ජනතාව බොරු පොරොන්දු, සුළු සුළු සිල්ලර කරුණු මත පාලකයන් පත් කරගැනීමට පෙළඹීම ගැන කණගාටුයි - පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි
අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවේදී අනුශාසනාවක් පවත්වමින් පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් පවසා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තම රටට සහ සංස්කෘතියට දක්වන ලැදියාව ශ්‍රී ලංකාවේ පාලකයන්ට කදිම ආදර්ශයක් බවයි.
මෝදි අගමැතිවරයා තමන්ගේ රටට සහ රටේ දේශසීමා රැකගැනීමට දැඩි ලෙස කැපවී සිටින බවත්, එමෙන්ම ඔහු තම සංස්කෘතියට අතිශයින්ම ආදරය කරන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
ලෝකයේ ඕනෑම සීතල රටකට ගියද තම ජාතික ඇඳුම වෙනස් නොකිරීම සහ අවම වශයෙන් තම මව්භාෂාවෙන් වචනයක් හෝ ප්‍රකාශ කිරීම තුළින් ඔහු සිය ජාතියට හා භාෂාවට දක්වන ගෞරවය මනාව පැහැදිලි වන බවද උන්වහන්සේ සඳහන් කළහ.
තමන්ගේ ආගමට ඉහළින්ම ගරු කරන අතරම අනෙක් ආගම්වලටද මෝදි අගමැතිවරයා ගරු කරන බව රාහුල හිමියෝ පවසති.
මීට මාස කිහිපයකට පෙර හින්දු ආගම වෙනුවෙන් ඔහු මුහුදේ ගිලී සිදුකළ වතාවත්, රටක නායකයෙකු තම ආගම වෙනුවෙන් දක්වන කැපවීමට කදිම නිදසුනක් බව උන්වහන්සේ අවධාරණය කළහ.
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වන සහ රට පාලනය කරන සියලු දෙනා මෝදි අගමැතිවරයාගේ මෙම උදාර ආදර්ශයන් හදවතට ගත යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
ජනතාව ඇතැම් අවස්ථාවල බොරු පොරොන්දු හෝ සුළු සුළු සිල්ලර කරුණු මත පාලකයන් පත් කරගැනීමට පෙළඹීම පිළිබඳව උන්වහන්සේ සිය කණගාටුව පළ කළහ.
පාලකයන් සතු විය යුතු ගැඹුර, රට කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය පිළිබඳව ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
වත්මන් පාලකයන් රටේ භෞමික අඛණ්ඩතාව, සංස්කෘතිය, ආගම සහ ජාතිය වෙනුවෙන් ලබා දී ඇති ප්‍රමුඛතාව පිළිබඳව උන්වහන්සේ සිය අදහස් දැක්වූයේ එය අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නොවන තරමට පැහැදිලි බව පවසමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..