කබ්රාල්ගේ නඩුව ඉවරයි.. යලි නඩු පවරන්නවත් බෑ..- විජේදාස රාජපක්‍ෂ
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ තවත් සිව්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්‍ෂ මහතා විසින් අදහස් පල කරයි.
2023 දූෂණ විරෝධී පනත කෙටුම්පත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ එවකට අධිකරණ ඇමතිවරයා වූ රාජපක්‍ෂ මහතා පෙන්වා දෙන්නේ, නඩුව ඉල්ලා අස්කර ගැනීම සිදු කර ඇති ආකාරය අනුව, අල්ලස් කොමිසමට නැවත නඩු පැවරීමේ අයිතියක් අධිකරණ තීන්දුව තුළ රඳවා තබා නොමැති බවයි.
මාධ්‍ය වාර්තා කිහිපයක සඳහන් වූ පරිදි, මෙම නඩුවේදී චූදිතයන් ‘නිදොස් කොට නිදහස් කිරීමක්’ සිදු කළ නොහැකි බව ඔහු අවධාරණය කරයි.
නඩු විභාගයකින් තොරව පැමිණිල්ල විසින් පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම නිසා අධිකරණයට කළ හැක්කේ ‘නිදහස් කිරීමක්’ පමණක් බවත් ඔහු පැහැදිලි කරයි.
මෙම නඩුව ඉල්ලා අස්කරගෙන ඇත්තේ දූෂණ විරෝධී පනතේ 67 වැනි වගන්තිය යටතේ බව සඳහන් වේ. රාජපක්‍ෂ මහතා පවසන්නේ, තමන් විසින් එම වගන්තිය පනතට ඇතුළත් කළේ, ඇතැම් නඩුවලදී සාක්ෂි සොයා ගැනීමේ අපහසුතා හෝ පවතින සාක්ෂි දුර්වල වීම වැනි හේතු මත දීර්ඝ කාලයක් නඩු විභාග කර අධිකරණ කාලය නාස්ති වී අවසානයේ චූදිතයන් නිදහස් වීම වළක්වා ගැනීමට හෝ සමථයකට පත් කර ගැනීමේ ක්‍රියාවලියකට එළඹීමට ඉඩ සැලසීම සඳහා බවයි.
67 වගන්තියේ විධිවිධාන යටතේ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට නම්, චූදිතයන් යම් කොන්දේසි හතරකට හෝ වැඩි ගණනකට එකඟ විය යුතු අතර, එම එකඟතාව අධිකරණයේ වාර්තාගත කළ යුතු වේ.
එම කොන්දේසි වන්නේ:
- සිදු කළ වරදට ප්‍රසිද්ධියේ සමාව ගැනීම.
- වරද නිසා වින්දිත පාර්ශ්වයට වූ අලාභය නිශ්චිත දිනයකට පෙර ගෙවීම.
- වරද ප්‍රසිද්ධියේ පිළිගෙන අනාගතයේ එවැනි වැරදි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක් දීම.
- ඉදිරියේදී තෝරාපත් කරගනු ලබන (මැතිවරණයෙන් පත්වන) හෝ පත් කරනු ලබන රජයේ තනතුරක් දැරීමේ අයිතියක් නොමැති බව පිළිගැනීම.
කෙසේ වෙතත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධ නඩු කටයුත්තේදී 67 වගන්තිය යටතේ ඉල්ලා අස්කර ගැනීමට අදාළ කිසිදු එකඟතාවක් අධිකරණයට වාර්තා කර නොමැති බව රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.
නඩු වාර්තාවල පැහැදිලිව සඳහන් වන්නේ, චූදිතයන් කිසිදු එකඟතාවයකට එළඹී නොමැති බවත්, මුදල් ගෙවන්නේ නැති බවට ප්‍රකාශ කර ඇති බවත්ය.
අල්ලස් කොමිසම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මාස තුනක් ඇතුළත අලාබ වූ මුදල නොගෙවන්නේ නම් නැවත නඩු පවරන බවයි.
නමුත් විජේදාස රාජපක්‍ෂ මහතා සඳහන් කරන්නේ, 67 වගන්තිය යටතේ ඉල්ලා අස් කර ගන්නේ නම් පමණක්, නැවත නඩුවක් පැවරීමේ හැකියාව ලැබෙන්නේ ඒ සඳහා කොන්දේසි සපුරා ඇත්නම් පමණක් බවයි.
මේ අවස්ථාවේදී, එනම් කිසිදු එකඟතාවක් නඩු තීන්දුවට ඇතුළත් කර නොමැති බැවින්, අල්ලස් හෝ දූෂණ කොමිසමට නැවත නඩු පැවරීමට කිසිදු අයිතිවාසිකමක් එම තීන්දුව තුළ රඳවා තබා නැත.
මෙහිදී චෝදනාව වූයේ අල්ලස් ලබා ගැනීමක් නොව, රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධ දූෂණ චෝදනාවක් බවත්, පාඩුව ලෙස සඳහන් මුදල චූදිතයන් අතේ තිබෙන මුදලක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන