News Category
From Date
To Date
Maximum Number of Result

මීලඟ රුසියානු මහා මෙහෙයුම

Dec 10, 2023 at 06:19 AM
|

මේ අවසන් වෙමින් ඇත්තේ ගෝලීය දේශපාලනයේ තවත් එක් පෙරලිකාරී සතියකි. යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව පසුගිය සතිය තෙක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියාවෙන් පිටතට ගමන් කර තිබුණේ එක් වතාවක් පමණි. ඒ ඔහු සිදුකල චීන සංචාරයයි. ඔහුගේ දෙවන විදේශ සංචාරය ලෙස ඔහු පසුගිය බදාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ එක්දින හදිසි සංචාරයක නිරත වූයේ එවැනි සංචාරයක් ගැන පුළුල් පූර්ව හෙලිකිරීමක් රහිතව ය. 

මෙම සමස්ථ සංචාරය පුරාවටම රුසියානු ගුවන් හමුදාවට අයත් SU-35S වර්ගයේ නවීන සහ බලගතු ප්‍රහාරක යානා හතරකින් රුසියානු ජනාධිපතිවරයා ගමන් ගත් යානය ආවරණය කිරීමට පියවර ගෙන තිබුණි.

අබුඩාබි අහසේ රුසියානු ධජය පවා සටහන් කරමින්, මෑත ඉතිහාසයේ රාජ්‍යයක් තවත් රාජ්‍ය නායකයෙකුට ලබාදුන් ඉහළම ගෞරවය රුසියානු ජනාධිපතිවරයාට ලබා දුන්, කලක් බටහිර කදවුරේ මැදපෙරදිග ප්‍රධාන සඟයෙකු වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සංකේතාත්මකව බටහිර බලවත්තුට කනේ පහරක් එල්ල කලේ ඔවුන් රුසියානු ජනාධිපතිවරයාට පනවා ඇති සම්බාධක හෝ වරෙන්තු මුලුමනින්ම නොසලකා හරිමින්. එහි පැය කිහිපයක් රැදී සිටි පුටින් ඊළඟට සවුදි අරාබිය වෙත ගොස් එහි නායක මොහොමඩ් බින් සල්මාන් හමුවිය. එහිදී ද ඔහුට ඉහළම පිලිගැනීමක් ලැබුණි.

ඒ සමග සිදු වූ ඊළඟ සිදුවීම වන්නේ ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි බ්‍රහස්පතින්දා මොස්කව් හී සිදුකල හදිසි සංචාරයයි. ඉරාන ජනාධිපතිවරයාටද ඉහළ පිලිගැනීමක් ලබා දුන් රුසියාව මෙහිදී ඉරානය සමග තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබූ බව පැවසේ. 

පුටින් සහ මැදපෙරදිග ප්‍රබලයන් අතර පැවති සාකච්ඡා මාලාවේදී ලෝක බලශක්ති පාලනයට, ඩොලරයේ ආධිපත්‍යයට, ගාසා අර්බූදයට සහ යුක්‍රේන යුද්ධයට අදාල වැදගත් එකඟතා කිහිපයකට එම පාර්ශව එලැබි බව කියයි. ඒවායේ බලපෑම එක් එක් ආකාරයෙන් ඉදිරියේදී ලොවටම දැකිය හැකි වනු ඇත.

බටහිර බලවතුන් විසින් සම්බාධක තොග වශයෙන් පනවා ලෝකයෙන් හුදෙකලා කල බව කී රුසියාව, ලෝකයේ සෙසු බලවතුන් සමඟ මෙසේ ප්‍රබල සන්ධාන ගොඩනගද්දී බටහිර බලවතුන් අතර ගොඩනැගෙමින් පවතින බරපතල අර්බූද කිහිපයක්ද මේ සතියේදී කරලියට පැමිණියේය. ඒ අතර ප්‍රධානතම සිදුවීම වූයේ යුක්‍රේන යුද්ධය සම්බන්දයෙන් එක්සත් ජනපද දේශපාලනය අභ්‍යන්තරයේ හටගෙන ඇති බරපතල මත ගැටුමයි.

යුක්‍රේනයට ලබා දීමට යෝජනා කල යුධ ආධාර සදහා මුදල් වෙන්කිරීමට බයිඩන් රජය එහි සෙනෙට් සභාවට කල යෝජනාව එහිදී පරාජයට පත් වූ අතර එය බයිඩන් රජයේ ප්‍රධානීන්ගේ දැඩි නොසතුටට හේතු වී තිබේ. ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සෙනෙට් සභිකයන්ට අවධාරණය කර ඇත්තේ එක්සත් ජනපදය මේ අවස්ථාවේ යුක්‍රේනය මේ ආකාරයෙන් අත්හැරීම යනු නේටෝ සංවිධානයට සෘජුවම ද්‍රෝහීවීමක් බවත්, එම තත්වය තුල තවදුරටත් ජාත්‍යන්තරයේ කිසිවෙකු එක්සත් ජනපද රජය විශ්වාස නොකරනු ඇති බවත්, එය නේටෝ සංවිධානයේ පැවැත්ම අවධානමට දමනු ඇති බවත්, යුක්‍රේනයේ ජය ගන්නා රුසියාව ඉන් නොනැවතී තවදුරටත් බටහිරට ගමන් කර පැරණි සමස්ථ සෝවියට් භූමිය අත්පත් කර ගැනීම නිසැකවම සිදු කරන බවත්, එම ආක්‍රමණය බෝල්ටික් කලාපය දක්වාම පැතිරීමකට වුවද ඉඩ ඇති බවත්ය. 

සෙනෙට් සභාව මෙම මුදල් අනුමත නොකරන්නේ නම්, කෙලින්ම රුසියාව සමඟ සටන් වැදීමට එක්සත් ජනපද හමුදාව යුක්‍රේනයට යැවීමට තම රජයට සිදුවිය හැකි බව ඔහු සෙනෙට් සභිකයන්ට අවධාරණය කර ඇත්තේ එක්තරා ආකාරයක තර්ජනාත්මක ස්වරයෙන් බව පැවසේ. එක්සත් ජනපදය යම් හෙයකින් එවැනි පියවරකට ගමන් කලහොත් එය නියත ලෙසම ඊළඟ ලෝක යුද්ධයක ආරම්භය වනු ඇති බවත්, එම යුද්ධය න්‍යෂ්ටික අවි දක්වා ගමන් කිරීමට හොඳටම ඉඩ ඇති බවත් අමුතුවෙන් කිව යුතු නොවේ.

අභ්‍යන්තර ආර්ථික අර්බුදයක සිටින එක්සත් ජනපදය දැන් මුහුණ දී ඇත්තේ 'ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී' වැනි තත්වයකට බව පැහැදිලිව පෙනේ. මෙම තත්වය ලබන වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයටද සෘජුවම බලපානු ඇත.

යුක්‍රේනයේ ඇති වී ඇති දේශපාලන අර්බුද තවදුරටත් වර්ධනය වෙමින් ඇත. යුක්‍රේනයේ පැවති රුසියානු හිතවාදී පාලනය පරාජය කිරීමට මුල් වූ මයිදාන් අරගලයේ ප්‍රධාන නායකයෙකු මෙන්ම, සෙලෙන්ස්කි ජනාධිපතිවරයාගේ ප්‍රධානතම බලකණුවක් වූ කීව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ මේ සතියේ ජර්මන් මාධ්‍යයක් හමුවේ සෘජුවම ජනාධිපති සෙලෙන්ස්කි දැඩිව විවේචනය කර තිබේ. යුක්‍රේනයටම යම් බලපෑමක් කල හැකි එරට ප්‍රබල චරිතයක් වන ඔහු සහ සෙලෙන්ස්කි අතර මතබේද මාස කිහිපයක් පැරණි වුවද කිසිදා මෙවැනි බරපතල විවේචනයක් මෙතෙක් ඔහු ප්‍රසිද්ධියේ කර තිබුණේ නැත. ඇතැම් බටහිර විචාරකයන් පවා පවසන්නේ සෙලෙන්ස්කිගේ ජනාධිපති ධූරයට වැඩි ආයුෂ නොමැති බවයි.

එසේ තම බටහිර සහ යුක්‍රේන සතුරන් අර්බුදයට පත් වෙද්දී, තමන් මීලඟ මාර්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව, රුසියානු හමුදා සාමාජිකයන්ට ජනාධිපති පදක්කම් ප්‍රදානයකට එක් වූ පුටින් ඊයේ නිල වශයෙන් නිවේදනය කලේ එය ජාත්‍යන්තර බ්‍රේකින් නිවුස් එක බවට පත් කරමිනි. එසේම යුක්‍රේන යුද්ධය එහි අරමුණු ඉටු වෙන තෙක් ඉදිරියට යන බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ.

යුක්‍රේන යුධ පිටියේ තත්වය සැලකීමේදී ලොවම අපේක්ෂාවෙන් සිටින මීලඟ රුසියානු මහා මෙහෙයුම ආසන්න දිනකදීම ඇරබෙනු ඇතැයි බොහෝ තතුදන්නෝ මත පල කරයි. මේ වන විටත් අව්ඩිව්කා සහ ඒ අවට සිදු කෙරෙන මෙහෙයුම් වලටත් වඩා ප්‍රබල රුසියානු මෙහෙයුමක් බැක්මූට් සහ සොලිඩාර් දෙසින් ඇරබී තිබේ. ඊට රුසියානු හමුදා කණ්ඩායම්වලට අමතරව පැරණි ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස් හමුදා කණ්ඩායම් මෙන්ම එදා බැක්මූට් මහ සටනට එක් වූ වැග්නර් සෙබළුන්ද දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් එක් වී තිබේ. එම මෙහෙයුම ඇතැම් විට ක්‍රෙමටොරෙස්ක්, ස්ලොව්යාන්ස්ක්, සිවාර්ස්ක්, චසිව් යාර් වැනි නගරද විනිවිද යන දැවන්ත මෙහෙයුමක් බවට පත් විය හැකි ළකුණුද මේ වන විටත් පෙනෙන්නට තිබේ. 

(විශ්ව චින්තනගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.
මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.