ බවත්ය. නමුත් තමන් ඉවත් වීමෙන් පසු ඉඩම නොමිලේ BOI යටතේ දුන් බවත්, වැට ගැහීමට මිලියන 200ක් වැය වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙය රජයේ 'පොඩි දේවල්' පෙන්වා ලකුණු දාගැනීමේ උත්සාහයක් බව ඔහු චෝදනා කළේය.

මෙහිදී විමල් වීරවංශ මහතා සිදුකළ අනාවරණය සම්පූර්ණමෙන්ම මෙසේය.

"සුභ උදෑසනක් මාධ්‍යවේදී සියලුදෙනාට. අද මා සමඟ මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවා ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකාම් සදුන් බණ්ඩාර බෝධරගම සහෝදරයා.  ඒ වගේම අපේ ප්‍රාදේශය සභා මන්ත්‍රී ඒ වගේම ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් කඩුවෙල මහානගර සභාවට තරඟ වැදුණු අපේක්ෂක සෂී පෙරරා සහෝදරයා හිටපු නාගරික මන්ත්‍රී. දැන් මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න අපි කල්පනා කළේ ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව පොදු ජනතාවගේ අවධානය යොමු කරන්න. 

ඔබ කවුරුත් දන්නවා ඊයේ ලාල් කාන්ත අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ඵල කරපු කතාව මොන විදියේ කතාවක්ද කියලා. මම හිතන්නේ ඔබ අවබෝධයක ඉන්නවා. ඔහු එම කතාවේදී කියනවා, ඉතාමත්ම බරපතල කාරණා දෙකක්. එකක් සිවුරද ලෝගුවද මොකක්ද කියන එකක් අදාල නෑ. අපිට පහර දුන්නොත් අපි පහර දෙනවා. 

ඒ කියන්නේ මේ රටේ මහා සංඝරත්නයට පහර දෙන්න තමන් පැකිලෙන්නේ නෑ. ඒකට සූදානම් කියන එක බොහොම විවෘතව කියනවා. ඒගොල්ලොන්ගේ ඩෝබි බලකාය මහා සංඝරත්නයට අවමන් කරමින් සමාජ මාධ්‍යවල අපහාස කරමින්, වියරු  සැහැසි ප්‍රතිචාර දක්වද්දී, ලාල් කාන්ත එක අතකින් ඒක අවංකව විවෘතව ප්‍රකාශයට පත් කරනවා. 

කවුරුත් දන්නවා මේ රටේ මහා සංඝරත්නය රාජ්‍යය පාලනයට ඉහලින් හිටියේ. ඒ නිසා තමයි රජු මහ සඟරුවන ඉස්සරහා, මහ සඟරුවන වඩිනකොට තමන් අසුන් ගෙන සිටින පුටුවෙන් නැගිටින්නේ. ඒ නිසා තමයි රජු දන නමස්කාර කරලා වන්දනා කරන්නේ. ඒක තමයි රටේ ඓතිහාසික සම්ප්‍රදාය. මේ රට චිරාත් කාලයක් තිස්සේ රැකගත්තු, මේ රටට උරුම වෙච්ච වටිනා සම්ප්‍රදාය ඒක. 

දැන් මේ ලාල්කාන්ත අමතිවරයා කියන්නේ ඒ උරුමේ, ඒ සම්ප්‍රදාය අපට අදාල නැහැ. අපට විවේචනය ආවොත් අපිට ගැහුවොත් අපි ගහනවා. සිවුර ඇඳගෙන හිටියත් මොකක් කරත් අපිට අදාළ නැහැ. එතකොට මේ තමයි ජනතා විමුක්ති පෙරනේ නියම නිර්දය මනස. මේ තමයි ඕනම දේශපාලන කුඩිකමක් කරලා අත පිහෙදාගන්න තියරි එක. න්‍යාය. ඕනම පාලකයෙක් දැනගන්න ඕනා. මේ ආණ්ඩුව විතරක් නෙවෙයි. ඕනම පාලකයෙක් දැනගන්න ඕනා මේක ලංකාව. 

ලංකාවට උරුම ඓතිහාසික සම්ප්‍රදායක් තියෙනවා. ඉතිහාසගත උරුමයක් තියෙනවා. බුදුන් වහන්සේ බුදු දහම වසර 5000ක් ආරක්ෂා කිරීමේ වගකීම පවරපු පොළව මේක. ඒ උරුමය දරාගත්තු පොළොවක් ඒ වගකීම දරාගත්තු පොළොවක්. මේ රටේ කවර දක්ෂිණාංශික හෝ කවර හෝ පාලකයෙක් මේ රටේ බලයට පත් වුණත් ඒ ඓතිහාසික සම්ප්‍රදායට පිටුපෑවේ නැ. ඒ ඓතිහාසික උරුමය වරසන්න කටයුතු කළේ නැහැ. 

දැන් මේගොල්ලෝ මේ ලෑස්ති වෙලා ඉන්නේ මොකටද? මේ අහම්බෙන් හම්බවෙච්ච බලයෙන් ඔලූව  උදුම්මගෙන දැන් කටමැත දොඩවනවා. තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන වියරු චින්තනය එළියට එනවා. අපිට පහර දුන්නොත් කහ සිවුරුද කියලා අදාල අපි ගහනවා. මේක තමයි මේ වියවුරු මනස. 

මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඉතිහාස විරෝධී, අපේ සම්ප්‍රදාය විරෝධී, මේ රටේ උරුමයට පටහැනි සැහැසි මනස තමයි අද මේ ආණ්ඩුවේ ගාමක ශක්තිය බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ රටේ සියලු දැනුවත් ගිහි පැවදි සියලු ප්‍රජාතන්ත්‍රික බලවේගයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා. මෙන්න මේ සාහසික මනස තියෙන, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හතුරු සාහසික මනසක් සහිත පාලනයක් තව දුරටත් පවත්වාගෙන යන්න ඉඩදිය යුතුද, වහා එය පළවා  හැරිය යුතුද කියන ප්‍රශ්නයේ දැන් ඔබ ඔබෙන් විමසන්න. 

මේකට ඉඩ දුන්නොත් මේක භයානක අන්තයක් දක්වා ගමන් කරන එක වළක්වන්න බැහැ. ඊළඟට දෙවනුව ඔහු කියනවා. අපට තියෙන්නේ ආණ්ඩු බලය. අපට රාජ්‍ය බලය නැහැ. අපි දැන් ඒ රාජ්‍ය බලය දිනවා ගැනීමේ අරගලයේ නිරත වෙලා ඉන්නේ. ඒ මොකක්ද කියන්නේ? 

ඔබ දන්නවා, රාජ්‍ය බලය නැති හින්දා වෙන්න ඇති දැන් රාජ්‍ය බලය පූර්ණව අතට ගන්න විගණකාධිපති පුටුව හිස්ව තියාගෙන, තමන්ගේ ගොට්ටෙක්ව දාගන්න කුරුමානම් අල්ලන්නේ. ඉන්න නීතිපතිවරයාට විරුද්ධව ව්‍යාජ විරෝධතා නිර්මාණය කරලා ඒ දූරයෙන් එලවා දමන්න කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කරන්නේ රාජ්‍ය බලය අල්ලගන්න වෙන්න ඇති. 

රාජ්‍ය බලය කියලා කියන්නේ මොකක්ද? හමුදාව තමන්ගේ පාක්ෂිකයන්ගෙන් පුරවන එක. පොලීසිය තමන්ගේ පාක්ෂිකයන්ගෙන් පුරවන එක. අධිකරණය තමන්ගේ පාක්ෂිකයන්ගෙන්, ගොට්ටන්ගෙන් පුරවන එක. රාජ්‍ය පරිපාලන සේවයේ උඩ සිට යටට තමන්ගේ ගොට්ටංගෙන් පුරවන එක. ඒ වගේම බලහත්කාරී තනිපක්ෂ ඒකාධිපති පාලනය නිර්මාණය කරන එක. ඒක තමයි රාජ්‍ය බලය කියන්නේ. දැන් මේ කියන්නේ අන්න ඒ බලය කරාද? අපි අරගලේ කරගෙන යන්නේ. 

මේක තමයි ඊළඟ භයානක කතන්දරය. සිවුර අදාලා නෑ.. සිවුරෙන් ගැහුවොත් ගහනවා ඒකටත්. ලෝගුව අදාළ නෑ ඒකෙන් ගැහුවොත් ගහනවා ඒකටත්. ඇඳුම අදාළ නෑහැ. මොකා උනත් ගහනවා ගැහුවොත්.  ඒ ඕන කෙනෙකුට අනිත් පැත්තෙන් කියනවා රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ අරගලයෙයි අපි දැන් ඉන්නේ. ඒ කියන්නේ හමුදාව ජෙපි ගොට්ටන්ගෙන්, පරිපාලන සේවය ජෙපි ගොට්ටන්ගෙන්, පොලිසිය ජෙපි ගොට්ටන්ගෙන්, මේ සියලු ආයතන ජෙපිකරණය කරලා ඒ ජෙපිකරණය කිරීමේ ක්‍රියාන්විතය තමයි දැන් මේ ගත්තු ආණ්ඩුබලය පාවිච්චි කරලා නිරත වෙමින් ඉන්නේ. 

විගණකාදිවරයා පත් නොකර තමන්ගේ ගොට්ටන් දාගන්න යන්නේ දෙපිකරණය කරන්න. ඊළඟට නීතිපතිව එළවලා තමන්ට ඕන නීතිපති කෙනෙක් දාගන්න හදන්නේ ජෙපිකරණය කරන්න. උසාවිය ජෙපිකරණය කරන්න. විනිසුරන් ජෙපිකරණය කරන්න. මේක තමයි මේ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. කටයුතු කරමින් ඉන්නේ. 

ඉතින් ඒ නිසා අපි මේ රටේ සියලු, යන්තන් හරි නාඩි වැඩ කරන, මොලය කලඳක් හරි තියෙන මිනිස්සුන්ගෙන් ඉල්ලා හිටිනවා මේ ප්‍රකාශය සුළු කොට තකන්න එපා. මේක ඉතාම බිහිසුණු, ඔවුන් සතුව තිබෙන බිහිසුුණු සැහැසි මනස නිශ්චිතව එළියට ආපු අවස්ථාවක්. මේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ඒකාධිපතිත්වයට ගමන් කරන, මේ නරුම ක්‍රියාන්විතය පරාජයට පත් කිරීම සඳහා සියලු සබුද්ධික ජනතා බලවේග වහාම ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒක අපි පළමුවෙන්ම අවධාරණය කරනවා. 

ඔබ දන්නවා මේ වෙනකොට බොහෝ පාර්ශ්ව විසින් අපේ රටේ පොදු ජනතාවගේ අවධානය යොමු කළා, විශාල වශයෙන් කරුණු අනාවරණය කළා, නොරච්චෝලේ බාල ගල් අඟුරු ජාවාරම පිළිබඳව. මීට අදාළ කරුණු කීපයක් අපි කියනවා. ඒ ඒ විවිධ පාර්ශවයන් මෙතෙක් හෙළි දරව් කරලා තියෙන කරුණු නැවත පුණුරුච්චාරණය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. 

නමුත් මෙතෙක් අනාරණයෙන් නොවිච්ච වැදගත් කරුණක් දෙකක් අපි ඔබේ අවධානයට යොමු කරන්න කැමතියි. මේ බාල ගල් අගුරු ජාවාරම පිටිපස්සේ ඉන්නේ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක්. ඔහු පසුගිය දවසක චීනය බලා ගිහිල්ලා චීනයෙන් පකිස්තානය බලා ගියා. ඒ ඒ හරහා මේ බාල ගල්ගුරු ගණුදනුවට ඕන කරන පූර්ව සාකච්ඡා සිද්ධ කළා. පූර්ව සාකච්ඡා සිද්ධ කළා.  

ඒ පූර්ව සාකච්ඡාවලට අනුව තමයි, ඒ අමාත්‍යවරයාගේ ගමනින් මුණගැහුණු පාර්ශවය සමග කරපු සාකච්ඡාවට අනුව තමයි, මේ නොරොච්චල ටෙන්ඩර්යට අදාල කොන්දේසි ප්‍රමිකරණය වෙනස් කළේ. ඒ අනුව කලින් තිබුන ටෙන්ඩර් කොන්දේසිය අනුව මිලියන මෙට්‍රික්ටෝන් මිලියනයක් ගල් අඟුරු සපයලා තියෙන්න ඕනේ ඒ ඉදිරිපත් වෙන ඕනම සමාගමක්. මිලියන 1. ක් මැට්‍රක් ටොන් ගල්ගඟුරු කලින් සපයාලා තියෙන්න ඕනේ. ඒක තමයි ප්‍රධාන සුදුසුකම. 

මේගොල්ලෝ මේ කූට බාල, මේවා පාවිච්චියට ගත්තොත් නොරච්චෝලේ මෙෂින් කැඩිලා යන, ඒ බාල පරිසරය වනසන බාල ගල්අඟුරු ගේන ටෙන්ඩර්යේදී, මේ හැමදාම තිබිච්ච වගන්තිය කොන්දේසිය වෙනස් කළා.  මෙට්‍රික්ටන් මිලියන 1.0 ක් කියන කොන්දේසිය මෙට්‍රික්ටොන් ලක්ෂයට බැස්සුවා. ඇයි ඒ බැස්සුවේ? මේ අදාළ සමාගමට පාර කපලා දෙන්න. මේ සමාගමේ සුදුසුකම් වලට හරියන විදිහට ටෙන්නඩර් කොන්දේසි වෙනස් කරන්න. 

ඒ බාල ගල්ලඟුරු දකුණු අප්‍රියකාවෙන් අරගෙන ඉන්දියානු සමාගමක වේශයෙන් මේ රටට පටවන්න ඕන කරන හොරකමට තක්කඩිකමට ඕන කරන වැඩක් තමයි මේ කලේ. මේක මේ පැලවත්තේ ම ගේම් එකක්. මේක පැලවත්තේ අරමුදල තර කරන ගේම් එකක්. 

මේගොල්ලන් දැන් යන්නේ “ආණ්ඩු බලය රාජ්‍ය බලය දක්වා විහිදුවන්න” නේ ඕන. ඒකට සල්ලි ඕනේ. ඒකට මිල දීගන්න ඕනේ. ඒකට සියලු හැකියාව ඕනේ. ආන් ඒ අරමුණ පෙරදැරි කරගෙන තමයි මේ බාල ගල්අගුරු තොග ගෙනල්ලා, අද රටේ අපේ ලැබ් එකෙන් දීපු පරීක්ෂණ වාර්තා පිළිගන්නේ නෑ කියලා කියන්නේ. 

එදා චීනයේ කාබනික පොහොර නැව ආවම මෙහේ ලැබ් එකෙන් දුන්නු විසඳුම අනුව තමයි, තීරණය අනුව තමයි ඒක හරවල ඇරියේ. හැබැයි ඒ වෙලාවේ චීන සමාගම සිංගප්පූරු ලැබ් එකක් දුන්න රිපෝට් එකක් පෙන්නුවා. ඒක පිළිගත්තෙත් නැහැ. දැන් එදා ඒ ඒ තීරණය ගත්තු පුද්ගලයා අද කෘෂිකර්ම අමාත්‍යංසේ ලේකම්. ඔහුට ලැබුනා ලොකු උසස් වීමක්. ඒ චීන පොහොර නැව සම්බන්ධ රිපෝට් එක දීපු එක්කෙනා. 

එහෙම අතීතයකට හිමිකම් කියන මේ රටේ, දැන් මේගොල්ලෝ කියනවා මේ රටේ ලැබ් එකෙන් දීපු රිපෝට් එක පිළිගන්න බෑහැ කියලා. ඒ කියන්නේ මේ බාල ගල් අඟුරු,  කොහොමෙන් හරි මේක දැන් ඩීල් එක දාලා තියෙන්නේ. ‍ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා බාල ගල්ලගුරු ටික කොහොමෙන් හරි පාවිච්චියට ගන්න ඕන. ගන්න ඉන්දියාවෙන් හරි තූතු කුඩියෙන් හරි අලුත් රිපෝට් එකක්, කීයක් හරි වියදම් කරලා තමන්ට ඕන විදියට රිපෝට් එකක් ගේන්න ඕන. ඒ අනුව මේක බලලා නෑ කියලා කියන්න ඕන. කියලා මේක පාවිච්චි කරලා විදුලිය උත්පාදනය කරන්න ඕන. 

ඊට පස්සේ මෙෂින් කැඩෙනවා. ඒ අලාභයත් මේ රටේ විදුලිය පාරිභෝගිකයාගේ බිලට එනවා. ඒක ගෙවන්න වෙනවා. මේ හොරකමේ මුළු බර වැටෙන්නේ මේ රටේ විදුලිය පාරිභෝගිකයාට. මේ බාල ගල් අගුරු ඩීල් එකේ සියලු වගකීම පැටවෙන්නේ ටේ විදුලිය පාරිභෝගිකයාට. අපි ගාව තියෙනවා මීට අදාල සියලුම ලේකන. මේ  වාර්තාවල තියෙනවා, නිල ලෝඩ් “පෝට් රිපෝට්” එකේ තියෙනවා. ඒ කියන්නේ මේ මේ ගල්ගඟුරු වල ඉතාම අඩුයි උෂ්ණත්වය. ඉතා අඩු උෂ්ණත්වයක් මේ ගල් අඟුරුවල තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලියි. මේ සියලු ගනුදුනුවට අදාල ලේඛන අපි ගාව තියෙනවා. 

එතකොට මේ ඒ මේ ඒ සියල්ල අනුව පැහැදිලියි මේ හොරකම. මේ තක්කඩිකම පැටවෙන්නේ පැලවත්තේ අරමුදල තර කරන්න. මේ තක්කඩිකම දුවන්නේ මේ රටේ විදුලිය පාරිභෝගිකයා මත. නොරොච්චලේ කැඩුනම ඒකේ බර පටවන්න බලාගෙන තමයි මේ තක්කඩි හොරකම සිදු කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ රටේ යහපාලනයක් ගැන ගුණාත්මක දේශපාලන සංස්කෘතියක් ගැන මහා ලොරි ටෝක් වචන තොගපිටින් වපුරලා බලය අරගෙන, අද ඒ බලය “රාජ්‍ය බලය දක්වා විහිදුවන්න” කුමන්ත්‍රනකාරී මෙහෙමක නිරත වෙලා ඉන්න ගමන් මේ රටේ මහාජනතාවට ඉතාම සංවේදීව බලපාන විදුලිය බිලටත් තව බර පටවන විදියේ හොර ගණුදෙනු තමයි අද මේ සිදු වෙමින් පවතින්නේ. 

ඒ නිසා අපි මේ රටේ විදුලිය පාරිභෝගික ජනතාවට කියනවා, මේ හොරකමේ බර මේ ගල් අඟුරු පාවිච්චි කරලා නොරච්චෝලේ දිවෙව්වොත් කැඩෙන නොරෙච්චෝලේ ප්‍රතිසංස්කරණය ට යළි යථා තත්ත්වයට පත් කිරීමට යන වියදම ඒ වියදමට කරගහන්න වෙනවා ඔබට. මේ අපරාධය වෙන්න ඉඩදීලා බලාගෙන හිටියොත්. 

අනිත් සුළු කරුණක් තියෙනවා ඔබට මෙතනදි කියන්න. මේක ප්‍රධාන කරුණක් නොවුනත් කියන්න ඕනේ. දැන් මම දැක්කා පහුගිය දවස්වල පරන්තන් වල “කෝස්ටික් සෝඩා” සහ “ක්ලෝරින්” කර්මාන්තශාලාවක් පටන් ගන්නවා කියලා හඳුන්නෙත්ති මැතිතුමා  ලොකු උත්සවයක් තියෙනවා. 

ඔය ත්‍රිකුණාමල වරායට දීලා තිබිච්ච ඉඩමක්. ඔය ඉඩම මම කර්මාන්ත ඇමති කාලේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා ඉල්ලුවා. අපි ජාත්‍යන්තර කැඳවීමක් කළා, විවිධ රටවල්වලින් ජාත්‍යන්තර කැඳවීමක් කළා ලංකාවේ අපේ ඛණිජ ද්‍රව්‍ය සම්බන්ධ කරගෙන, විශේෂයෙන්ම මුහුදු වෙරල ආශ්‍රිතව තියෙන සුවිශේෂී සම්පත් යොදාගෙන අගය එකතු කිරීමේ කර්මාන්ත ශාලාවක් පටන් ගන්න ඉදිරිපත් වෙන්න කියලා. 

ඒ අනුව මට මතක හැටියට විවිධ රටවල සමාගම් 12ක් හෝ 11ක් ඉදිරිපත් වුණා. ඒ අනුව අපි ඉඩම ගන්න අවශ්‍ය පියවර ගනිමින් හිටියේ.  ඒ අවස්ථාවේදී තමයි මගේ අමාත්‍ය ධූරයේන් මාව ඉවත් කරනු ලැබුවේ. පසුව මම ඉවත් වුනාට පස්සේ මේ ඉඩම ලැබුණා. මේක බී ඕ අයි එකට අරගෙන, නොමිලිම බී ඕ අයි එකට අරගෙන අක්කර 25ක් මේ පරන්තන් කෙමිකල් එකට දුන්නා. අපේ තියෙන මේ ඒ ආයතනයට දුන්නා. 

එතකොට ඒ අක්‍කර 25ට වැට ගහන්න මිලියන 200 අක පමණ මුදලක් ඕන වෙලා තිබුණා. ඒ මුදලත් මම දන්න විදිහට මම කර්මාන්ත ඇමතිකමෙන් ඉවත් කළාට පස්සේ  මම හිතන්නේ රනිල් වික්‍රම සිංහ ආණ්ඩුවේ අවසාන භාගය වනවිට ඒ මිලියන 200ත් ඒ සඳහා වෙන් වෙලා තිබුණා. 

දැන් මේ වැටගහන එක තමයි ඔය පටන් ගත්තේ. වැටගැහීමේ උත්සවය. ඒක මුල් ගල් තියෙන උත්සවයක් කරා. මම අහනේ කාවද මේ අන්දන්නේ? මේවා භික්ඛුච්චන්  නෙවෙයිද? ලැජ්ජ නැද්ද මෙහෙම අන්දන්නේ? වැටක් ගහන්න. “වැටගැසීමේ උත්සවය” කියන්න ඕනේ එක්කෝ. දැන් මේගොල්ලෝ ලොකු වැඩ නැහැනේ කරන්න. පෙන්නන්න මුකුත් නැහැනේ. අනුන් හදපු ගුවන් පාලන් විවෘත කරන්නයි. ඔය මොකක් හරි පොඩි පහේ දෙයක් කරලා... එහෙමනේ ලකුණු දාගන්න බලන්නේ. මෙතනක කිසිම කර්මංශාලාවක් හැදිල්ලක් නෑහැ. වැටගහන එකට තමයි මුල් ගලක් තිබ්බේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වයට පත්වෙන්න එපා. මේ හිනා වෙනවයි කියලා ඕට ඔහොමම හිනා වෙන්නත් අපිට බැහැ. අපේ ඉලඇට කුඩු වෙනවා. ඔහොම හිනා වෙන වැඩ කරන්න ගත්තොත්." 


සම්බන්ධිත පුවත් | Related News

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.