ඉසිවර වෙදදුරු වෛද්‍ය පාලිත රාජපක්ෂට සාධාරණය ඉටුකරනු!
අපේ රටේ බොහෝ වෙලාවට රෝගින් ගේ ජීවිත බේරගන්න වෙන්නේ රෝගියා රෝහලට ගෙනාවාට පසු අඩු ගානේ යුද්ධය පවතින කාලයේ පවා ඒ ස්ථානයට ගිහිල්ලා මූලික ප්‍රතිකාර කලේ නැති බවයි. අපි දන්නේ එහෙම ප්‍රතිකාර කලා නම් ඒ යුධ බිමේ සිටි හමුදාවන්ට සම්බන්ධ හමුදා වෛද්‍යවරු ඒ වගේම රෝගියා කුමන තරාතිරමක කෙනෙක් වුනත් රෝහලට ගෙනාවාට පසු ඔහු රෝගියෙක් සේ සලකා වෙනස් කොට සැලකීමෙන් තොරව රෝගියා ගේ ජීවිතය බේරාගැනීමට නිදිවර්ජිතව කාලය පිලිබඳව තැකිමක් නොකොට ප්‍රතිකාර කිරීම අපේ රටේ සිදුවන්නක්. ඒ අපේ රටේ ඉසිවර වෙදදුරන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පින් සිදුවන්නට අපේ කථානායක ඉසිවර වෙදදුරු ඊටත් එහා ගිය කෙනෙක් බව පසුගිය දිනක ඇල්ල ප්‍රදේශයේ සිදුවු බිහිසුණු මාරක අනතුරෙන් පසුව රටම දන්නා ප්‍රසිද්ධ කරුණක්.
ඔහුටත් තිබුනා තමන්ගේ රෝගි තත්ත්වය සහ සාමාන්‍ය විදිහට හිතලා රෝගින් රෝහලට ගෙනාවාට පසු ප්‍රතිකාර කීරීමට එහෙම වුනා නම් මීටත් වඩා රෝගින් මියයන්න තිබුනා. නමුත් ඉසිවර වෙදදුරුකු හැටියට ඔහු දන්නවා එවැනි අනතුරකදී කෙතරම් සද්බාවයෙන් වුනත් මිනිස්සුන් අතින් සිදුවන වැරදි වලින් තවත් පිරිසක් මියයාමට හැකි බව ඒ නිසාම ඔහු තීරණය කරන්න ඇති අදාල ප්‍රදේශයට ගොස් රෝගින් බේරාගැනීමට කටයුතු කිරීමට. අපි මීට පෙරත් දැක්කා ඔහු බදුල්ල ප්‍රදේශයේ පස් කන්ඩියකට යටවු පුද්ගලයින් බේරාගන්න මඩේ බැහගෙන වෙදදුරුකුට එහා ගිය රාජකාරියක් කරනවා.තමන්ගේ වයස සහ තමන්ගේ රෝගි තත්ත්වය වේලාව ගැනවත් හිතන්නේ නැතිව හමුදාවක පුහුණු සොල්දාදුවකු වගේ අඩි දහසක් පමණ ප්‍රපාතයකට බැහලා මූලික ප්‍රතිකාර කරලා රෝගින් කරමතින් ඉහලට රැගෙන ඒමේදී සිදුවන හානී වලකාලිමට කටයුතු කර තිබිම අතිශයින්ම ප්‍රසංසනීය කටයුත්තක්. ඒ නිසාම මියයාමට තිබුණු තවත් පිරිසකගේ ජීවිතය රැක ගැනීමට හැකිවූ බව රහසක් නොවෙයි.ඒ වගේම අදාළ රෝගින් රැගෙන ඒමේ කුඩා ඇඳන් ලබාදීලා තිබුනෙත් රජයෙන් නෙවෙයි. ඔහුගේ ඉල්ලිම මත නිදහස් සෞඛ්‍ය සේවයට ආදරය කරන මුස්ලිම් සහෝදරවරු පිරිසක් විසින්. මම හිතන්නෙ ඔහුව අද වෙනකොට නොදන්න කෙනෙක් නෑ.ඒ ඇල්ල බස් රථ අනතුරේදි එම ස්ථානයට ගොස් අවශ්‍ය මූලික ප්‍රථමාධාර දීල ජීවිත රැසක් බේරගත්ත වෛද්‍යවරයෙක් ලෙස.
ඔහු මෙසේ අනතුරු සිදුවුන තැනට ගිහින් ප්‍රතිකාර කළ පලමු අවස්ථාව නොවෙයි.ඔහු මෑත කාලීනව මෙහෙම හදිසි අනතුරු බහුල මේ ප්‍රදේශවල රෝහල් සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් රූපවාහිනි වැඩසටහනකදී පවා අදහස් දැක්වූවා. ඔහුගේ මැදිහත් වීමෙන් බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු හදිසි ප්‍රතිචාර ඒකකයක් නිර්මාණය කර තිබෙන්නේ බොහෝ කාලයකට පෙර සිටයි.
ඔබ දන්නවාද?...
ඔහු හෘදායාබාධ දෙවරක් හැදිල "ස්ටෙන්ට්" දෙවරක් දමා සිටින වෛද්‍යවරයෙක්.ඔහු මේ සියලු හදිසි අනතුරු ප්‍රතිකාර සදහා ඉතා අවදානම් තැන්වලට යන්නෙ ඔහුගේ සෞඛ්‍ය තත්වයද නොසලකමින්.ඔහු රෝහලේ ඕනෑම හදිසි අවස්ථාවක් සදහා ඔහුගේ රාජකාරි වෙලාවෙන් බැහැරව උවත් සම්බන්ධ වෙන්නෙ ඔහුගේ නායකත්වය ඔහු ඕනෑම වෙලාවක දෙන්න සූදානම් නිසා. ඔහු අතිදක්ෂ ලෙස හදිසි ප්‍රතිකාර හසුරුවන්නෙක්. ඒ නිසාම ඔහු බදුල්ල ප්‍රදේශයේම ඉතා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් සහකාර ලේකම්වරයා මෙන්ම රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ කාලයක් සක්‍රීය ලෙස දායක වෙමින් වෛද්‍යවරුන් පමණක් නොව සමස්ත සෞඛ්‍ය කන්ඩායමේ උන්නතිය වෙනුවෙන් වැඩ කල වෛද්‍යවරයෙක්. ඔහු බදුල්ල මහ රෝහලට නැත්නම් ඌවට හෘදායාබාද ජිවිතාරක්ෂක හදිසි ප්‍රතිකාර angiogram උපකරණයක් ලබා ගැනීම වෙනුව්න් දියත් කර ඇති ව්‍යාපෘතියෙ නායකත්වය දරන්නෙත් ඔහු. එලෙසම ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට සුවිශේෂ වැඩ කොටසක් ඔහු සිදු කළා.
නමුත් ඔබ දන්නවාද?
ඔහු 2022 ඇතිවූ බෙහෙත් හිගය සමයේ ඔහු රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් ලෙස බදුල්ල රෝහල සම්බන්ධයෙන් කළ මාධ්‍ය ප්‍රකාශයට සම්බන්ධයෙන් ඔහුට විනය ක්‍රියාමාර්ගකට මේ මොහොතේ මුහුණ දෙන බව. ඔහු පසුගිය රජයන්හි සෞඛ්‍ය අර්බුදයන් සම්බන්ධයෙන් ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණ සැබෑ තතු ජනතාවට හෙලි කිරීම සම්බන්ධයෙන් පසුගිය රජයන්හි මැති ඇමතිවරුන්ගෙ පලි ගැනීම්වලට ලක්ව අහේතුක විමර්ශනයන් ආරම්භ කර ඇති වග. ඒ අනුව රෝගින්ට ප්‍රතිකාර කිරීමට ඖෂධ නැතයි කීම විනය පරීක්ෂණවලට මුහුණ දෙන්න සිදුවෙච්ච් අවාසනාවන්ත රටක්. ඉතින්, අපේ රටේ මේ වගේ දක්ෂ වෛද්‍යවරු රටින් නොයා ඉදීවිද?
එහෙම උනොත් හදිසි අනතුරකදී අපේ ජීවිත වලට වගකියන්නේ කවුද?.මෙ සියලු පලිගැනීම් හා ප්‍රශ්න හමුවේ උවත් ඔහු ඔහුගේ වගකීම් නිසි ලෙස ඉටු කරමින් ඌව ජනතාවගේ සෞඛ්‍ය නගාසිටුවීම වෙනුවෙන් තවමත් සටන් කරමින් සිටිනවා.වත්මන් රජයේ වගකීමක් ලෙස අපි සියලු දෙනා එක් හඬින් ඉල්ලීම් කළ යුත්තේ ඔහුට අසාධාරණ ලෙස පසුගිය පාලන සමයේ කල අයුක්ති සහගත විමර්ශන හා විනය ක්‍රියාමාර්ග කඩිනමින් සාධනීය ලෙස අවසන් කල යුතු බව නොවේද? එබැවින් මේ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉසිවර වෙදදුරු වෛද්‍ය පාලිත රාජපක්ෂ වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස වත්මන් රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු!
සමාජ මාධ්‍යයේ තිබු ලිපියක් සංස්කරණය කිරීමෙන් පසු කරනු ලබන පල කිරීමකි.

වසන්ත අල්විස්
මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්