ගොවීන්ට කිසිම සහනයක් නොදුන් මුට්ටකාසි අයවැයක්..- ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
ජනාධිපතිරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය මගින් වෙනත් බොහෝ ක්ෂේත්‍රවලට සහන ලබාදීමට උත්සාහ කළත් නිෂ්පාදන අර්ථිකයට ඍජුවම දායකත්වය ලබාදෙන, ගොවීන්ට සහන ලබානොදුන් මුට්ටකාසි පන්නයේ අයවැයක් බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ 2026 වර්ෂයේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙවර අයවැයේදී වතු වැවිලි ක්ෂේත්‍රය පිළිබදව වැඩි අවධානයක් යොමු කර තිබුණ ද කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කෘෂි රසායනික මිල, කෘෂි මෙවලම් සහ යෙදවුම්වල බදු අඩුකර ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති බව අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැය ලේඛනය මගින් මහා වාරිමාර්ග හා සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට මුදල් වෙන් කළ ද පසුගිය මහ සහ යල කන්නවල දිගින් දිගටම පැවති අධික වර්ෂාව හේතුවෙන් ඒවායේ වැඩ අවසන් කිරීමට නොහැකි වූ බවත් ඉන් ඉතිරි වූ මුදල්වලින් සියයට හතළිස්පහක් පමණ ප්‍රමාණයක් මේ වසර අවසන් වන විට නැවත මහා භාණ්ඩාගාරය වෙත ලැබීමට නියමිත බවත් එම මුදල් සහ නව අය – වැයට එකතු කොට වාරිමාර්ග සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට යෝජනා කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුව විසින් බඩඉරිඟු, ලොකු ලූනු සහ අර්තාපල් ආනයනයට අවසර දීම නිසා සිය අස්වනු විකුණාගත නොහැකිව කබලෙන් ළිපට වැටී සිටින අල – ලූනු සහ බඩඉරිඟු නිෂ්පාදනය කරන ගොවීන්ගේ ප්‍රශ්න ටික එසේම තිබියදී මෙවර අයවැයෙන් ගොවීන්ට කිසදු සහනයක් ලබා දී නොමැති බවත් අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
වෙනත් වසරවල ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට වඩා මෙවර අයවැයෙන් වෙනත් බොහෝ ක්ෂේත්‍රවලට සහන ලබාදීමේ සාධනීය ලක්ෂණ පෙන්නුම් කළද ගොවීන්ට සහන ලබාදීමට උත්සාහයක් නොගැනීම පිළිබඳව තම කනගාටුව පළ කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්