News Category
From Date
To Date
Maximum Number of Result

රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජාතික ගුරු ව්‍යාපාරයෙන් බරපතළ චෝදනා..

Oct 26, 2025 at 08:44 PM
|

අධ්‍යාපන ඇමතිවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රමුඛ වත්මන් හිතුවක්කාරී මාලිමා පුනරුද ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් මේ රටේ අධ්‍යාපන විශේෂඥයින්ගේ හා ප්‍රාමානික දැනුමක් ඇති බුද්ධිමතුන්ගෙන් කරුණු නොවිමසා විධිමත් අධ්‍යයනයකින් හෝ පර්යේෂණයකින් තොරව හිතුවක්කාරී ලෙස තීන්දු තීරණ ගනිමින් 2026 පාසැල් වාරය ආරම්භයේ සිට මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් ඇති කරන්නට සූදානමින් සිටින බව “ජාතික ගුරු ව්‍යාපාරයේ” ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම චෝදනා කළේය.

ඔහු මෙම චෝදනාව ඇතුළු වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඉතා වැදගත් සංවේදී කාරණා කීපයක් එළිදරව් කළේ අද (26) පෙරවරු දහයට බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. 2026 පාසල් වර්ෂය ආසන්නයේදී මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වන බවත්, එහිදී බැරෑරුම් සාකච්ඡාවකින් තොරව කටයුතු කිරීම ගැටලුකාරී බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ජාතික ගුරු ව්‍යාපාරයේ උප සභාපති සුරංග සිරිවර්ධන සහ උප ලේකම් විජයපාල තන්තිරිගේ යන මහත්වරුන් ද සහභාගි වූහ. පවතින අධ්‍යාපන ක්‍රමයේ ගැටලු පිළිගත් බෝදරගම මහතා, එය දරුවන්, ගුරුවරුන්, දෙමවුපියන් සහ රැකියා වෙළෙඳපොළ තෘප්තිමත් නොකරන බව පැවසීය. "නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. නමුත් මෙය ඕනෑම ආකාරයකින් කළ හැකි දෙයක් නොවෙයි. ජාතියක අනාගතය තීරණය කරන බැරෑරුම් කාරණයක්," යි ඔහු අවධාරණය කළේය.

ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති සහ සෙසු සාමාජිකයින් කවුදැයි රටට හෙළි කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරියගෙන් ඉල්ලා සිටි බෝදරගම මහතා, අනුකමිටු සාමාජිකයින් සහ විෂය මාලා සකස් කළ ප්‍රවීණයින් පිළිබඳ තොරතුරු ද රජය විසින් තවමත් අනාවරණය කර නොමැති බව පැවසීය. "අධ්‍යාපන ඇමැතිතුමිය මේක අරගෙන සොෆ්ට්වෙයා ප්‍රසන්ටේෂන් එකක් සමඟ රටවටා ඇවිදිනවා. නමුත් මෙය පසුගිය රජයන් ආරම්භ කළ ක්‍රියාවලියක් බව ඇමැතිතුමියම කියලා තියෙනවා. මෙය අඳුරේ අතපත ගෑමක්," යි ඔහු විවේචනය කළේය.

නව ප්‍රතිසංස්කරණ යටතේ යෝජිත පාසල් කාලය උදේ 7.30 සිට සවස 2.00 දක්වා දීර්ඝ කිරීම ගැන ද බරපතළ ප්‍රශ්න මතු කළ ඔහු, මෙම තීරණය ගත්තේ කවුද යන්නත්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් හෝ ගුරු සේවයේ ප්‍රවීණයින්ගේ උපදෙස් ලබාගත්තේද යන්නත් විමසීය. "මෙය හිතුවක්කාරී සහ අත්තනෝමතික තීරණයක්. අපි මෙය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා," යි ඔහු පැවසීය.

එසේම, වාර විභාග නැති කිරීම සහ සාමාන්‍ය පෙළ විභාගය විෂය හතකට සීමා කිරීම ගැන ද විවේචන එල්ල කළ බෝදරගම මහතා, පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ ගැටලු පිළිගත්තද, මෙම වෙනස්කම් තුළින් ඊට වඩා විශාල ගැටලු ඇති වන බව පෙන්වා දුන්නේය. "කාගෙන් විමසීමකින්ද මෙය කළේ? වහාම රටට හෙළි කළ යුතුයි," යි ඔහු ඉල්ලීමක් කළේය.

අවසානයේදී, ජාතික ගුරු ව්‍යාපාරය වෙනුවෙන් අනෙකුත් ගුරු සංගම්, විද්වතුන් සහ දෙමවුපියන්ට ආරාධනා කළ ඔහු, මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ මහා චිත්‍රය හඳුනාගෙන බැරෑරුම් සංවාදයක් ගොඩනැගීමට එකතු වන ලෙස ඉල්ලා සිටියේය. "කෑලි කෑලිවලට නොව මහා චිත්‍රයට අවධානය යොමු කරන්න," යි ඔහු අවධාරණය කළේය.

මෙහිදී බෝදරගම මහතා මාධ්‍ය වෙත කරුණු දක්වමින් කරන ලද සම්පූර්ණ කතාව මෙසේය..

"මම සඳුන් බණ්ඩාර බෝදරගම. ප්‍රධාන ලේකම්, ජාතික ගුරු ව්‍යාපාරය. අද මම සමඟ මෙම මාධ්‍ය හමුවට සහභාගි වනවා ජාතික ගුරු ව්‍යාපාරයේ උප සභාපති සුරංග සිරිවර්ධන සහෝදරයා. ඒ වගේම ජාතික ගුරු ව්‍යාපාරයේ උපලේකම් විජයපාල තන්තිරිගේ සහෝදරයා. අද දවසේ මේ විශේෂිත මාධ්‍ය සාකච්ඡාව කැඳවීමේ මූලික අරමුණ වෙන්නෙම අපි දන්නවා 2026 නව පාසල් වාරය නැත්නම් නව පාසල් වර්ෂය ආරම්භ වීමට තව ඉතිරි වෙලා තියෙන්නේ මාස දෙකකට ආසන්න කාල සීමාවක්. එතකොට අපිට මේ වෙනකොට දැනුවත් තොරතුරු තමයි. එහෙම නැත්නම් ගුරුවරු පුහුණු වීම් කරමින් ඉන්නවා මේ වර්තමාන රජය විසින් ඊනියා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මේ රට හඳුන්වලා දෙන්න. 

එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ නව අධ්‍යාපන ප්‍රති සංස්කරණයක් මේ රටට අවශ්‍යයි. ඒක අපි ජාතික ගුරු ව්‍යාපාරය විදිහට පිළිගන්න කාරණයක්. මේ පවතින අධ්‍යාපන ක්‍රමය ඇත්තටම පාසල් දරුවා තෘප්තිමත් නොවන ඔහුව පීඩාවට ලක් කරන, ඒ වගේම පාසල් ගුරුවරයා තෘප්තිමත් නොවන. ඒ වගේම දෙමව්පියෝ තෘප්තිමත් නැති, ඒ විතරක් නෙවෙයි රැකියා වෙළෙද පොළත් තෘප්තිමත් නැති අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසාම අපේ රටට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියන කාරණය ඉතා පැහැදිලියි. ඒක මේ රටේ බහුරයක් අනුමත කරන කාරණයක්. 

හැබැයි අපිට තියෙන ප්‍රශ්නය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන එක මේ ඕනවට එපාවට කළ හැකි කාරණයක් නොවෙයි. මේක අතිශය බැරෑරුම් කාරණයක්. විශේෂයෙන්ම සමාජයක, එහෙම නැත්නම් ජාතියක ජීවිත සමග ඉදිරි අනාගතය තීරණය කිරීම සමඟ බැඳුණු කාරණයක්. එතකොට අපි දකින්නේ නැහැ මේ ගේන්න යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ආකාරයට බැරෑරුම් සාකච්ඡාවකින් පසුව මේ රජය ඉදිරිපත් කරන්න යනවා කියන කාරණය. 

එතකොට කිසිවෙක් තවම, අඩුමගානේ අධ්‍යාපන ඇමතිතුමිය එහෙම නැත්නම් අධ්‍යාපන ලේකම්, මේ අධ්‍යාපන බලධාරීන් පවා මේ ගැන නිවැරදි අවබෝධයක නැතුව කටයුතු කරන ආකාරයක් තමයි ජාතික ගුරු ව්‍යාපාරය විදිහට අපි නිරීක්ෂණය කරන්නේ. විශේෂයෙන්ම අපි අහනවා මේකේ කර්තෘ විදිහට අද කටයුතු කරමින් ඉන්නේ අපි දකින විදිහට අධ්‍යාපන ඇමතිතුමිය. එතුමිය තමයි මේක අරගෙන මේ අර මේ සොෆ්ට්වෙයා ප්‍රසන්ටේෂන් එකක් අරගෙන රටවටා ඇවිදින්නේ නව අධ්‍යාපන ප්‍රශංස්කරණ කියමින්.

අපි අහනවා... එතුමියගෙන් අපි අහනවා ජාතික ගුරු ව්‍යාපාරය විදිහට, මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුව මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති කවුද..? එතකොට මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවේ සෙසු සාමාජිකයින් කවුද..? කරුණාකරලා රටට හෙළි කරන්න.

මේක ඔය හිතන තරම් පහසු කාරණයක් නොවෙන නිසාම අපි කියන්නේ මේවා රටට හෙලි කරන්න. අද දක්වාම ඔබතුමිය හෝ අධ්‍යාපන බරධාරින් කිසිවෙක් මේ දක්වා මේ කාරණා රටය හෙළි කරලා නැහැ. ඒනිසා කරුණා කරලා මේ කාරණය රට හෙළි කළ යුතුයි. මොකද ඒ තරම්ම බැරෑරුම් කාරණයක් නිසාම මේක. 

ඒ විතරක් නෙවෙයි. එතකොට මේකේ මේ අනුකමිටුවල සාමාජිකයෝ කවුද? කවුද මේ විෂය මාල සකස් කරේ? කවුද එතන ඉන්න ප්‍රාමාණික විද්වතුන්. මේ කිසිවෙක් ගැන කිසිවක් අද දක්වා තොරතුරු රට හෙළි කරලා නෑහැ. දන්න කෙනෙකුත් නැහැ. අහගෙන ගියාම අවසානයේ අධ්‍යාපන ඇමතිතුමියම කීප වතාවක් ප්‍රකාශ කරලා තියෙනවා. “අපි දන්නේ නැහැ මේ ගැන. මේක මේ අපි විසින්ම ආරම්භ කරපු ක්‍රියාවලියක් නෙවෙයි. පසුගිය රජයන් විසින් ආරම්භ කරපු ක්‍රියාවලියක්. අපි තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කර  යෑම පමණයි අපි කරන්නේ” කියලා. ඒ වගේ අඳුරේ අතපත කෑමක් තමයි මේගොල්ලෝ මේ කරන්නේ.

ඒක නිසා අපි වගකීමෙන් කියනවා මේ කමිටුවල සාමාජිකව කවුද කියලා රටහි කළ යුතුමයි. 

ඒ විතරක් නෙවෙයි. දැන් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ දැන් යෝජනා වෙනවා පාසල් කාලය වැඩි කරන්න. 7 30ට ආරම්භ කරලා හවස 2 00 දක්වා පාසල පවත්වගෙන යන්න. එතකොට අපි අහනවා කවුද මේ තීරණය ගත්තේ? එතකොට අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ මේකට සම්බන්ධ වුණාද? එහෙම නැත්නම් අධ්‍යාපන, “ගුරු අධ්‍යාපන සේවයේ” අය මේකට සම්බන්ධ වුණාද? එහෙම නැත්නම් විදුවල්පතිවරු ගුරුවරුන්ගෙන් මේ පිළිබඳ විමසුවද මේ කිසිවෙකු සම්බන්ධ කර නොගෙන ඉතාම හිතුවක්කාරී විදිහට, ඉතාම අත්තනෝමතික විදිහට ගත්තා වූ මේ තීරණ අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා වගේම විවේචනය කරනවා. 

අපි කියනවා මේ පිළිබඳව ඔබ ඔයිට වඩා විද්‍යාත්මක අ පැතිකඩක ඉඳන් මේ කාරණා ඉටු, කරනවා නම්, සිදු කරනවා නම් ඒ කාරණා වහාම රටට හෙලි කරන්න කියන කාරණය. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා දැන් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ කියවෙන කාරණයක් තමයි මෙතනින් එහාට වාර විභාග පවත්වන්නේ නැහැ. එහෙම නැත්නම් ජාතික විභාගය විතරයි. සාමාන්‍ය පෙළ විභාගය විතරයි පවත්වන්නේ විෂය හතකට සීමා වෙච්ච. හැබැයි අපි අහනවා ඒ තීරණය ගත්තේ කාගෙන් අහලාද?

අපි පිළිගන්නවා මේ විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය ගැටලුවක් තියෙනවා කියන කාරණය. හැබැයි මේ විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමේ ගැටලුව ලිහන්න ගිහිල්ලා ඊට වඩා ගැටළු විශාල ප්‍රමාණයක් මේ කියන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ ඇති කරලා තියෙනවා කියන කාරණය මේ වෙනකොට තහවුරු වෙමින් තියෙනවා. ඒ නිසා අපි ප්‍රශ්න කරනවා කාගෙන් විමසීමකින්ද මේවා කරේ. වහාම අධ්‍යාපන ඇමතිතුමිය මේ පිළිබඳව රටට හෙලි කර යුතුයි. 

එ් වගේම අපි කියනවා අනිත් මේ සම්බන්ධ උනන්දුවක් දක්වන ගුරු සංගම් වලට, ඒ වගේම මේ සම්බන්ධ උනන්දුවක් දක්වන විද්වතුන්ට, දෙමව්පියන්ට, මේ සියලු දෙනාට අපි ඉතාම ගෞරවයෙන් ජාතික ගුරු ව්‍යාපාරය විදියට ආරාධනා කරනවා,  එන්න.... මෙන්න මේ ලොකු සාකච්ඡාවට. මේකේ මේ එක එක තැන් කෑලි විතරක් අල්ලගන්න එපා. පැය භාගයක් වැඩි කරහම ගුරුවරයාට මොකද වෙන්නේ කියන කාරණය ගැන කතා කරනවට වඩා “මෙන්න මේ මහා චිත්‍රය” මේ මහා චිත්‍රය හඳුණාගෙන මේකට අවශ්‍ය මේ තෙරපීම, මේකට අවශ්‍ය මේ සංවාදය ගොඩනගන්න “ජාතික ගුරු ව්‍යාපාරය” විදිහට අපිත් එක්ක එකතු වෙන්න කියන කාරණය අපි ගෞරවයන් යුතුව ඉල්ලා සිටිනවා". 



සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.