News Category
From Date
To Date
Maximum Number of Result

වැටහිරකන්ද රක්ෂිතයට අයත් බලහරුව පරිවාර වනාන්තර වනසන වැල්ලවාය ප්‍රාදේශීය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයින් පිරිසගේ කෙරුවාව මෙන්න.. (වීඩියෝ)

Nov 22, 2025 at 06:24 AM
|

වැටහිරකන්ද රක්ෂිතයට අයත් බලහරුව පරිවාර වනාන්තර වනසන වැල්ලවාය ප්‍රාදේශීය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයින් පිරිස වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් කැලෑව එළිපෙහෙලිකර ප්‍රදේශයේ වැවකට එන ඇල මාර්ගයක් හරස්කර ඉදිකර ඇති අනීතික අමුනක් ඉවත්කරන්නට ගිය අවස්ථාවෙි, සභාපතිවරයාගේ සහෝදරයින් වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි අඩවි වන නිළධාරියාගේ රාජකාරියට බාධාකරමින් ඊට ඉඩ නොදුන් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ශ්‍රී ලංකාවේ වනඅලියන් ගමන්ගන්නා සංක්‍රමනික මාර්ග කන්ඩණය වීම හා ඒ ආශ්‍රීත සිදුවෙන මානව ක්‍රියාකාරකම් මෙරට අලි-මිනිස් ගැටුම වර්ධනයට තුඩු දි ඇති ප්‍රධාන කරුණක් බව සත්ව වේධින්ගේ අදහසයි. 

ශ්‍රී ලංකාවෙි වනාන්තර පද්ධතින් එකිනෙක හා සම්බන්ධවන, ප්‍රධාන අලි මංකඩ (Elephant Corridors) 16ක් මෙි වනවිට   හදුනාගෙන තිබෙි. එම අලි මංකඩවල් අතරින්,ලුනුගම්වෙහෙර සහ උඩවලව ජාතික වනෝද්‍යාන යා කරන වැටහිරකන්ද හා උඩවලව සිට බෝගහපට්ටිය දක්වා වනඅලි සංක්‍රමණය වෙන දහයියාගල යන අලි මංකඩවලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. නමුත් වසර ගනනාවක සිට වනඅලි ගමන්ගන්නා මෙම සාම්ප්‍රධායික සංක්‍රමනික  මාර්ග හරස් කර, ගම්වැසියන් සිදුකරන කැලැ ඉඩම් අත්පත්කර ගැනිම, වන විනාශය හා වෙනත් වානිජ්‍ය පර්මාර්ථයන් වෙනුවෙන් සිදු කරන ඉඩම් කොල්ලයන් නිසා මෙම වනඅලි මංකඩ දෙකම ඉතා සිඝ්‍රයෙන් වැනසෙමින් ඇතිබව පරිසර සංවිධාන පෙන්වා දෙති.

“ දහයියාගලත්, වැටහිරකන්දත් කියන්නේ ආරක්ෂාකල යුතුම වනඅලි සංක්‍රමනික මාර්ග දෙකක්, මෙික විනාශ උනොත්, හෝ විනාශ කලොත්, ඉන් ඒ අවට ගම්මානවල මිනිසුන්ට විදින්න වෙන හානිය ඉතාම බරපතල විය හැකියි.නමුත් මිනිසුන් දුර නොහිතා  කරන විනාශයන් නිසා අලි - මිනිස් ගැටුම,වර්ථමානයේ විසදුමක් සොයාගත නොහැකි අර්බුධයක් වෙලා තියෙනවා’’ මොණරාගල සොබා පදනම සංවිධානයේ දුලිප් ප්‍රසන්න මහතා පවසයි.

වැටහිරකන්ද සහ දහයියාගල කැලෑවල ඇති වැදගත්කම මොකක්ද ?

වැටහිරකන්ද රක්ෂිතය යනු වන වනජිවි සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත්,  හෙක්ටයාර 3229 ක විශාලත්වයකින් යුතු කැලෑවකි.මෙය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ 2002.06.07 දිනය. පානම කුඩුම්බිගල අභය භුමිය, කුමන සිට ලුනුගම්වෙහෙර වනෝද්‍යානය දක්වා පැමිනෙන වනඅලියන් උඩවලව දක්වා  ඇති වැටහිරකන්ද යන මෙම පටු වනාන්තර තිරුව හරහායි.වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පටු වනාන්තර තිරුව පෝෂණය කරන වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව සතු පරිවාර වනාන්තර රැසක් ඇති අතර, එම වනාන්තර අල්ලාගෙන විනාශකරන විවිධ පිරිස් හා කන්ඩායමි නිසා වැටහිරකන්ද කන්ද රක්ෂිතය දවසින් දවස පටුවෙමින්, විනාශවෙමින් තිබෙි.

‘‘ දැන් වසර ගනනාවක ඉඳලා වැටහිරකන්ද රක්ෂිතයට අයත්, කැලෑ ඉඩම් සහ එම රක්ෂිතය පෝෂණය කරන වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් වනාන්තර, විශාල වශයෙන් එළිවෙමින් පවතිනවා. දැනටමත් විවිධ පිරිස් අක්කර දහස් ගනනක් අල්ලගෙන වනසලයි තියෙන්නේ.දැන් දවස් ගනනකට පෙර මෙි රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වු ,බලහරුව රජයේ වනාන්තරයේ ගැමුණුපුර,දෙබරආර, කෙම්හත කියන ප්‍රදේශයේ කැලැ ඉඩම්වල තිබුන කුඹුක්, වීර, පලු, කෝන් වගේ දැවැන්ත ගස් පෙරලලා ඒවට ගිනි තියලා විනාශකරලා තිබුනා.මේ අපරාධය කාලයක් තිස්සේ කරමින් යන්නේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයගේ සහෝදරයින් සහ ඔහුගේ ඥාතින් පිරිසක් විසිනුයි. 

උඩවලව වනඅලි පර්යේෂණ මධ්‍යස්ථානයේ  වනඅලි පර්යේෂකයෙකු වන සමීර විරතුංග මහතා පෙන්වාදෙයි.

වැටහිර කන්ද රක්ෂිතය වනසන ප්‍රාදේශිය සභා සභාපතිගේ සහෝදරයෝ

වැටහිරකන්ද රක්ෂිතයට අයත් වන සංරක්ෂන දෙපාර්තමෙින්තුව සතු කැලැවන්ට ඉකුත් කාලයේ සිටම වැඩි වශයෙන් හානිකරන්නට වුයේ වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි වර්තමාන සභාපති නිහාල් වලිමුණි මහතාගේ සහෝදරයින් හා ඥාතින් බව ගමිහු කියති.සභාපතිවරයා මෙම අපරාධයන්ට සමිබන්ධයක් නැතත්, ඔහුගේ සහෝදරයින් හා ඥාතින් තම සහෝදරයාගේ දේශපාලන බලය අයුතු ලෙස ගනිමින් බලහරුව වනාන්තරය විනාශ කරමින් ඇත්තතේ වසර ගනනාවක සිට බව වන නිළධාරිහුද කියති.

බලහරුව ආනන්දපුර ප්‍රදේශයේ පදිංචි වලිමුණිගේ සරත් නොහොත් වැල්ලවාය ප්‍රාදේශීය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයා 2021.09.23 වන දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබුනේ බලහරුව කැලයෙන් අක්කර 03කට වඩා අල්ලාගෙන එහි කැලැව විනාශකිරිමෙි චෝදනාව යටතේය.

2023.02.23 දින වන සංරක්ෂණ නිළධාරින් විසින් වැටහිරකන්ද රක්ෂිතයට අයත් බලහරුව කැළය වැල්ලවාය ප්‍රාදේශිය සභාපතිවරයාගෙ තවත් සහෝදරයකු වන වලිමුණිගේ උපුල් සංජීව යන අයට අයත්,UPRS 0795 දරන ජේ.සි.බී යන්ත්‍රයෙන් එළි පෙහෙලි කරමින් සිටියදී,දිග්ගල වැල්පීල්ල ප්‍රදේශයේ පදිංචි හිටිහාමි මුදියන්සේලාගේ ප්‍රමෝද්‍ය දුලංජන නැමති සභාපතිවරයාගේ ඥාතියකු අල්ලා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබු අතර, ඔහුට අධිකරණයෙන් ඇප ලබාදි නිදහස්කරගෙන තිබුනේ, සභාපතිවරයාගේ සහෝදරයින් විසිනි.ඔහු විසින් මෙම කැලයේ අක්කර 05කට වඩා විනාශකර තිබු බව වන නිළධාරිහු පවසති.

2024.08.05 දින බලහරුව කැළයෙන් අක්කර 04ක් පමණ කපා විනාශ කිරිමෙි වරදට සභාපතිවරයාගේ තවත් සහෝදරයකු වන වලිමුණිගේ උදයසේන යන අය වන සංරක්ෂණ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම විනාශය වෙනුවෙන් සභාපතිවරයාගේ මෙකි සහෝදරයාට රුපියල් 5000කට දඩයක් හා  රුපියල් 44954ක අලාභයක් ගෙවිමට අධිකරණයෙන් නියෝගකර තිබුණි.

බලහරුව කැළයේ, කෙන්හත ප්‍රදේශයේ අක්කර 02 පමණ කැලැවක් අල්ලාගෙන විදුලිවැටක් ඉදිකිරිම හා පස් බැම්මක් සැකසිම සමිබන්ධයෙන් බලහරුව, ආනන්දපුර ප්‍රදේශයේ පදිංචි වලිමුනිගේ උදාර මධුශංක යන අය, වන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුනුවා තිබුනේ 2024.10.25 දාය.ඔහුද වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි සභාපති වරයාගේ සහොදරයකු බව හෙළිවිය.

2025.07.18 දින වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් බලහරුව වනයෙන් අක්කර 03ක පමණ ප්‍රදේශයක් නීති විරෝධි ආකාරයෙන් හෙළිකිරිම සම්බන්ධයෙන් ලුනුගම්වෙහෙර දකුණ ප්‍රදේශයේ ප්‍රසංග අනුරාද් ගමගේ නැමති පුද්ගලයකු වැල්ලවාය අඩවි වන කාර්යාලයෙන් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් පසුව රුපියල් 5000ක දඩයක් හා එක්ලක්ෂ හැටදෙදහස් හයසිය පනහක දඩයක් අධිකරණයෙන් නියමකර තිබු අතර,එවරද එම පුද්ගලයාට ඇප දී බෙිරාගෙන ගොස් තිබුනේ වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයකු වන වලිමුණිගේ උදයසේන නැමැත්තෙකි.

ඉන් පසුව 2025.08.19 දිනයේද, බලහරුව කැළයේ කෙන්හත ප්‍රදේශයේ කැලෑ ඉඩම් හෙලිකල සිව් දෙනෙකු වන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබු අතර ඔවුන් සියලු දෙනාද පෙර කි සභාපතිවරයාගේ ඥාතින් බව පසුව අනාවරණය විය.

එමෙන්ම 2025.08.20 දින වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයින් සහ ඥාතින් පිරිසක් වැටහිර කන්ද රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වන බලහරුව කෙන්හත ප්‍රදේශයේ ඩෝසර් යොදා කැලෑ එළිකරන බවට ලද තොරතුරක් මත, වන නිළධාරින් විසින් වැටලිමක් සිදුකර තිබු අතර, එහිදි සැකකරුවන් වන නිළධාරින්ගෙන් මිදි පළාගොස් තිබුනි.වන නිළධාරින් පවසන්නේ පලාගිය සැකකරුවන් එවර කෙන්හත ප්‍රදේශයේ කැලැ අක්කර 30 කට ආසන්න ප්‍රමාණයක් විනාශකර තිබු බවයි.මේ සමිබන්ධයෙන් වන නිළධාරින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබුණි.

මේ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බලහරුව කැළයේ අනවසරයෙන් ඩෝසර් යොදා ඇල මාර්ගයක් හරස්කර ඇලක් කපන බවට ලද තොරතුරකට අනුව වැල්ලවාය අඩවි වන කාර්යාලයේ නිළධාරින් ඉකුත් අගොස්තු මස 21 දින වැටලිමක් සිදුකර තිබු අතර, එහිදි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි. එම සැකකරු වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයකු වන, බලහරුව, ආනන්දපුර ප්‍රදේශයේ පදිංචි වලිමුණිගේ උදයසේන යන අය බව අනාවරණය විය.

මේ කාරනා අනුව වැටහිරකන්ද රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වන බලහරුව රක්ෂිතයට වැඩි හානියක් හා බලපෑමක් එල්ලවි ඇත්තේ වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් බව ඉතා පැහැදිලිය. 

සම්බන්ධිත පුවත් | Related News

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.