ජෝන් කීල්ස් ආයතනය LGBTIQ+ ප්‍රවර්ධනයේ..
ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර විසින් ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු විසින් පවසා ඇත්තේ ජෝන් කීල්ස් සමූහය LGBTIQ ප්‍රජාවේ ඇතුළත් කිරීම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
LGBTQ+ ප්‍රතිපත්තියක්, සංකේතයක්, බැනරයක් ලෙස ප්‍රවර්ධනය කරන හෝ අනුමත කරන සියලුම දෙනා - ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කෙරෙන අතර, මෙම සම්මුඛ සාකච්ඡාව තුළ LGBTIQ ප්‍රවර්ධන වීමක් සිදුවන බව ලංකා ලීඩර් පාඨකයන් පෙන්වා දෙන අතර, ජෝන් කීල්ස් සමූහයේ භාණ්ඩ හා සේවාවන් වර්ජනය කළ යුතු බවද ඔවුන් සඳහන් කරති.
මෙරට සුප්‍රසිද්ධ ආයතනයක් විසින් LGBTIQ ප්‍රවර්ධන කිරීම නීතිවරෝධී කටයුත්තක් මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක් ද වන අතර, LGBTIQ මුලපිරීමක් යනු ව්‍යවස්ථා විරෝධී මෙන්ම නීති විරෝධී කටයුත්තක් බව ජේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා විසින් 2025 ඔක්තෝබර් 02 The Island පුවත් පතට ලියූ ලිපියක ද පැහැදිලිව සඳහන් කර තිබේ.
එහි මේ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මෙසේය,
"මෙම ප්‍රතිපත්ති මාරුව සහ LGBTIQ මුලපිරීමක් අනුමත කිරීම ව්‍යවස්ථා විරෝධී වන අතර එබැවින් නීති විරෝධී ය. මෙම ව්‍යවස්ථාමය අනනුකූලතාවය ශ්‍රේෂ්ඨාධිකරණය (පී. පද්මන් සූරසේන (අග විනිසුරු), යසන්ත කෝදාගොඩ සහ කුමුදිනි වික්‍රමසිංහ ) විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත (2024) පිළිබඳ විශේෂ තීරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී. එම නඩුවේදී, අධිකරණය පැහැදිලිවම ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමානාත්මතාවය පිළිගන්නේ “ලිංගිකත්වය” (පිරිමි සහ ගැහැණු) මත පමණක් බවත්, “ලිංගිකත්වය” හෝ “ලිංගික අනන්‍යතාවය” මත නොවන බවත්ය."
LGBTIQ මුලපිරීමක් ව්‍යවස්ථා විරෝධී මෙන්ම නීති විරෝධී වේ
LGBTIQ ප්‍රවර්ධන කරමින් ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර විසින් ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය පහතින් දක්වා තිබේ.
ප්‍රශ්නය: අද වන විට සංවිධානයක සාර්ථකත්වය සඳහා වැදගත් ගොඩනැගීමේ අංගයක් ලෙස විවිධත්වය, සාධාරණත්වය සහ ඇතුළත් කිරීම (Diversity, Equity & Inclusion-DE&I) සැලකේ. කොටස් හිමියන් සහ අනෙකුත් කොටස්කරුවන් අපේක්ෂාවන්ට විවිධත්වය, සාධාරණත්වය සහ ඇතුළත් කිරීම DE&I ගැලපෙන්නේ කෙසේද?
ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර: අපගේ ආයෝජකයින්, ගනුදෙනුකරුවන්, වර්තමාන සහ අනාගතයේදී එකතු වීමට නියමිත කණ්ඩායම් සාමාජිකයින් සහ අනෙකුත් කොටස්කරුවන් අපගේ මූල්‍ය කාර්ය සාධනයට අමතරව අපගේ සදාචාරාත්මක, සමාජීය වශයෙන් වගකිවයුතු ව්‍යාපාරික පිළිවෙත්, ගෞරවනීය වැඩ පරිසරය සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා අපගේ වගවිමා අපේක්ෂා කරනු ලබනව. එබැවින්, අපගේ ආයතනික උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමේදී, ජෝන් කීල්ස් පාරිසරික, සමාජීය සහ පාලන අංශ කෙරෙහි සමබර අවධානයක් යොමු කරමින් Triple Botom Line(Triple Botom Line (TBL) යනු "P" තුන වටා කැරකෙන තිරසාර රාමුවකි:එනම් ජනතාව(People), ග්‍රහලෝකය(Planet) සහ ලාභය(Profit). ඉහත මූලික කරුණු තුන කෙරෙහි උපරිම අවධානය යොමු කිරීම මගින්, මූල්‍ය කාර්ය සාධනය වැඩිදියුණු කරන අතරම, සංවිධාන ලෝකය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට වැඩි ඉඩක් ඇත.) හෙවත් ත්‍රිත්ව පහළම රේඛාවේ ප්‍රවේශය ගනු ලබනවා. විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම අපගේ සමාජීය සහ පාලන රාමුවේ වැදගත් අංග වෙනවා.
අපි සැමවිටම විවිධත්වය අගය කර ඇති අතර පුද්ගලයෙකුගේ ජනවාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික දිශානතිය, වයස හෝ හැකියාව නොසලකා සේවා ස්ථාන වෙනස්කම් කිරීම තුරන් කිරීමට සාමූහික උත්සාහයක් ගෙන තිබෙනවා. සේවා ස්ථානයේ විවිධත්වය හඳුනා ගැනීමේදී ජෝන් කීල්ස් නිරන්තරයෙන් ප්‍රගතිශීලී ස්ථාවරයක් ගෙන තිබෙනවා.
“ජෝන් කීල්ස් හෝල්ඩින්ග් සමූහයේ සමාජිකයාගේ ජීවිතය” ඇතුළත් වීම අපට වැදගත් වන අතර, එහිදී සෑම කෙනෙකුටම තමන්ටම ආවේනික අයුරින් කටයුතු කළ හැකි අතර ගෞරවය සහ විශ්වාසය මූලික වටිනාකම් බවට පත් වෙනවා.
අපගේ ශ්‍රම බලකායේ කාන්තා අනුපාතය වැඩි කිරීම, අපගේ වටිනාකම් දාමයන් හරහා කාන්තාවන් සවිබල ගැන්වීම, ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය අවස්ථා ගණන වැඩි කිරීම සහ LGBTIQ+ ප්‍රජාවේ ඇතුළත් කිරීම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, 2020 දී "ONE JKH" සන්නාමය යටතේ අපගේ සියලු DE&I මුලපිරීම් ඒකාබද්ධ කර තිබෙනවා.


අදාළ ලිපියේ සබැදිය පහළින්...
https://echelon.lk/diversity-equity-and-inclusion-at-john-keells-group/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්