විද්වතුන් යැයි කියාගන්නා යම් පිරිස් පිටත සිට ආණ්ඩුව ජිනීවා උගුලට තල්ලු කරනවා..
ජගත් මානව හිමිකම් සමුළුව හරහා බෙදුම්වාදී බලවේග විසින් දියත් කරනු ලබන උපායමාර්ගික සැලසුම එනම් රණවිරු දඩයම් ක්‍රියාවලිය සහ රට බෙදා වෙන්කිරීමට අදාළ මාර්ග සිතියමට මතුපිටින් විරෝධය පළ කරන ඇතැම් පිරිස් එම මහා සැලසුමේ යම් යම් කොටස් සාධාරණීකරණය කරමින් පුවත්පත් වලට නිවේදන නිකුත් කිරීමේ ක්‍රියාවලියක් දියත් කෙරෙන බව ලංකා ලීඩර් විසින් නිරීක්ෂණය කර ඇත. ඊට අදාළ ප්‍රබල උදාහරණයක් සපයන්නේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම මහතාය. ඔහු විසින් අද දිනයේ ද 'ද අයිලන්ඩ්' පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඊනියා ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීම සාධාරණීයකරණය කර ඇත. ලංකා ලීඩර් ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"ලංකා ලීඩර් නිරීක්ෂණය පිළිබඳව 80%ක් එකඟවන බව පළමුව කිවයුතුයි. එනම් දැනුම්වත්ව ආණ්ඩුව ජිනීවා මර උගුලට තල්ලු කිරීම සඳහා විද්වත් ප්‍රවේශයකින් ඊනියා උපදෙස් ලබාදීම සිදුවන බවට 80%ක සම්භාවිතාවක් ඇත. නොදැනුවත්කම නිසා හෝ ඊනියා ස්වාධීන විද්වතෙකු බව පෙන්වීම සඳහා එවැනි බරපතළ පාවාදීමක් සිදුකිරීමේ සම්භාවිතාවය 20%ක් ලෙස සැලකිය හැකියි.
එතුමාගේ ප්‍රකාශවලට හේතුව කුමක් වුවත් එම ප්‍රකාශ මගින් ආණ්ඩුව ඊනියා මානව හිමිකම් උගුලට තල්ලු කෙරෙන බව ඉතා පැහැදිලියි. මීට පෙර යහපාලන සමයේ දී ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දැක්වීම මගින් අදාළ යෝජනා සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීම වඩා සුදුසු බවට එතුමා විසින් මතයක් පළකරනු ලැබුවා. ඊට පසු මෙවර 60 වැනි සැසියට අදාළව රෝම ප්‍රඥප්තිය අත්සන් කළොත් රණවිරුවන් 58 දෙනෙකුට දඬුවම් කෙරෙන බව සඳහන් කළා. ආණ්ඩුව කිසිසේත්ම රෝම ප්‍රඥප්තියට අත්සන් නොකරන තත්ත්වයක් යටතේ දුර තිබෙන අනතුරක් පෙන්වා සත්‍ය සෙවීමේ කොමිසම සහ අභිචෝදක කාර්යාලය පිහිටුවීමේ අනතුර පිළිබඳව අවධානය වෙනතකට යොමුකරන බව පෙනෙනවා.
දැන් එතුමා අභිචෝදක කාර්යාලය පිහිටුවීමත් වක්‍රව නිවැරදි බවට සාධාරණීයකරණය කරනවා. ඒ මගින් භයානක මහා පාවාදීම ඊනියා සංශෝධනවලට යටත්ව සිදුකළ හැකි බව අඟවනවා"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්