රටේ ස්ථාවර බව බිඳවැටුනේ කොහොම ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කරයි
රාජ්‍යයේ ස්ථාවරත්වය බිඳවැටී ඇත්තේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අදිකරණය ප්‍රමුඛ පද්ධතිය මෙන්ම රටේ පොදු ජනතාවගේ ක්‍රියාකාරීත්වය ද දුර්වල වීම නිසා බවත්, එම තත්ත්වය තුළ අර්බුද රැසක් පැන නැගී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පොදු ජනතාව, සමාජ කණ්ඩායම් මෙන්ම ජනමාධ්‍ය පවා මෙම තත්ත්වය තුළ කඩාවැටී ඇති බවද, රාජ්‍ය ස්ථාවර කිරීමට නම් මෙම සමස්ත පද්ධතියම ස්ථාවර කළ යුතු බවද ඒ මහතා පවසයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රූපවාහිනී සංවාදයකට එක් වෙමිනි.
රාජ්‍යක් ලෙස ඓතිහාසිකව ද ස්ථාවර පැවැත්මක් තිබූ රටක මෙම සමස්ත පද්ධතිය යළි ප්‍රතිනාර්මාණය කළ හැකි බව ද, අද රටේ ආර්ථිකය හා කර්මාන්ත පද්ධතිය බිඳවැටීමට විධායකය සෘජුවම වගකිව යුතු බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
නිදහසෙන් පසු 1946 දී විද්‍යාලංකාර ප්‍රකාශය නමින් අනගාරික ධර්මපාල මැතිතුමාගේ අභාවයෙන් පසු විද්වතුන් එක් වී යම් ක්‍රියාවලියක් ආරම්භ කළ බවත්, එම ක්‍රියාවලිය උච්ච ස්ථානයකට පත්වූයේ බණ්ඩාරනායක මහතාට බලයට පත්කිරීමෙන් බවත් ඒ මහතා පවසයි.
එහෙත් බෞද්ධ බලවේගවල නැගිටීම වැළැක්වීමට එදා සිටම අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග බලපෑම් එල්ලකළ බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ අධ්‍යාපන පද්ධතිිය විනාශකර දැමීමට ඔවුන්ගේ මැදිහත් වීම බලපෑ බවද, 1977 දී ජේ.ආර්. ජයවර්ධන විසින් විශිෂ්ඨ රාජ්‍ය සේවයක් පැවති රටේ රාජ්‍ය සේවකයා කෑදර මිනිසෙකු බවට පත්කරමින් රාජ්‍ය සේවය ද විනාශ කළ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..