රනිල් ලංවිම කෑලි 12කට කඩන්න හිටපු එක හතරකට අඩු කරලා මාලිමාව ඒ පාරේම යනවා.. මේක IMF එකේ වැඩපිළිවෙලක් - උවිදු විජේවීර
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ලංවීම කෑලි 12කට කඩන්න හිටපු එක හතරකට අඩු කර, වර්තමාන ආණ්ඩුව ඒ පාරේම යන බවත්, මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලක් බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය විසින් අද(10) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පැවසීය.
එහිදී උවිඳු විජේවීර මහතා මෙසේද පැවසීය,
"මාලිමාව කියලා පත් කරගෙන තියෙන්නේ ජවිපේ අනන්‍යතාව තියෙන ආණ්ඩුවක් පත් කරගෙන තියෙන්නේ අලුත් ගමනක් යන්න. ඒ වුණාට රනිල්ගේ වැඩපිළිවෙල තමයි ගෙනියන්නේ.
රනිල් ලංවීම කෑලි 12කට කඩන්න හිටපු එක හතරකට අඩු කරලා ඒ පාරේම යනවා.මේක IMF එකේ වැඩපිළිවෙලක්.
IMF එක ලෝක බැංකුව වගේ ආයතන පිහිටුවලා තියෙන්නේම අපි වගේ රටවලට උදව් කරන්න නෙවෙයි.එයාලගේ දැක්මට අනුව අපිව මේ තත්ත්වයෙන් පවත්වාගෙන යන්න නැත්නම් පහළින් පවත්වාගෙන යන්න වුවමනාව තියෙන්නේ.මේක හොදටම දන්නේ ජවිපෙ.
මේ පදයට නටන හින්දා තමයි විදුලි සේවකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ විරෝධතාවයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ."
රාජ්‍යයකට ලාභ නොලබන ආයතන තිබිය හැකී. අධ්‍යාපන,බලශක්ති ,ප්‍රවාහන සෞඛ්‍ය වගේ දේවල්. මේවා මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම්. ලංවීම , ඛණිජ තෙල් නිතීගත සංස්තාව ව්‍යාපාරයක් කරන නිසා අතිවිශාල ලාභ ගන්නවා වෙනුවට අදායම් වියදම් අතර සමපාත කරගත හැකි විදියට නඩත්තු කරගෙන යාමට හැකිවන ලෙස විදුලි බිල පවත්වාගෙන යන්න ඕන.
අද ජවිපෙ IMF එකේ පදේට නටන නැට්ටුක්කාරයෝ වෙලා ඉවරයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්