අගමැති හරිනි චීන ජනපති හමුවෙයි..
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.
ඊයේ(14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහාශාලාවේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූ අවස්ථාවේ චීන ජනපතිවරයා මේ බව කියා සිටියේය.
චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිතුදම, කලක සිට පවතින්නක් වන අතර, සාම සහජීවන පංචශීලී ප්‍රතිපත්තිය මත පදනම් කර ගනිමින් දෙරට ද්විපාර්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.
මෙමඟින්, වෙනස් රටවල් අතර, මිත්‍රශීලීව හැසිරීම හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත සහයෝගිතා පැවැත්වීමේ ආදර්ශයක් බිහිකර ඇති බවත් සිය අසල්වැසි රටවල් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළ චීනය ශ්‍රී ලංකාවට සැමවිට ම ප්‍රමුඛත්වය ලබා දෙන බවත් චීන ජනපතිවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සමඟ එක්ව, සාම්ප්‍රදායික මිත්‍රත්වය, සහයෝගිතා තහවුරු කරමින් හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා මානව ප්‍රජාව පොදුවේ ගොඩනැංවීමටත් දෙරටේ ජනතාවට වඩාත් සුබසෙත සැලසීමටත් චීනය සූදානම් බව ද ෂී ජින්පිං මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ අතර, සිය ස්වෛරීභාවය, ස්වාධීනත්වය, භෞමිත අඛණ්ඩතාව ආරක්ෂා කරන ශ්‍රී ලංකාවට චීනය සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමග එක්ව, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගුණාත්මක අයුරින් පොදුවේ ගොඩනැංවීමට සූදානමින් සිටින චීනය, වරාය ආර්ථිකය, නවීන කෘෂිකර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය, සංචාරය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගිතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බවත් චීන ජනපතිවරයා පවසයි.
එමඟින්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට පිටුබලයක් සැපයීම චීනයේ අපේක්ෂාව වන අතර, නීති බලාත්මක කිරීම පිළිබඳ ආරක්ෂක සහයෝගිතා පැවැත්වීම, අන්තර් ජාතික විදුලි සන්දේශ අපරාධ මර්දනය කිරීම මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික රාමුවන් යටතේ වන සම්බන්ධීකරණ හා සහයෝගිතා තවදුරටත් තහවුරු කළ යුතු බව ද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්