උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍යයි - ජනපති අනුර කියයි
දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්විණ.
පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, උතුරු සහ නැඟෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවයි. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
උතුරු සහ නැඟෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසඳුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඕනෑම ව්‍යාපෘතියකට තම පක්ෂයේ නොමඳ සහාය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙහිදී සඳහන් කළහ.
එසේම, ජාතිවාදයට එරෙහිව ආණ්ඩුව ගන්නා ඕනෑම තීරණයකට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය දැක්වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසුවේය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සී.වී.කේ. සිවඥානම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. රාසමානික්කම්, පී. සත්‍යලිංගම්, ජී. ශ්‍රී නේෂන්, එස්. ශ්‍රී ධරන්, ටී. රවිහරන්, කේ. කෝඩීෂ්වරන්, කේ. එස්. කුගදාසන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුද, ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්