
රාජ්‍ය ආයතනවල සියලු ආකෘති පත්‍ර පිරවීම අන්තර්ජාලයෙන්
ජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත ගොස් ආකෘති පත්‍ර හෝ පෝරම (Forms) සම්පූර්ණ කර ලබා ගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කර ගත හැකි ඩිජිටල් විසඳුමක්, “ඩිජිටල් රාජ්‍ය පෝරම” (Digital Government Forms) නමින් හඳුන්වා දී තිබේ.
පරිගණක, ජංගම දුරකථන, ටැබ් ආදී උපාංගයක් ඔස්සේ, ඕනෑම තැනක සිට ප්‍රවේශ වෙමින් ජනතාවට මෙම සේවාව ලබා ගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙම ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම නියමු ව්‍යාපෘතියක් වශයෙන් රාජ්‍ය ආයතන නවයක් කේන්ද්‍ර කර ගනිමින් 2022 වසරේ දී සාර්ථකව දියත් කරන ලදී.
සාම්ප්‍රදායික ලෙස රජයේ කාර්යාල වෙත පැමිණ ආකෘති පත්‍ර ලබා ගැනීම, ඒවා පුරවා ආපසු භාර දීම ආදිය මෙමඟින් මුළුමනින් ම පාහේ නතර වීම ජනතාවටත්, රාජ්‍ය අංශයටත් වාසි රැසක් අත් කර දෙයි.
ජනතාවට කාර්යාල වෙත නො පැමිණ නිවසේ සිට ම සේවාවන් ලබා ගැනීමට හැකි වීම නිසා කාලය මෙන් ම මුදල් ද ඉතිරි වේ. පුරවැසි කේන්ද්‍රීය සේවාවක් ලෙස රාජ්‍ය අංශයේ සේවාවන් ඉතා කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් ජනතාවට ලබා දීමට මෙමඟින් හැකියාව ලැබේ. පුරවැසි දත්තවල සුරක්ෂිත බව තහවුරු වීම, පෞද්ගලික දත්ත නිරාවරණය නොවීම මෙන් ම සේවා සැපයීමේ දී දත්ත වෙත කඩිනමින් යොමු වීමේ පහසුව ද මේ ඔස්සේ හිමි වේ.
කඩදාසි භාවිතයෙන් තොර වීම නිසා පරිසර හිතකාමී රාජ්‍ය සේවාවකට ද මඟ පෑදෙන අතර කඩදාසි ලේඛන කළමනාකරණ, නඩත්තු කිරීමේ, ආරක්ෂා කිරීමේ සහ ගබඩා බරින් ද රාජ්‍ය සේවා නිදහස් වේ. පුරවැසියන්ගේ අවශ්‍ය තොරතුරු ඍජු ලෙස ඔවුන් වෙතින් ම ලබා ගත හැකි වීම මඟින් එහි විශ්වසනීයත්වය තහවුරු වීම ද මෙයින් ඇති වාසියකි.
තව ද 2025 වසර අවසන් වන විට පුරවැසියන්ගෙන් අවම වශයෙන් 25%ක් රාජ්‍ය සේවා සඳහා අන්තර්ජාලය හරහා ආකෘති පත්‍ර ඉදිරිපත් කරනු ඇතැයි ද එම පුරවැසියන්ගෙන් 75%ක් පමණ මෙම ඩිජිටල් විසඳුම පිළිබඳව තෘප්තිමත් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
පුරවැසි සේවාවන් කාර්යක්ෂමව සහ ඵලදායීව ලබා දීම වඩාත් අර්ථවත් කිරීමේ අරමුණෙන්, ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මෙරට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි බව ICTA වැඩිදුරටත් සඳහන් කරයි.
ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම පිළිබඳ වැඩි විස්තර forms.gov.lk වෙත පිවිසීමෙන් දැන ගත හැකියි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
