News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාව ජෛවමිතික තොරතුරු මංකොල්ලයක් අභියස! - විජේපාල දිසානායක

Oct 22, 2025 at 07:02 PM
|

ජාතියක අනන්‍යතාවය විදේශයක් සතු කිරීම

ජාතික ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය (NDIP) ඉන්දියාවේ මදුරාසි ආරක්ෂක මුද්‍රණ සමාගමට (MSP) පැවරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය මහජන ව්‍යකුලත්වයකටත්, බුද්ධිමතුන්ගේ අවධානයටත්, පොදුජන කනස්සල්ලත් අවුලුවාලීමට හේතු වී තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 18 කට ආසන්න වටිනාකමකින් යුත්  මෙම ගනුදෙනුව 2024 දී අමාත්‍ය මණ්ඩලය විසින් නිල වශයෙන් අනුමත කරන ලද අතර 2025 දී නැවතත් එය තහවුරු කර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියේ ප්‍රධාන සංරචක සංවර්ධනය කිරීමට සහ කළමනාකරණය කිරීමට ඉන්දියානු සමාගමට නිල වශයෙන් බලය පවරා දී ඇත.

ඩේලි මිරර් (මාර්තු 2025) සහ ද මෝනිං (අප්‍රේල් 2025) යන පුවත්පත් ද්විත්වයට අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ  වාර්තාවල සිට මූල්‍ය පහසුකම් සපයන සේවා දක්වා සියලුම රජයේ දත්ත සමුදායන් සමඟ සම්බන්ධ කිරීම සඳහා නිර්මාණය කර ඇති මුහුණු හඳුනාගැනීම, ඇඟිලි සලකුණු සහ අක්ෂි සලකුණු ( Iris data) "ජෛවමිතික තාක්ෂණයේදී හඳුනාගැනීමේ සත්‍යාපන ක්‍රමවේදයක් ලෙස අක්ෂි කර්ණිකා රටා අද්විතීය සලකුණක් සේ සැලකේ".  

දත්ත ඒකාබද්ධ කරන පුළුල් ජෛවමිතික දත්ත සමුදායක් නිර්මාණය කිරීමද මෙම  කොන්ත්‍රාත්තුවට ඇතුළත් වේ. නමුත් එහි ඇති තාක්ෂණික එකඟතාවයට හෝ පොරොන්දුවට අමතරව හොල්මන් කරන ගැඹුරු ප්‍රශ්නයක් තිබේ. එනම් ඩිජිටල් යුගයක නැතහොත් අවකාශයක  පුරවැසියා ඇත්ත වශයෙන්ම පාලනය කරන්නේ කවුද? යන්න ඒ ප්‍රශ්නයයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිහැඬියාව යනු මඟ හරි ගිය අවස්ථාවක්...

පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංස මුලික වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කල  ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අභියෝග කරන මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සම්පූර්ණ විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කරන ලදී. එකී නීති කෘත්‍ය කාලාවරෝධි මුලධර්මයට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙන ලදී. එහෙත් විචාරකයින් තර්ක කරන්නේ මෙය බරපතල අතපසුවීමක් බවයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ මාධ්‍ය විශාරද ආචාර්ය හරිනි පෙරේරා පවසන පරිදි,"අධිකරණය සාම්ප්‍රදායික නීති රාමුවක් තුළ මෙම ගැටලුව ඇගයීමට ලක් කළා, නමුත් ඩිජිටල් නිරීක්ෂණ, ඇල්ගොරිතම පාලනය සහ දත්ත විශ්ලේෂණය, සාම්ප්‍රදායික නීති විද්‍යාවෙන් ඔබ්බට යයි. මෙවැනි නඩුවක් විසඳීමට අවශ්‍ය ඩිජිටල් සාක්ෂරතාවය, අවශ්‍ය යටිතල පහසුකම්, හෝ තාක්ෂණික ග්‍රහණය අධිකරණයට නැත."

ඇගේ ප්‍රකාශනය තුල කුතුහලය වර්ධනය වන කනස්සල්ලක් නිරුපණය කරයි. මානව සංහතිය වෙනුවෙන් සම්පාදිත නීති සහ ඒවා අර්ථ නිරූපණය කිරීම සඳහා ගොඩනගා ඇති පද්ධතිය, දැන් යන්ත්‍ර තර්කනය අර්ථ නිරූපණය කිරීමේ අභියෝගයට මුහුණ දී සිටී.

අධිකරණයේ අකමැත්ත සිවිල් ක්‍රියාකාරීන් විසින් අර්ථකථනය කර ඇත්තේ ආයතනික අවබෝධයේ පරතරයක් ලෙසයි. ඩිජිටල් ආචාර ධර්ම සහ දත්ත ස්වෛරීභාවය පිළිබඳ වේගයෙන් විකාශනය වන ක්ෂේත්‍රයට අයත් ගැටළු විනිශ්චය කිරීමට අධිකරණ ධාරිතාවක් නොමැතිකම අභියෝගාත්මකය.

දත්ත ලෙස පුරවැසියන් බවට පත්වීම යනු දාර්ශනික අර්බුදයකි

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සෑම පුරවැසියෙකුම දත්ත කේන්ද්‍රීය ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය කරයි. එනම් රාජ්‍යය සහ එහි තාක්ෂණික හවුල්කරුවන් විසින් පාලනය කරනු ලබන ව්‍යුහය යනු ඇල්ගොරිතමය පරිසර පද්ධතියක ස්ථාපිත සංඛ්‍යාත්මක ආයතනයකි. (A numerical entity established in an algorithmic ecosystem)

දැනටමත් නිරීක්ෂණ සහ පුරෝකථන විශ්ලේෂණවලින් සපයාගෙන ඇති සාක්ෂි සහිත ලෝකයක, එවැනි පද්ධති විසින් "සම්පූර්ණ දෘශ්‍යතාව" (Total visibility) නමැති අවදානම නිර්මාණය කරයි. එහිදී රාජ්‍යයට පුරවැසි හැසිරීම්, මූල්‍ය ගනුදෙනු සහ දේශපාලන හැසිරීම් ආශ්‍රිත සිදුවීම් පවා තත්කාලීනව නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබේ.

"අන්තරායදායක තත්වය වන්නේ මෙහි ඇති තාක්ෂණයම නොවෙයි, රාජ්‍යය සහ පුරවැසියා අතර එය නිර්මාණය කරන බලයේ අසමමිතිකබාවයයි" යනුවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු සභාපති මහාචාර්ය රොහාන් සමරජීව සඳහන් කරයි.

ජෛවමිතික සහ හැසිරීම් රටා හා බැඳුනු දත්ත මධ්‍යගත කළ පසු, පුරවැසියන්ට තවදුරටත් ඔවුන්ගේ අනන්‍යතා හිමි නොවේ . ඔබේ ශරීරය, ඔබේ පුරුදු, ඔබේ තේරීම් වැනි කලක් පුද්ගලික වූ දේවල්, රජයට හෝ එසේ නොමැතිනම්  විදේශීය පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රවේශ විය හැකි ජාතික දත්ත සමුදායක කොටසක් බවට පත්වීම කුමන අවධානමක් ගෙන එනු ලබයිද?.

ඩිජිටල් හැඳුනුම්පත් පද්ධති සහ ඊට එරෙහි මතුව ඇති ප්‍රතිරෝධීතා පිලිබඳ ලෝකයෙන් උගත හැකි පාඩම්

මේ සඳහා ඉතා සමීප අත්දැකීමක් සපයන්නේ ඉන්දියාවේ ආධාර්හි ස්ථාපිත ලොව විශාලතම ජෛවමිතික අනන්‍යතා ව්‍යාපෘතියයි. මෙහි වැදගත්කම තවත් තීව්‍ර වන්නේ ශ්‍රී ලංකාවේ යෝජිත ව්‍යාපෘතියද ඉන්දියානු සමාගමක් මුලික වීමෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති නිසාවෙනි.

2009 දී හඳුන්වා දුන් ඉන්දියාවේ ආධාර් පද්ධතිය බිලියන 1.3 කට අධික ජනතාවක් ආවරණය කරන ලොව විශාලතම ජෛවමිතික අනන්‍යතා ව්‍යාපෘතිය ලෙස පවතී. එය සුභසාධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවේශය කැපිපෙනෙන වෙනසක් සිදු කළද, එතුලින් බරපතල ගැටළු ද ඇති කර තිබේ. රහස්‍යතා අවදානම් උපුටා දක්වමින්, සියලුම සේවාවන් සඳහා ආධාර් අනිවාර්ය කළ නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම 2018 දී තීන්දු කරන ලදී (ද හින්දු, සැප්තැම්බර් 2018).

කෙසේ වෙතත්, විවිධ තොරතුරු කාන්දුවීම්, දත්ත අනිසි භාවිතය සහ අපහරණය, දත්ත වෙත අනවසර ප්‍රවේශය අඛණ්ඩව සිදුවෙමින් පවතී. The Wire (2023) සහ BBC (2024) වාර්තා මගින් ජෛවමිතික දත්ත අඳුරු වෙබ් (On dark web) වේදිකාවල අලෙවි කර වංචනික මූල්‍ය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කර ඇති බවට තොරතුරු වාර්තා විය.

බ්‍රිතාන්‍යයන් ඩිජිටල් ජාතික හැඳුනුම්පත ප්‍රතික්ෂේප කරයි!

එක්සත් රාජධානිය වෙතින් ප්‍රතිවිරුද්ධ අත්දැකීමක් දක්නට ලැබේ. 2010 දී, දැවැන්ත මහජන විරෝධයකින් පසුව, බ්‍රිතාන්‍ය රජය එහි ජාතික හැඳුනුම්පත් ක්‍රමය අහෝසි කළ අතර , එය "රාජ්‍ය ආක්‍රමණයේ සංකේතයක්" (Symbol of state intrusion) ලෙස හැඳින්වීය. (බීබීසී ප්‍රවෘත්ති, 2010 මැයි ). ලිබර්ටි එක්සත් රාජධානිය සහ ප්‍රයිවසි ඉන්ටර්නැෂනල් (Liberty UK and Privacy International) වැනි සිවිල් අයිතිවාසිකම් සංවිධාන, අනාගත රජයන් විසින් අපයෝජනයට ලක්  කළ හැකි මධ්‍යගත පුරවැසි ලේඛනයක් (Centralized citizen register) කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පවත්වාගෙන නොයා යුතු බවට යථාර්තවාදීව තර්ක කළහ.

යුරෝපා සංගමය සහ ඉන් ඔබ්බට දත්ත වලට පෙර නියාමනයක්

යුරෝපා සංගමය ඩිජිටල් අනන්‍යතා ප්‍රවේශය වෙනුවෙන් වඩාත් සුපරික්ෂාකාරිව  පියවර ගෙන ඇති අතර, GDPR (2018) වැනි ශක්තිමත් දත්ත ආරක්ෂණ නීති පැනවීමෙන් පසුව පමණක් ඩිජිටල් අනන්‍යතා රාමු හඳුන්වා දී ඇත.

මෙතුලින්  පුද්ගල තනි කැමැත්ත, සංකේතනය, (Encryption) සහ අනිසි භාවිතය සඳහා දැඩි නීතිමය දඬුවම්වලට ප්‍රමුඛත්වය දෙයි. මේ අතර, චීනය එහි සමාජ ණය පද්ධතිය (Social credit system) යටතේ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ ඩිජිටල් නිරීක්ෂණ රාජ්‍යයක් ගොඩනගා ඇති අතර, එහිදී තාක්ෂණය සහ දේශපාලන පාලනය අතර වෙනස වෙන්කර හඳුනාගත නොහැකිය. කුමක් හෝ ආදර්ශයක් බොහෝ විට උදාහරණයක් ලෙස නොව දැඩි අනතුරු ඇඟවීමක් ලෙස උපුටා දක්වයි.

ශ්‍රී ලංකාව ස්වෛරීභාවය සමඟ සූදු කෙළිම

ශ්‍රී ලංකාව තම ඩිජිටල් අනන්‍යතා ව්‍යුහය සැකැස්මේ  ගෘහ නිර්මාණ ශිල්පය ඉන්දියානු සමාගමකට පැවරීමට ගත් තීරණය, දත්ත ස්වෛරීභාවය පිළිබඳ මූලික ප්‍රශ්න මතු කරයි. ජාතියකට සහ එහි පුරවැසියන්ට ඔවුන්ගේ ඩිජිටල් තොරතුරු පාලනය කිරීමට ඇති අයිතිය, ගැන වාර්තාවක් ගෙන එමින් EconomyNext (අප්‍රේල් 2025) දක්වා සිටින්නේ, ඉන්දියානු සමාගමක් වන Madras Security Printers වසර පහක් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සැලසුම් කිරීම පමණක් නොව කළමනාකරණය කිරීමටද, අවසර ලැබෙනු ඇති බවයි.  

එම කාලය තුළ ජෛවමිතික දත්ත විදේශයන්හි කළමනාකරණය කරන ලද සේවාදායකයන් සහ මෘදුකාංග පද්ධති හරහා ගමන් කරනු ඇත. මෙම තත්වය  පුරවැසියන්ගේ අනන්‍යතා විදේශයන්හි ඩිජිටල් දේපළක් බවට පත් කිරීමේ අවදානමක් ඇති බවට බොහෝ  විචාරකයින් තර්ක කරයි.

නීතිඥ නුවන් ජයවර්ධන අනතුරු අඟවන්නේ  "අනතුරු දායක තත්වය වන්නේ දේශීය වශයෙන් සිදුකරන අපේ රටේ සෝදිසි කිරීම පමණක් නොව, විදේශීය රටකට  හෝ තෙවන පාර්ශවීය ජාලයකට ප්‍රවේශ වීමේ හැකියාව ද මෙහු අඩන්ගුවන බවයි." . ජෛවමිතික දත්ත අවදානමට ලක් වූ පසු, එය කිසි විටෙකත් වෙනස් කළ නොහැක. ඔබට ඔබේ මුරපදය වෙනස් කළ හැකිය, නමුත් ඔබේ ඇඟිලි සලකුණු වෙනස් කළ නොහැක. (You can change your password, but you can't change your fingerprints) #StopDigitalIDSL සහ #MyBodyMyData යන හැෂ් ටැග් වැනි සමාජ මාධ්‍ය උපක්‍රම විසින්  ශිෂ්‍ය කණ්ඩායම්, තරුණ  ප්‍රජාව විශේෂයෙන් GenZ පරම්පරාව, මාධ්‍යවේදීන් සහ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් අතර ආකර්ෂණයක් ලබා ඇති අතර, එවැනි ව්‍යාපෘති ඩිජිටල් ඒකාධිපතිවාදයේ මෙවලම් බවට පරිණාමය වන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩෙන සමාජ ආතතිය මගින්  පිළිබිඹු කරයි.

මහජන එකඟතාවයක් නොමැති ව්‍යාපෘතියක්

මෙම ඩිජිටල් හඳුම්පත් ව්‍යාපෘතිය වෙනුවෙන් මහජන අදහස් විමසීමක් සිදුවුයේ නැත. 2025 මැද භාගයේදී කොළඹ සහ මහනුවර විරෝධතා නොතකා, රජය "නවීකරණය" සහ "කාර්යක්ෂමතාව" යන මුවාවෙන් ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීම දිගටම කරගෙන යමින් පවතී.

කෙසේ වෙතත්, මෙම කැමැත්තෙන් තොරව සිදුවන ව්‍යාජ කාර්යක්ෂමතාව තාක්ෂණික බලහත්කාරයක් බවට පත්වීමේ අවදානමක් ඇත . නිල ප්‍රකාශයන්ට අනුව, ඩිජිටල් හැඳුනුම්පත බදු, සුභසාධනය, සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධති ඒකාබද්ධ කරනු ඇත. සමස්ත පුරවැසි සමාජයම ඒක කේන්ද්‍රියව නිරීක්ෂණය කළහැකි තාක්ෂණික මෙවලම් ශිල්පයක් ඵලදායී ලෙස නිර්මාණය කරලීමට මෙතුලින් ප්‍රයත්න දරයි.

මෙවැනි තත්වයක පවතින අවධානම අවධාරණය කරන තාක්ෂණික ආචාර ධර්ම විද්‍යාඥ අමාලි රොඩ්‍රිගෝ මෙසේ පවසයි. "විවිධ අංශ හරහා දත්ත සම්බන්ධ කළ පසු, පුද්ගලයාගේ තොරතුරු ස්වාධීනත්වය නැති වී යයි. රජයට සහ විදේශීය දත්ත හසුරුවන්නන්ට ඔබේ ජීවිතය පිළිබඳ අංශක 360ක දැක්මක් ලැබෙනු ඇත,"

දේශපාලනයෙන් ඔබ්බට දිවෙන ශිෂ්ටාචාරයේ වැලපීමක් !

මෙම ගැටළුව පක්ෂ සිමා මායිම් රේඛා ඉක්මවා යනු ඇත. ලිබරල් හෝ වේවා, ජාතිකවාදී වේවා, එසේත් නොමැතිනම් වාමවාදී වෙස්මුහුණකින් සිටින අන්ත ලිබරල්වාදී යන කුමන ආකෘතියක පරිපාලනයක් විසින් පාලනය කරනු ලැබුවද, ඩිජිටල් හැඳුනුම්පත් මධ්‍යගත කිරීමෙන් ගෙන එන්නේ  එකම ප්‍රතිඵලයකි. එනම්  පුද්ගලික නිදහස සහ පුරවැසි ස්වාධීනත්වය ඛාදනය වීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණය තාක්ෂණික ඇඟවුම් ග්‍රහණය කර ගත නොහැකි ඌණ යටිතල පහසුකම් සහිත යථාර්තයක  නම් සහ පාලක  පන්තිය සදාචාරාත්මක ඒවා නොසලකා හරින්නේනම්,  රට ඩිජිටල් පාලනය සඳහා විදේශීය පරීක්ෂණ භූමියක් බවට පත්වීමේ අවදානමක් ඇත.

ආචාර්ය පෙරේරා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කරන්නේ, “සැබෑ තර්ජනය වන්නේ සෝදිසි කිරීම පමණක් නොව එය සාමාන්‍යකරණය කිරීමයි. පුරවැසියන් කාර්යක්ෂම වීම යනු නිරීක්ෂණය කළ යුතු බව විශ්වාස කිරීමට පටන් ගැනීමයි.” ලෙසයි.

ඇල්ගොරිතම රාජ්‍යයක නිහඬ පුරවැසියන් වෙමුද?

තාක්ෂණික ප්‍රගතිය බොහෝ විට නොවැළැක්විය හැකි යථාර්තයක් ලෙස නිර්වචනය කෙරේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදයද  නොවැළැක්විය හැකි තෝරා ගැනීම සම්බන්ධ සාධකයකි. සැබවින්ම නූතන සමාජයෙන් ඇසිය යුතු ප්‍රශනයක් ඇත. පුරවැසියාගේ ආත්මය ඩිජිටල්කරණය නොකර ඔබට සේවාවන් ඩිජිටල්කරණය කළ හැකිද?.

බොහෝ ජාතීන් මෙන් ශ්‍රී ලංකාව ද නිර්වචනාත්මක ප්‍රශ්නයකට මුහුණ දෙයි. නවීකරණය යනු ඇල්ගොරිතම පාලනයට යටත් වීමද?, එසේ නැතහොත් තාක්ෂණයට නිදහස ලබා දී, විනිවිදභාවය, සහ මානව ගරුත්වය සමඟ සහජීවනයෙන් එකට සිටිය හැකිද යන්න පිලිබඳ නව අර්ථකතනයක් සපයා ගත යුතුව ඇත.

 ඩිජිටල් හැඳුනුම්පත එහි වත්මන් ස්වරූපයෙන් ඉන්දීය කොන්ත්‍රාත්තුව හරහා හඳුන්වා දුන්නොත්, ලාංකීය පුරවැසි සමාජය රාජ්‍යයට මෙන්ම විදේශීය ඩිජිටල් ජාල කළමනාකරුවන්ගේ  පෙර නොවූ විරූ පාලන අවියක් ඔවුන්ට ලැබෙනු ඇත. පුරවැසියෙකුගේ ජීවිතය දත්ත කේන්ද්‍රීය ලක්ෂ්‍ය මාලාවක් බවට පත්වනු ඇත. 

ඔවුන්ගේ චර්යා චලනයන්, වෛද්‍ය සහ සෞඛ්‍ය වුවමනාවන්, බදු ගෙවීම් ඇතුළු ආර්ථික ශක්‍යතාවයන්, ඡන්දය සහ දේශපාලන ලැදියාවන්, ඇතුළු  සියල්ල නිරීක්ෂණය කළ හැකි, සියල්ල වාර්තා කළ හැකි, සියල්ල පාලනය කළ හැකි සුහුරු තිරයක් මත පුරවසියාව රඳවා තබාවි.

ඔබ ඔබ ගැන දන්නවාට වඩා සමීපව රාජ්‍යයත්, ඒ ආශ්‍රිත පාර්ශවයනුත්  ඔබ ගැන  දැනගනු ඇත. ඒ මොහොතේ පුරවැසියන් මිනිසුන් ලෙස පැවතීම නතර කරන අතර, ඔවුන් දත්ත බවට පරිවර්තනය කරනු ලබයි.

(සටහන | විජේපාල දිසානායක)

මූලාශ්‍ර - theleader.lk


සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.