අර්ජුන මිහින්තලේ හිමි බැහැදකින්න යයි... ක්‍රිකට් සටන අත්නොහරින බවත් කියයි
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බැහැදකින් ගොස් ඇති අතර, එහිදී ඔහු මිහින්තලේ හිමියන්ට පවසා ඇත්තේ දූෂිතයින්ට එරෙහි ක්‍රිකට් සටන අත්නොහරින බවයි.
අර්ජුන රණතුංග මහතා ඊයේ (01) උදෑසන අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක සිය ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාදය ද ලබාගෙන තිබේ.
ඉන් අනතුරු ව ඔහු උන්වහන්සේ වෙත ක්‍රිකට් දූෂණ පිළිබඳ වාර්තාවක් ද ලබා දී ඇත.
ඉන් පසු අර්ජුන රණතුංග මහතා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන ඇති අතර, උන්වහන්සේට ද එම වාර්තාව ලබා දී ඇත.
එහිදී ඇති වී ඇති සංවාදය පහළින්...
අර්ජුන - "මේ ක්‍රිකට් කියන එක ක්‍රීඩා පනතකින් ආපු එකක් නේ..."
මිහින්තලේ හිමි - "එතකො ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ, කොම්පැනියක් කියලා...ඇයි එහෙම හැදුවා නම්, ජනාධිතිට මේකේ විධායකයේ ඇමතිව අස්කරන්න පුළුවන් නම්, ඇයි එයාට ඍජු තීරණ ගන්න බැරි ?"
අර්ජුන - "දැන් බලන්න ෂම්මි සිල්වා ලියලා තියෙනවා ලියුම් 5ක්. අපිට හම්බවුණේ ලියුම් 5යි. හැබැයි එයා ටීවි එකේ කියනවා ලියුම් 10ක් ICC එකට ලිව්වලු දේශපාලන බලපෑම් තියෙනවා කියලා. ඒ කියන්නේ රට පාවාදීමක් මේ මනුස්සයා කරලා තියෙන්නේ..."
මිහින්තලේ හිමි - "දේශද්‍රෝහියෙක්. ඔතන ඉන්න සදාචාර අයිතියක් නෑ ඔය මිනිහට. ක්‍රිකට් නෙමෙයි මුළු රටම ගොඩගන්න බැරි පාදඩ දේශපාලනඥයෝ නිසයි. තට්ටු මාරු කරන පක්ෂ LTTE හා සමානයි. මේ රටට කරලා තියෙන විනාශය. ඔබතුමා ඇමතිකම් දැරුවානේ. හෙණ ගහනවාද ක්‍රිකට් ඇමතිකම දුන්නම?"
අර්ජුන - "ක්‍රිකට් හැදෙන එකට කවුරුත් කැමති නෑ හාමුදුරුවනේ...මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන්න තියන්නේ. කලකිරීමෙන් ඉන්නේ හාමුදුරුවනේ මං අත්හරින්නේ නෑ. දැන් මමත් හිතුවේ පැත්තකට වෙලා ඉන්නවා කියලා. අම්මලා මට බනිනවා දරුවෝ බනිනවා. මම ආයේ හිතුවා අන්තිම පාරට මේක අරගෙන හදාගෙන යනවා කියලා..."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..