
ජවාරම්කරුවන් පිරිසක් නඩත්තු කිරීමට පවතින ආනයන ප්‍රචලිත කිරීමේ කුමවේදයෙන් රටට සිදුවූ වින්නැහිය වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර නොමැතිව මෙරට පවතින සම්පත් නිවැරදිව කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකි ක්‍රමවේදය දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැහැදිලි කරයි.
රූපවාහිනී සංවාදයක දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ රටේ ගොඩබිම මෙන් අට ගුණයක් විශාල මෙරටට අයත් සාගරයේ ඇති සම්පත් වලින් නිසි ප්‍රයෝජනයක් තවමත් ගෙන නොමැති බවයි.
සාගරයෙන් මෙන්ම මෙරට පවතින මිනිරන් හා ඛනිජ වැලි වැනි වටිනා සම්පත්වලින්ද රටේ ආර්ථිකයට දැවැන්ත මුදලක් ඉපයිය හැකි බවත්, ජාවාරම්කරුවන් පස්හය දෙනෙකු නඩත්තු කරන ආනයන ප්‍රචලිත කිරීමේ ක්‍රමවේදයෙන් මිදී රටේ සම්පත් නිවැරදිව කලමණාකරණය කිරීම මගින් ආර්ථික අර්බුදයෙන් මිදිය හැකි බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙයි.
රටේ පවතින ප්‍රධාන අර්බුද තුන වන ගෙවුම් ශේෂ හිඟය, ණය අර්බුදය, රාජ්‍ය ආදායම් අර්බුදය විසඳා ගැනීමට රටේ සම්පත් මෙන්ම කර්මාන්ත පද්ධතිය මගින්ද සුවිසල් දායකත්වයක් ලබාගත හැකි බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පවසයි.
ගෙවුම් ශේෂ අර්බුදය මතුවන්නේ වෙළෙඳ හිඟය නිසා බවත්, 1978 වන විට මෙරට ධන වෙළෙඳ ශේෂයක් තිබූ බවත් එයට හේතු වූයේ 1970 සිට දේශීය ආදායම් ආරක්ෂා කිරීමට පැනවූ නීති හා ප්‍රතිපත්ති බවත් ඒ මහතා සඳහන් කරයි.
එහෙත් 1978 න් පසුව එම තත්ත්වය සහමුලින්ම වෙනස් වූ බවත්, විවෘත්ත ආර්ථිකය හරහා එම තත්ත්වය නිර්මාණය වූ බවත් ඔහු පවසයි.
ආර්ය ශීලි වික්‍රමනායක මහතා වැනි දේශීය කර්මාන්ත කරුවන් නොසිටින්න මෙරට කිරි ගොවීන් ද අන්ත අසරණ තත්ත්වයකට පත්වන බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම රූපවාහිනී සංවාදය සඳහා පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරිය ශීලි වික්‍රමනායක මහතා ද එක්ව සිටි අතර, ඒ මහතාද රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙල පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
