News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා කිමිදුම් ශූර දුලාංජන් ප්‍රනාන්දු මීළඟ ඔලිම්පික් තරඟයට සුදුසුකම් ලැබීම අභිමුව!

Dec 12, 2023 at 12:56 PM
|

මේ වන විට කිමිදුම් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් හිමිව තිබේ. 

ඒ , 24 හැවිරිදි දුලාන්ජන් ප්‍රනාන්දු මහතා පසුගිය නොවැම්බර් 3 දා සිට දෙසැම්බර් 03 වනදා දක්වා කැනඩාවේ මොන්ට්‍රියල් නුවර පැවැති "CAMO International Invitation" නම් ජාත්‍යන්තර කිමිදුම් තරඟාවලියේ මීටර් තුන පනින පෝරු (springboard) ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් තැබීමට සමත් වීමත් සමඟය.

මෙම ජයග්‍රහණය ඔහුගේ පුද්ගල ජයග්‍රහණයක් පමණක් නොව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් කිමිදුම් ක්‍රීඩා ක්ෂෙත්‍රයේ ඉහළ පිළිගැනීමක් සනිටුහන් කිරීමකි.

මෙම ජයග්‍රහණයත් සමඟ දුලාන්ජන් ලෝක ජලජ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමකට ලක්විය. එලෙසම එවැනි ජයග්‍රහණයක් ලැබූ තුන්වෙනි ශ්‍රී ලාංකිකයාද වන්නේය. 

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන දුලාන්ජන් මොන්ට්‍රියල් නුවරදි පැවැති "CAMO International Invitation" තරඟාවලියේ මීටර් තුන පනින පෝරු (springboard) ඉසව්වෙන් ලකුණු 288ක් ලබා ගැනීමට සමත් විය. එය මින් පෙර ශ්‍රී ලාංකික  කිමිදුම්කරුවෙක් විසින් එම ඉසව්වෙන් ලබාගෙන තිබූ ලකුණු 247 ජාතික වාර්තාවද බිඳ හෙලනු ලැබීය. 

මීට පෙර මෙම කිමිදුම් ඉසව්වෙන් ශ්‍රී ලාංකා වාර්තාව තබා තිබුණේ රාජකීය විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙකු වූ ජනක බියන්වල මහතායි. ඔහු 1996 සිට ශ්‍රි ලංකා වාර්තාවට හිමිකම් පෑවේය.ජනක බියන්වල මහතා 1996 දී ඇට්ලන්ටා ගිම්හාන ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් මෙම වාර්තාව තබා ඇති අතර ඔහු මෙම ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ අවසන් ශ්‍රී ලාංකික කිමිදුම්කරුවාද විය. 

දුලාංජන්ගේ විශිෂ්ට ක්‍රීඩා කෞෂල්‍ය ජාතික වාර්තාව බිඳ දැමුවා පමණක් නොව ලෝක ජලජ ශූරතාවයට සහභාගිවීමට අවශ්‍ය ලකුණු සීමාව වන ලකුණු 250ද ඉක්මවා යාමට සමත්කම් දැක්වීය. එහි ප්‍රතිඵලයක් ලෙස 2024 පෙබරවාරි මාසයේදි දෝහා හිදී පැවැත්විමට සැලසුම් කර ඇති ලෝක ජලජ ශූරතාවය සඳහා සහභාගිවීමට අවශ්‍ය පරිසාධන මට්ටම ඉක්මවා යාමටද සමත් වූයේය.

ටොරොන්ටෝහිදි ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් වන තම ප්‍රීතිය අප වෙත ප්‍රකාශ කරමින් දුලාංජන් පැවසුවේ “ඇත්තටම මට සතුටුයි. මට මෙම කිමිදුම් ඉසව්වේ ක්‍රීඩාකරන ජාත්‍යන්තර ක්‍රීඩකයන් අතර ඉහළ ස්ථානයක රැඳීමට අවශ්‍යයි. ඒ සඳහා මම ලකුණු 300-350 අතර රැඳිය යුතුයි. එවිට මට ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයන් 30 දෙනා අතරට පැමිණිය හැකියි."

 "CAMO International Invitation" ජාත්‍යන්තර කිමිදුම් තරඟාවලියට ලෝකයේ  ඉහල දක්ෂතා පෙන්වන ජාතීන්ට අයත් කිමිදුම්කරුවන් සහභාගී වේ. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ස්වීඩනය, ජර්මනිය, කැනඩාව සහ මෙක්සිකෝව නියෝජනය කරමින් මීටර් තුනේ ජලජ පුවරු ඉසව්වට  දුලාන්ජන් සමඟ ලෝකයේ සිටින දක්ෂතම ක්‍රීඩකයෝ සහභාගි විය. ඒ අනුව දුලාංජන් තියුණු තරගයකට මුහුණ දුන්නේය. ඔහුට ලෝකයේ හොඳම ක්‍රීඩකයින් 18 දෙනා අතර අටවැනි ස්ථානය අත්පත් කරගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට තරම් දක්ෂතා පෙන්වීමට හැකිවිය. 

ඒ අනුව ඔහුට එම තරඟයේ පළමු වටයේදීම ලකුණු 230 ක ආකර්ෂණීය ලකුණු සහිත කිමිදුම්කරුවකු බවට පත් වීමට හැකියාව ලැබුණි. තරඟයේ අවසන් වටයේ ක්‍රීඩා තරුවක් බවට දුලන්ජන් පත්වෙමින් ලකුණු 288ක් අත්පත් කර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා ජාතික වාර්තාව අත්පත් කරගනිමින් මෙන්ම තරඟවලියේ  ප්‍රශංසනීය හයවන ස්ථානය රඳවා ගැනීමට සමත්වෙමිනි. 

2020දී වයස අවුරුදු 20 සම්පූර්ණ වීමෙන් පසු ඕස්ට්ට්‍රේලියාවේ මෙල්බර්න් හි උසස් අධ්‍යාපනය සඳහා  ශ්‍රී ලංකාවෙන් පිටවීමට පෙර දුලාංජන් ශ්‍රී ලංකාවේ කිමිදුම් ඉසව්වේ ජාතික ශූරයා  බවට පත්ව සිටියේය.

මෙල්බර්න් හි ඩේකින් විශ්ව විද්‍යාලයහි ක්‍රීඩා විද්‍යාව හදාරන අතරතුර දුලාංජන් කිමිදුම් ඉසව්ව කෙරෙහි ඇති ඔහුගේ ආශාව නැවත පණ ගැන්වීය. විශ්ව විද්‍යාලය තුළ පවතින විශිෂ්ට පහසුකම් හේතුවෙන් වසර දෙකක් තුළ ඔහු තම විශිෂ්ටත්වය විදහා දැක්වූවා පමණක් නොව 2022 බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ අවසන් තරඟයට සහභාගි වීමට අවශ්‍ය දක්ෂතා දැක්වීමටද සමත්විය. එම ජයග්‍රහණය හේතුවෙන් දුලංජන් 2023 ජූනි 1 වනදා සිට බලපැවැත්වෙන  ලෝක ජලජ ක්‍රීඩා ශිශ්‍යත්වය දිනා ගැනීමට සමත් විය. එය 2024 වර්ෂයේ අගෝස්තු 31 වනදා දක්වා වලංගු වන්නේය. ඒ අනුව ඔහු තම දක්ෂතාවයන් අදාළ ක්‍රීඩා ශිෂ්‍යත්වය මගින් ඔප් නංවාගත් බව තහවුරු වේ. 

දුලාන්ජන්  2018 වර්ෂයේදී තම ක්‍රීඩා ජීවිතය අත්හැරීමේ සිට නැවත 2020දී මෙල්බන් නුවරදී තම දක්ෂතාවයන් නැවත ලොවට පෙන්වීම දක්වා කාලය තුළ තමා තුළ වන අධිෂ්ඨාන ශක්තිය  කැපවීමේ හැකියාව අභියෝග හමුවේ නොසැලෙන ගුණය ලොවට විදහා පෙන්වීය. දුලාංජන් ප්‍රනාන්දුගේ ඔලිම්පික් සිහිනය සාර්ථක වේවාය යන්න ලංකා ලීඩර් කාර්ය මණ්ඩලයේ පැතුමයි.

සම්බන්ධිත පුවත් | Related News

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.
මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.