ආනන්දන් සුධාකරන් කුරිරු ත්‍රස්තවාදියෙකු මිස පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් පවසන ආකාරයේ “දේශපාලන සිරකරුවකු” නොවේ - අරුන් සිද්ධාර්ථ්
පුද්ගලයන් 26 දෙනෙකුගේ කුරිරු ඝාතන වලට සහ පුද්ගලයන් 64 දෙනෙකු සදාකාලික ආබාධිතයින් බවට පත්කිරීමට සෘජුව වගකිවයුතු ආනන්ද සුධාකරන් යනු දේශපාලන සිරකරුවෙකු නොවන අතර ඔහු කුරිරු ත්‍රස්තවාදියෙකු බව සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක සහ ප්‍රමුඛ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුණ් සිද්ධාර්ථ් මහතා පවසයි..
ඊයේ (22/11/2025) යාපනයේ පිහිටි සර්වජන බලය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ. “ඊයේ (21/11/2025) පාර්ලිමේන්තුවේදී අර්ජුන රාමනාදන් මහතා ආනන්ද සුධාකරන් නම් සිරකරුවාගේ නිදහස ගැන කතා කළේය. ආනන්ද සුධාකරන් දේශපාලන සිරකරුවෙකු බවත්, ඔහුගේ දරුවන් රැකබලා ගැනීමට කිසිවෙකු නොමැතිව දුක් විඳින බවත් කඳුළු සලමින් ප්‍රකාශ කළේය. එසේ ම ඔහු ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ද අර්ජුනා රාමනාදන් මහතා, රජයෙන් ඉල්ලා සිටියේය.
නමුත් ඔහු මෙම “ආනන්ද සුධාකරන්” කවුද යන්න හෝ ඔහු කළ වරද කුමක්ද යන්න සඳහන් නොකර උපායශීලීව වසන් කළේය. සමහරවිට දේශපාලනය ගැන නොදැන පාර්ලිමේන්තුවට පැමිණ ඇති නිසා මෙය ඔහු නොදැන සිටිනවාද විය හැක.
2008 වසරේ අප්‍රේල් මස 25 වන දින සවස 6:45 ට පමණ මෙම ආනන්ද සුධාකරන් (සංවිධානීය නාමය වසන්තන් නොහොත් ලෝරන්ස් ඩේවිඩ් රාජා) විසින් පිලියන්දල බස් නැවතුම්පොළේ පිටත්ව යාමට බලාපොරොත්තුවෙන් සිටි බස් රථයක තබන ලද බෝම්බයක් පුපුරවා පුද්ගලයන් 26 දෙනෙකු මරාදමන ලදී. මියගිය අය අතර වයස අවුරුදු 10 ක කුඩා පිරිමි ළමයෙකු, බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් සහ කාන්තාවන් 8 දෙනෙකු ද සිටියහ.
මෙම බෝම්බ පුපුරායාම හේතුවෙන් පුද්ගලයන් 64 දෙනෙකු ස්ථීරව ආබාධිතයන් බවට පත්විය. . අත් නැති වූවන්, පා නැති වූවන්, ඇස් නැති වූවන් ලෙස ඔවුන් අදටත් ජීවමාන මළ සිරුරු ලෙස දිවි ගෙවති.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් පසු පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග හරහා විමර්ශනය කිරීමෙන් පසු මෙම ආනන්ද සුධාකරන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම 2017 වසරේදී කොළඹ මහාධිකරණය විසින් නියම කරන ලද්දේ ඔහු සිදු කරන ලද වරද කිසිදු සාධාරණ සැකයකින් තොරව ඔප්පු වූ බැවිනි.
නිරායුධ නිර්දෝෂී ජනතාව අනුකම්පා විරහිතව ඝාතනය කළ ආනන්ද සුධාකරන් කෙසේ දේශපාලන සිරකරුවෙකු විය හැකිද යන්න පිළිබඳව අරුණ් සිද්ධාර්ථ මහතා ප්‍රශ්නය කළේය.
දේශපාලන සිරකරුවෙකු යනු තමන් සතුව ඇති දේශපාලන මතවාදය හේතුවෙන් පාලක රජයන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය නොමැතිව සටන් කිරීම හේතුවෙන් සිරගත කරන ලද අය බව ඔහු සඳහන් කළේය
උදාහරණයක් ලෙස මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, ආවුන් සැන් සූකී, මාටින් ලූතර් කිං වැනි අය දේශපාලන සිරකරුවන් බව ඔහු පැවසීය.
"දේශපාලන සිරකරුවෙකු යන වචනය සාමකාමීව දේශපාලන මතයන් ප්‍රකාශ කිරීම, විරෝධතා හෝ අධිකාරීන් විවේචනය කිරීම හේතුවෙන් සිරගත කරන ලද පුද්ගලයන් සඳහා පමණක් භාවිතා වේ."
ආනන්ද සුධාකරන් නිදහස් කිරීම හෝ දිගටම රඳවා තබා ගැනීම අධිකරණයේ. තීරණයක් වන අතර එම තීරණය කුමක් වුවද අපට එය ප්‍රශ්නයක් නොවේ. එසේ වෙතත්. මිනීමරුවන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වමින් ජනතාව මුලා නොකළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
ආනන්ද සුධාකරන්ගේ දරුවන් ගැන අපද දුක් වෙමු. පියාගේ වරදට දරුවන් දඬුවම් විඳිය. යුතු නොවේ.
නමුත් ඔබට කවදා හෝ දිනක ඔබේ පියා හමුවූ විට "ඇයි තාත්තේ මෙහෙම අපරාධයක් කළේ?" යැයි විමසන්න. මියගිය අයගේ දරුවන් කුමන පීඩාවකට පත්ව ඇත්දැයි විමසන්න. එම මොහොතේ ඔබේ පියා, "ඔව්, මම වැරදි කළෙමි, මට සමාව දෙන්න" යැයි අප වෙත නොව ඔබ වෙත සමාව අයැද තම වරද වටහා ගෙන කඳුළු බිංදු දෙකක් හෙළුවොත්, ඒ දිනයේ පමණක් ඔහු නිත්‍ය නිරයෙන් නිදහස ලබනු ඇත.
“ඒ වෙනුවට හිටපු ත්‍රස්තවාදියෙකු සහ අද වන දින පුනරුත්ථාපනය කරන ලද කොටියෙකු වන ඉන්බරාසා වැනි අය මෙන් "අපි රටට වෙනුවෙන් මිනීමැරුම් කළෙමු, වල් බිම් ඉවත් කළෙමු" යැයි කීමට පටන් ගත්තොත්, දේශපාලන සිරකරුවන් ලෙස ව්‍යාජව හඳුන්වනු ලබන සියලු දෙනාගේ නිදහස් කිරීමට අපි දැඩිව විරුද්ධ වන අතර පක්ෂයක් ලෙස ලංකාවේ ජනතාව එක්රැස් කර එයට විරුද්ධව කටයුතු කරන්නෙමු. “ යනුවෙන් අරුණ් සිද්ධාර්ථ් මහතා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්