ඉරාකයේ සහ ක්‍රිමියාවේ සිදුවීම් අමතක කරමින් බටහිර මාධ්‍ය පක්ෂග්‍රාහීව කරන පුවත් පල කිරීම් කොළඹ රුසියානු තානාපති කාර්යාලය හෙලා දකියි..

කොළඹ රුසියානු තානාපති කාර්යාලය විදේශීය පුවත් සේවා වල සාවද්‍ය තොරතුරු පසුගියදා ප්‍රචාරය කළ ලිපියක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
රුසියානු තානාපති කාර්යාලය එම ලිපිය "ඒකපාර්ශ්වික" කරුණු දැක්වීමක් ලෙස ප්‍රකාශ කර ඇති අතර බටහිර ජාතීන්ගේ ඓතිහාසික වාර්තා පරීක්ෂාවට ලක් කරන ලෙස ලිපිය පල කළ පුවත් පතට අභියෝග කරනු ලබයි.
පසුගිය 22 වනදා නිකුත් කරන ලද තොරතුරු මත පදනම්ව සුලෝචනා රාමියා මොහාන් විසින් රචිත "ලිතුවේනියාවේ ඩෙල්ෆි විදේශ සාවද්‍ය තොරතුරු සමඟ සටන් කරන්නේ කෙසේද" යන මාතෘකාවෙන් යුත් "සිලෝන් ටුඩේ" පුවත් පතේ ඔක්තෝබර් 26 වන දින පලවූ ලිපියට සෘජු ප්‍රතිචාරයක් ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස පවසා සිටියි.
රුසියාව සහ බෙලරුස් කෙරෙහි ලිපිය දක්වන පටු අවධානය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය මගින් විවේචනය කළ අතර, බටහිර බලවතුන් විසින් මෙහෙයවනු ලබන මතභේදාත්මක ක්‍රියාවන්ට සමාන කරුණු පරීක්ෂා කිරීමේ උත්සාහයන් අදාළ නොවන්නේ මන්දැයි ප්‍රශ්න කළේය. එලෙසම සමස්ථ ලෝකයේම ප්‍රසිද්ධ සිදුවීම් ලැයිස්තුවක්ද නිවේදනය මගින් ඉදිරිපත් කළේය, ඒවා අතර:
1) 2003 වර්ෂයේදි කළ එක්සත් ජනපද ඉරාක ආක්‍රමණය: සමූල ඝාතක අවි පිළිබඳ "ව්‍යාජ තොරතුරු මගින් කුපිත කරන ලද" තත්වයක් මත මෙම ආක්‍රමණය සිදු වූ බව අනාවරණය වී තිබේ.
2) හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆි ත්‍රස්තවාදියෙකු ලෙස ලේබල් කිරීම: එසේ නම් කිරීමට සඳහා සාක්ෂි ඉල්ලා සිටියේ නැත.
3)ජනාධිපති බැරැක් ඔබාමාගේ නියෝගයෙන් 2014 දී සිරියාවට එල්ල කළ එක්සත් ජනපද ගුවන් ප්‍රහාර.
4) න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමේ ඉරානයේ සාමාජිකත්වය නොතකා, ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර.
ලිපියේ සැලකිය යුතු කොටසක් වෙන්වී ඇත්තේ 2014 දී රුසියාව විසින් ක්‍රිමියාව ඒකාබද්ධ කිරීම ආරක්ෂා කිරීම සඳහා වන නමුදු "ඇඳා ගැනීම" යන යෙදුමට ලිපිය දැඩි ලෙස විරෝධය දක්වන බව එම නිවේදනය මගින් ශ්‍රී ලංකාවේ රුසියනු තානාපති කාර්යාලය පවසා සිටියි.
"2014 මාර්තු 16 වන දින කලාපයේ ජීවත් වූ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් (96.8%) සමස්ත ක්‍රිමියානු ජනමත විචාරණයේදී රුසියාවට නැවත එක්වීමට පක්ෂව ඡන්දය දුන්හ" යනුවෙන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය මගින් ප්‍රකාශ කර තිබේ. මෙම සිදුවීම ස්වයං නිර්ණය පිළිබඳ නීත්‍යානුකූල අභ්‍යාසයක් ලෙස නිවේදනය අවධාරණය කරයි. කෙසේ වුවද සිලෝන් ටුඩේ පුවත් පතේ පලවූ ලිපිය 2008 දී කොසෝවෝ විසින් නිදහස ප්‍රකාශයට පත් කිරීම සමඟ සසඳන අතර, ක්‍රිමියාවේ මෙන් ජනමත විචාරණයක් නොපැවැත්වූ බව ලිපියේ සඳහන් නොවන බවද එම නිවේදනය අවධාරණය කරයි.
යුක්රේනයේ සිදුවන ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වන නිවේදනය බටහිර නායකයින් සාම උත්සාහයන් කඩාකප්පල් කරන බවට චෝදනා කරයි. මින්ස්ක් ගිවිසුම් සම්බන්ධයෙන් හිටපු නායකයින් වන ෆ්‍රැන්කොයිස් හොලන්ඩ් සහ ඇන්ජෙලා මර්කල් විසින් මෑතකදී කරන ලද පිළිගැනීම් උපුටා දක්වමින් කරුණු දක්වන නිවේදනය එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන් "2022 ඉස්තාන්බුල් සාම ක්‍රියාවලිය කඩාකප්පල් කළ" බවට චෝදනා කරයි.
අවසාන වශයෙන්, ඒකාධිකාරී සහ විශ්වාස කළ නොහැකි මූලාශ්‍රයක් ලෙස ලිතුවේනියානු ඒජන්සියක් වන ඩෙල්ෆි හඳුන්වා දෙන එම නිවේදනය ,බටහිර ආකල්ප වල කෝනයෙන් යුත් මෙම සිදුවීම් විශ්ලේෂණය කිරීම කෙරෙහි පාඨකයින් වැඩි උනන්දුවක් දක්වනු ඇතැයි තානාපති කාර්යාලය විශ්වාසය පළ කළේය.
කෙසේ වුවද තානාපති කාර්යාලයේ ප්‍රතිචාරයට හේතු වූ සිලෝන් ටුඩේ පුවත් පතේ පලවූ ලිපිය තානාපති කාර්යාලයේ ප්‍රකාශයෙන් පසුව කතුවරයා හෝ කතුවරුන් විසින් තවමත් ප්‍රසිද්ධියේ සංශෝධනය කර හෝ සමාව ගැනීමක් කර නොමැත.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්