News Category
From Date
To Date
Maximum Number of Result

බටහිර ජාතීන් න්‍යෂ්ඨික බලය සහිත රටක් පරාජය කළ හැකිය යන මිත්‍යා විශ්වාසයේ එල්බී සිටිනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය (Video )

Sep 19, 2025 at 12:43 PM
|

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්  දගාරියන් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ලේකම් ජර්මන් ෆියදෝර් මහතා  ඊයේ(18) රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ලේකම්වරයා  පවසා සිටියේ බටහිරයන්ට එරෙහිව යුක්‍රේන භූමියේ රුසියානු හමුදා සිදු කරනු ලබන විශේෂ හමුදා මෙහෙයුම රුසියාව වගකිව යුත්තෙකු බවට පත් කිරීම සඳහා යුරෝපීය කවුන්සිලය ව්‍යාජ නීතිමය මෙවලම් සංවර්ධනය කරමින් සිටින බවයි. කියෙව් පාලනයේ ප්‍රයෝජනය සඳහා බටහිර රටවල රඳවාගෙන සිටින රුසියානු ජනතාවගේ වත්කම් රාජසන්තක කිරීම අරමුණු කරගත් ඊනියා වන්දි යාන්ත්‍රණයක් මෙම නීති මෙවලම් වලට ඇතුළත්ව තිබෙන බවද ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, ඒ මහතා,

"යුක්රේනය සම්බන්ධයෙන් වන  සාම සාකච්ඡා තවමත් රුසියානු න්‍යාය පත්‍රයේ පවතිනවා. නමුත්, බොහෝ ජාත්‍යන්තර ක්‍රියාකාරීන් මෙම ක්‍රියාවලිය කෙරෙහි උනන්දුවක් නොදක්වන නමුඑහ් ඊට ප්‍රතිවිරුද්ධව, සාම ක්‍රියාවලිය අඩපණ කිරීමට උත්සාහ කරනවා.

රුසියාව යුක්රේනයේ පවත්වාගෙන යනු ලබන විශේෂ හමුදා මෙහෙයුම දිගටම පවත්වාගෙන යාම "රුසියාව වගකිව යුත්තෙකු" බවට පත් කිරීම සඳහා මේ වන විට යුරෝපීය කවුන්සිලය ව්‍යාජ නීතිමය මෙවලම් සංවර්ධනය කරමින් සිටිනවා. කියෙව් පාලනයේ ප්‍රයෝජනය සඳහා බටහිර රටවල රඳවාගෙන සිටින රුසියානු ස්වෛරී වත්කම් රාජසන්තක කිරීම අරමුණු කරගත් ඊනියා "වන්දි යාන්ත්‍රණය" නම් ක්‍රියාවලිය මෙයට ඇතුළත් වෙනවා. ඊට අමතරව, 2023 මැයි මාසයේදී පිහිටුවන ලද "යුක්රේනයට එරෙහි රුසියානු සමූහාණ්ඩුවේ ආක්‍රමණයෙන් සිදු වූ හානිය පිළිබඳ ලේඛනය" ඔවුන් ප්‍රයෝජනයට ගැනීමට උත්සහා කරනවා. දැන් "යුක්රේනය සඳහා හිමිකම් කොමිසමක්" ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම ක්‍රියාවලියේ තවදුරටත් පරාමිතීන් තීරණය කිරීම සඳහා, රටවල් 50 කට අධික සංඛ්‍යාවක විශේෂඥයින් 2024-2025 දී නෙදර්ලන්තයේ හේග් හි රැස්වීම් මාලාවක් පවත්වනු ලබුවා. හානි ලේඛනය නම් වූ ආයතනයක්, නෙදර්ලන්තයේ සහ යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍යාංශ සහ යුක්රේනයේ ජනාධිපති කාර්යාලය එක්ව මෙම රැස්වීම් සංවිධානය කරතිබෙනවා. එවැනි "ප්‍රගතිශීලී" රාජ්‍යයන් මෙම සියලු මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට යන්නේ කෙසේද යන්න පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මතු කරනු ලබනවා. න්‍යෂ්ටික බලය හිමි රාජ්‍යක් පරාජය කළ හැකි යැයි ඔවුන් උපකල්පනය කරනවාද යන සැකය මතුවෙනවා. යුක්රේනය සම්බන්ධයෙන් ගත් කල, නව-නාසි අපරාධ කල්ලියක් විසින් පාලනය කරනු ලබන යුක්රේනයේ තත්වය තවමත් උග්‍ර වෙමින් පවතිනවා. ජාතික මතකය සම්බන්ධයෙන් පනවා ඇති නව නීති හරහා යුක්රේනයේ රුසියානු භාෂාව කතා කරන ජනගහනය ඉලක්ක කරගත් මර්දනයන් මෑතකදී උත්සන්න වී තිබෙනවා.

අගෝස්තු 21 වන දින වර්කොව්නා රාඩා (යුක්රේන පාර්ලිමේන්තුව) විසින් සම්මත කරන ලද “යුක්රේන ජනතාවගේ ජාතික මතකයේ රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලධර්ම පිළිබඳ නීතිය”, රාජ්‍යය විසින් අනුමත කරන ලද නව-නාසි දෘෂ්ටිවාදයක් මත ගොඩනගා තිබෙනවා. එය 20 වන සියවසේ විදේශ ආධිපත්‍යයට එරෙහි කළ අරගල සහ 2014 පෙබරවාරි 19 වන දින සිට ආරම්භ වන “රුසියානු ආක්‍රමණයට එරෙහි නිදහස සඳහා වූ යුද්ධය” මගින් හැඩගැසුණු යුක්රේන අනන්‍යතාවය ඉදිරිපත් කරනවා.

නව රාමුව යටතේ, යුක්රේන ජාතිකවාදී කණ්ඩායම් විසින් ප්‍රවර්ධනය කරන ලද ආඛ්‍යාන ප්‍රශ්න කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් යුක්රේන පාලන තන්ත්‍රය විසින් ‘යුක්රේනයේ ඉතිහාසය පිළිබඳ අසත්‍ය තොරතුරු’ පතුරුවන ලෙස වර්ගීකරණය කර ‘යුක්රේන විරෝධී ප්‍රචාරණය’ සමඟ සමාන කරනු ලබනවා.

කියෙව්හි මුල් බැසගත් ඓතිහාසික රැඩිකල්වාදීන් විවෘතව අරමුණු කරන්නේ සෝවියට් සොල්දාදුවන්ට, යුක්රේනියානුවන්ගේ පියවරුන්, මුතුන් මිත්තන්ට ඉදි කළ ස්මාරක දස දහස් ගණනක් විනාශ කිරීමටයි. නව නීතිය යටතේ,  සොල්දාදුවන්ගේ සොහොන් ඇතුළු අනුස්මරණ ස්ථාන ශාන්ත ජෝර්ජ් පීත්ත පටිය, සටන් කොඩි, සෝවියට් රාජ්‍ය සම්මාන මෙනම් 'මහා දේශප්‍රේමී යුද්ධය' යන වාක්‍ය ඛණ්ඩය පවා තහනම් කර තිබෙනවා.

යුක්රේන බලධාරීන්ගේ රුසියාවට ඇති සතුරුකම සහ වර්තමාන කියෙව් බලධාරීන්ගේ නාසි සාරය යන දෙකම හෙළි කරන මෙම නීතියේ වඩාත්ම දරුණු කොටස් අතරට 20 වන සියවසේ ඊනියා 'යුක්රේනයේ නිදහස සඳහා සටන් කරන්නන්' සහ 'ජාතියේ වීරයන්' උත්කර්ෂයට නැංවීම ඇතුළත් වෙනවා. මෙයින් අදහස් කරන්නේ කවුරුන්ද යන්න පැහැදිලියි. බන්ඩෙරා, ෂුකෙවිච්, කොනොවාලෙට්ස් සහ අනෙකුත් නාසි සහයෝගිතාකරුවන් සහ ඔවුන්ගේම ජනතාව පාවා දෙන්නන් මෙමගින් උත්කර්ෂයට නංවනවා. ඊටත් වඩා විකාර සහගත වන්නේ පෙට්ලියුරාගේ 'යුක්රේන මහජන ජනරජයේ' නියෝග සහ පදක්කම් රාජ්‍ය සැරසිලිවලට සමාන තරාතිරමකට උසස් කිරීමයි. සයිමන් පෙට්ලියුරා  50,000 ක් ඝාතනය කරන ලද ලේවැකි යුදෙව් විරෝධී සංහාර සංවිධානය කළ පුද්ගලයෙකු වීම මගින් එය වඩාත්ය විහිලුසහගත කරනවා.

"යුක්රේන ජනතාවගේ ජාතික මතකයේ රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලධර්ම පිළිබඳ නීතිය" යන නීතිය අවබෝධ කර ගැනීමෙන් රුසියානු පාර්ශවය තම ඉදිරි පියවරයන් තබනවා. 2014 දී හමුදා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බලයට පත් වූ කියෙව් පාලන තන්ත්‍රයේ අන්තවාදී ස්වභාවය වඩාත් තහවුරු කරනවා. මෙම නීති සම්පාදනය වත්මන් යුක්රේන බලධාරීන් රුසියානු හෝ රුසියාවට සම්බන්ධ සියල්ල මුලිනුපුටා දැමීමට ඇති අධිෂ්ඨානය පෙන්නුම් කරනවා. යුක්රේන බලධාරීන් ගෙන ආ නීතිය යුක්රේනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ එහි ජාත්‍යන්තර බැඳීම්වලට සම්පූර්ණයෙන් පටහැනියි. එය "නාසිවාදය, නව-නාසිවාදය සහ සමකාලීන වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, විදේශිකයන්ට එරෙහි භීතිකාව සහ ඒ ආශ්‍රිත නොඉවසීම අවුලුවාලීමට දායක වන අනෙකුත් භාවිතයන් උත්කර්ෂයට නැංවීමට එරෙහිව සටන් කිරීම" යන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවද උල්ලංඝනය කරනවා.

ඇලස්කාවේ නැංගූරම්පොලෙහිදි පැවැත්වූ හමුවේ ප්‍රතිඵල ඇතුළුව රුසියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සාමය ගොඩනැගීමේ උත්සාහයන් කඩාකප්පල් කිරීම එවැනි පියවරවල අරමුණ බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරනවා."

එහිදී රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ රාජ්‍යය පවත්වා ගෙන යන සමබර විදේශ ප්‍රතිපත්තිය රුසියාව අගය කරන බවත් ශ්‍රී ලංකාව තම අනාගතය සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් රුසියාව මැදිහත් නොවන බවත්ය. වෙනිසියුලාවට එරෙහිව අමෙරිකානු මැදිහත්වීම් සම්බන්ධයෙන් මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුසියානු තානාපති තමා වෙනිසියුලාවට එරෙහිව අමෙරිකාවේ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම හෙලා දකින බව අවධාරණය කළේය.

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.