
අර්ජුන මිහින්තලේ හිමි බැහැදකින්න යයි... ක්‍රිකට් සටන අත්නොහරින බවත් කියයි
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බැහැදකින් ගොස් ඇති අතර, එහිදී ඔහු මිහින්තලේ හිමියන්ට පවසා ඇත්තේ දූෂිතයින්ට එරෙහි ක්‍රිකට් සටන අත්නොහරින බවයි.
අර්ජුන රණතුංග මහතා ඊයේ (01) උදෑසන අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක සිය ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාදය ද ලබාගෙන තිබේ.
ඉන් අනතුරු ව ඔහු උන්වහන්සේ වෙත ක්‍රිකට් දූෂණ පිළිබඳ වාර්තාවක් ද ලබා දී ඇත.
ඉන් පසු අර්ජුන රණතුංග මහතා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන ඇති අතර, උන්වහන්සේට ද එම වාර්තාව ලබා දී ඇත.
එහිදී ඇති වී ඇති සංවාදය පහළින්...
අර්ජුන - "මේ ක්‍රිකට් කියන එක ක්‍රීඩා පනතකින් ආපු එකක් නේ..."
මිහින්තලේ හිමි - "එතකො ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ, කොම්පැනියක් කියලා...ඇයි එහෙම හැදුවා නම්, ජනාධිතිට මේකේ විධායකයේ ඇමතිව අස්කරන්න පුළුවන් නම්, ඇයි එයාට ඍජු තීරණ ගන්න බැරි ?"
අර්ජුන - "දැන් බලන්න ෂම්මි සිල්වා ලියලා තියෙනවා ලියුම් 5ක්. අපිට හම්බවුණේ ලියුම් 5යි. හැබැයි එයා ටීවි එකේ කියනවා ලියුම් 10ක් ICC එකට ලිව්වලු දේශපාලන බලපෑම් තියෙනවා කියලා. ඒ කියන්නේ රට පාවාදීමක් මේ මනුස්සයා කරලා තියෙන්නේ..."
මිහින්තලේ හිමි - "දේශද්‍රෝහියෙක්. ඔතන ඉන්න සදාචාර අයිතියක් නෑ ඔය මිනිහට. ක්‍රිකට් නෙමෙයි මුළු රටම ගොඩගන්න බැරි පාදඩ දේශපාලනඥයෝ නිසයි. තට්ටු මාරු කරන පක්ෂ LTTE හා සමානයි. මේ රටට කරලා තියෙන විනාශය. ඔබතුමා ඇමතිකම් දැරුවානේ. හෙණ ගහනවාද ක්‍රිකට් ඇමතිකම දුන්නම?"
අර්ජුන - "ක්‍රිකට් හැදෙන එකට කවුරුත් කැමති නෑ හාමුදුරුවනේ...මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන්න තියන්නේ. කලකිරීමෙන් ඉන්නේ හාමුදුරුවනේ මං අත්හරින්නේ නෑ. දැන් මමත් හිතුවේ පැත්තකට වෙලා ඉන්නවා කියලා. අම්මලා මට බනිනවා දරුවෝ බනිනවා. මම ආයේ හිතුවා අන්තිම පාරට මේක අරගෙන හදාගෙන යනවා කියලා..."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
