අවුරුදු 15 - 29 වයස් අතර HIV ආසාදිතයන්ගේ වැඩිවීමක්.. වැඩිම ආසාදිතයන් ප්‍රමාණය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්..
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්ය.
HIV යනු ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයකි.
ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම ප්‍රහාර එල්ල කර ශරීරය දුර්වල කිරීම මෙමඟින් සිදුවන අතර කැස්සක්, හෙම්බිරිස්සාවක් වැනි කුඩා හෝ රෝගයක් වැළඳීමෙන් මරණය පවා සිදුවීම මෙහි ඇති භයානකම තත්ත්වයය.
HIV ආසාදිතයින් නිර්මාණය විය හැකි ප්‍රධාන ආකාර ත්‍රිත්වයක් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
1. HIV රෝගියෙක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම
HIV රෝගියෙක් සිප වැළඳගැනීමෙන් මෙම රෝගය බෝවන්නේ නැහැ. ලිංගික තරල හරහායි මේ රෝගය බෝවෙන්නේ. ගුද මාර්ගික සංසර්ගය HIV ඇතිවීමට ප්‍රධානම හේතුවක්. මෙවැනි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා ශරීරගත විය හැකි HIV වෛරසය මුළු ශරීරය පුරා පැතිරීමට ගතවෙන්නේ පැය 72ක පමණ කෙටි කාලයක්.
2. අවිධිමත් ලෙස එන්නත් කටු භාවිතය
විවිධ මත්ද්‍රව්‍ය එන්නත්කරගැනීමට එකම එන්නත් කටු භාවිත කිරීම මේ තත්තවයට හේතුවන්නට පුළුවන්.
3. ආසාදිත ගර්භණී මවගෙන් දරුවාට HIV ආසාදනය වීමයි
HIV ආසාදිත සහ ඒ සඳහා ඖෂධ ලබානොගන්නා මවකගේ මව්කිරි හරහා දරුවාට රෝගය බෝවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන තිබෙනවා. නමුත් මෙහි සුබවාදී කරුණ නම් මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය වීම සාර්ථකව අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය හිමි වී තිබීමයි.
ඒ අනුව අනාවරණ වන්නේ රුධිරය සහ ලිංගික ශ්‍රාව හරහා පැහැදිලිවම HIV රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවය.
ආසාදිතයන්ගේ වාර්තාවීම සැලකිල්ලට ගැනීමේදී 2021 වර්ෂයේදී මෙරටින් ආසාදිතයන් 411ක්, 2022 දී 607ක්, 2023 දී 697ක්, 2024 දී 824ක් සොයාගෙන තිබේ.
ඒ අතුරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ පුරුෂයන්ගෙන්. එය අනුපාතයක් ලෙස ගතහොත් 7:1කි.
ඒ අනුව ගතවූ ජනවාරි සිට මාර්තු දක්වා හඳුනාගත් නව ආසාදිතයන් ද ඇතුළුව මේ වනවිට මෙරට තුළ HIV ආසාදිතයන් 6,740ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
2024 වසරේදී නව HIV ආසාදිතයන් 824ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවට අනාවරණ වී තිබේ.
ඉන් 47 දෙනෙකුට දිවි අහිමි වී ඇත්තේ එය, AIDS තත්ත්වය දක්වා වර්ධනය වීමෙනි.
ශ්‍රී ලංකාව, HIV ව්‍යාප්තිය අඩු මට්ටමක පවතින රටක් ලෙස සැලකුණත්, පසුගිය වසරේදී නව ආසාදිතයන් වාර්තා වීමේ සැලකිය යුතු වැඩිවීමක් තිබීමම අනතුරුදායක බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
අවුරුදු 15-29 යන වයස්වල පසුවන තරුණ පිරිස අතර HIV ආසාදන වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතැයි හඳුනාගැනීමත් අවධානයට ලක් කළ යුතු කරුණකි.
එසේනම් ඔබ HIV ආසාදිතයෙක් ද යන්න නිවැරදිව හඳුනාගන්නේ කෙසේද?
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් මේ සඳහා නොමිලේ සහ පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා සපයන අතර ශ්‍රී ලංකාව පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන 41 කදී HIV ආසාදිතයන්ට නොමිලේ ප්‍රතිවෛරස් ප්‍රතිකාර ලබාදෙයි.
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ක්ෂණික දුරකථන අංකයට (+94 703 733 933) අමතා රහසිගත සේවාවක් ලබා ගැනීම ද තවත් ක්‍රමයකි.
සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක KNOW FOR SURE යෙදුම හරහා මේ පිළිබඳ සියලු තොරතුරු මනාව දැනගත හැකිය.
එසේම HIV TEST KIT භාවිතයෙන් ස්වයං මුඛ තරල පරික්ෂාවක් හරහා HIV ආසාදිතයෙක් ද නැද්ද යන්න හඳුනාගත හැකිය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්