ගල්කිස්ස සිද්ධියේදී නීතිඥවරයා පොලිස්පතිට කතා කරලා නැති බව පොලිසිය කියයි..
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිදුවීමෙන් පසු අදාළ නීතිඥවරයා විසින් පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් ලබාගෙන කතා කළද, එවන් සංවාදයක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (12) පස්වරුවේ නිවේදනයක් යොමුකරමින් මේ බව පැවසීය.
මෙම සිදුවිම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයේ සිද්ධියට සම්බන්ධ නීතීඥවරයා විසින් එම අවස්ථාවේදී දුරකතනය හරහා පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගන්වා තිබේ.
එහිදී ඔහු විසින් “ප්‍රියන්ත මගේ ජූනියර් බැජ් එකේ..., ප්‍රියන්තට කියන්න ගල්කිස්ස උසාවිය ඇතුළෙදී....., ප්‍රියන්තට කියන්න මට ගන්න කියන්න. නැත්තම් ප්‍රියන්තගේ නම්බරේ දෙන්න...." පවසන අයුරු එම වීඩියෝ පට දර්ශන මඟින් දක්නට ඇත.
එමඟින් මෙම නීතිඥ මහතා විසින් පොලිස්පතිවරයා සෘජුවම අමතා මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට වැරදි මතයක් සමාජ ගත වෙමින් පවතින බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨසය නිකුත්කළ නිවේදනය,
2025.10.10 වන දින උදෑසන කාලයේ ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුලදී රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හට නීතිඥවරයෙකු විසින් යම් සිදුවීමක් මුල්කරගෙන පරුෂ වචනයෙන් බැණ වදිමින් සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියට අදාල වීඩියෝ දර්ශන නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ද ප්‍රකාශ සටහන් කර මෙම සිදුවීම සම්බන්ධව තවදුරටත් ගල්කිස්ස මූලස්ථාන පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මෙම සිදුවීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයේ සිද්ධියට සම්බන්ධ නීතීඥවරයා විසින් එම අවස්ථාවේදී දුරකථනය හරහා පොලිස්පතිතුමා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගැන්වෙන ආකාරයට එම අවස්ථාවේ ඔහු විසින් "ප්‍රියන්ත මගේ ජූනියර් බැජ් එකේ..." "ප්‍රියන්තට කියන්න ගල්කිස්ස උසාවිය ඇතුළෙදී ....." "ප්‍රියන්තට කියන්න මට ගන්න කියන්න. නැත්තම් ප්‍රියන්තගේ නම්බරේ දෙන්න...." යනුවෙන් එම වීඩියෝ පට දර්ශන මඟින් දක්නට ඇත.
එමඟින් මෙම නීතිඥ මහතා විසින් පොලිස්පතිවරයා සෘජුවම අමතා මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට වැරදි මතයක් සමාජ ගත වෙමින් පවතී. නමුත් මෙම සිදුවීමට අදාලව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිඳු දුරකථන සංවාදයක් සිදුවී නොමැත.
මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිඳු විටක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිතුමා විසින් නියෝගයක් ලබාදී නොමැත.
නමුත් පොලිස්පතිතුමන් විසින් ඉහත නිලධාරින් අමතන විටත් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
එයට හේතුව වූයේ මෙම සිදුවීමත් සමඟ ගල්කිස්ස අධිකරණ භූමියේ යම් නොසන්සුන්තාවයක් ඇති වී ඇති අතර ඒ හේතුවෙන් අධිකරණයේ කටයුතු වලටද බාධා සිදුවී ඇත. එමෙන්ම මෙම සිදුවීම පාදක කරගෙන අධිකරණයේ කටයුතුවල නිරත නීතිඥවරුන්ගේද යම් විරෝධයක් පවත්වා ඇත. එම අවස්ථාවේ දී ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරියා කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හට නියෝග කර තිබීම හේතුවෙනි.
ඉහත සිදුවීමේදී පොලිස් නිලධාරීන් කටයුතු කල ආකාරය සම්බන්ධව පොලිස් විමර්ශනයක් සිදුකිරීම සඳහා පොලිස්පතිතුමාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් ද වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්