
කාඩ් නැතිව ලයිසන් ලක්‍ෂ 10ක් ගොඩගැහිලා... හොර පාරෙන් වැඩේ කරදෙන ජාවාරමකුත් හෙළිවෙයි
රියැදුරු බලපත් මුද්‍රණය සඳහා කාඩ්පත් නොමැති නිසා රියදුරු බලපත්‍ර ලක්‍ෂ දහයක් පමණ මුද්‍රණය කර ගැනීමට නොහැකිව ගොඩගැසී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසා ඇතැයි ජාතික පුවත්පතක් හෙළිකරයි.
විදෙස්ගත වන අයට හා අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් දිනකට රියදුරු බලපත්‍ර දෙසීයක් පමණ මුද්‍රණය කරන බව ද දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් එහිදී ප්‍රකාශ කර තිබේ.
රියදුරු බලපත්‍ර මුද්‍රණයට කාඩ් නොමැතිකම දඩමීමාකර ගනිමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ එක්තරා ප්‍රධානියකු තැරැව්කරුවන් හා එක්ව දිනකට රියදුරු බලපත්‍ර හත්සියයක්, අටසියයක් හොර පාරෙන් මුද්‍රණය කරවන බවට ද එම නිලධාරියා පවසා තිබේ.
ඒ සඳහා එක් අයකුගෙන් රුපියල් පන්දහසකට අධික මුදලක් අමතරව ලබාගන්නා අතර එමගින් අදාළ නිලධාරියා සතියකට රුපියල් ලක්‍ෂ දහයක්, විස්සක් අතර මුදලක් උපයාගන්නා බවට ද තොරතුරු හෙළිවී ඇත.
කෙසේ වෙතත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ රියදුරු බලපත්‍රවල ප්‍රශ්න ඇති වී තිබුණේ කාඩ් නොමැති වීම නිසා නොව මුද්‍රණ යන්ත්‍රවල හිඟය නිසා බවයි.
මේ පිළිබඳව අදහස් දක්වන ඒ මහතා,
"රියදුරු බලපත්‍රවල ප්‍රශ්නේ තිබුණේ කාඩ් නොමැති වීම නෙමෙයි. පසුගිය කාලයේ ආර්ථික අර්බුදය සමග රටේ ඇති වූ තත්ත්වය හේතුවෙන් එල්සී විවෘත කරගන්න බැරිවෙලා කාඩ් ගෙන්න ගන්න බැරිවුණා. ඊට පස්සේ අපි කාඩ් ගෙනල්ලා තියෙනවා. නමුත් අපිට කාඩ් ප්‍රින්ට් කරන මැෂින්වල ප්‍රශ්නයක් තිබුණා. මේ සඳුදා තමා මට අලුත් මැෂින් තුන ආවේ. ඒකේ ප්‍රින්ටින් මේ සතියේ පටන් ගන්නවා. මම බලාපොරොත්තු වෙනවා මාස 6ක් තුළ මේ ගොඩගැහිලා තියෙන ටික ප්‍රින්ට් කරලා අවසන් කරන්න."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
