News Category
From Date
To Date
Maximum Number of Result

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයකට එන්නේ නැහැ... වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය උදාවෙලා - විමල් වීරවංශ

Nov 30, 2023 at 07:25 AM
|

එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමාවත් උදය ගම්මන්පිල මහතාවත් ඇමති ධුරවලින් නෙරපාහැරීම, එම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කළා සේම, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් නෙරපාහැරීම වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරනු ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

එසේම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ධුරයෙන් නෙරපාහරිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වූයේ වෙන කිසිවක් නොව තමන් “හොරු සමග හෙළුවෙන්” බව යැයි ද වීරවංශ මහතා මෙහිදී කීය.

පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙන මේ අවස්ථාවේ ඊට පමණක් සීමා නොවී සමස්තයක් ලෙස මෙවර අයවැයේ බලපෑම පිළිබඳව කරුණු දැක්වීමට මා මේ අවස්ථාව යොදා ගන්නවා.

“රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතිය”

මීට ඉහතදී කරුණු දක්වපු රාජ්‍ය ඇමතිතුමන් පැවසුවා, ‘රාජ්‍යය සහ ජනතාව අතර පවතින සම්මුතිය කොතරම් දුරට ආරක්ෂා වෙනවාද? බලාත්මක වෙනවාද? කියන එක මත තමයි රාජ්‍ය පරිපාලනය ඇතුළු අනිකුත් සෑම අංශයකම පැවැත්ම හෝ විනාශය රඳා පවතින්නේ’ කියා. මේ වන විට ‘රාජ්‍යය සහ ජනතාව අතර පවතින සම්මුතිය ශක්තිමත් වෙමින් ද තිබෙන්නේ? දුර්වල වෙමින් ද තිබෙන්නේ?’ ඊයේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් නෙරපාහැරියා. ඊට හේතුව තමයි ඔහු ඉතා නිවැරදිව, නිර්භයව ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිතයන් පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම.

කුණු කාණුව දිගේ බඩගාන්නෙ නැතිව…

වර්තමාන ජනාධිපතිවරයාගේ ඔළුවට ඔය ඔටුන්න වැටුණේ, තිබුණු පාලනය දූෂිතයි, කියලා ඇතමුන් කෑගහලා කියපු නිසයි; ‘ඒ දූෂිත පාලනය තමයි මේ ආර්ථික අර්බුදයට හේතුව’ කියලා කට්ටියක් මතයක් නිර්මාණය කළ නිසයි; ඒ දූෂිත පාලනය වෙනුවට අදූෂිත පාලනයක් ඇති කරන්න ‘අරගලයක්’ උත්පත්තිය ලබපු නිසයි. ඒ අරගලයේ පිහිටෙන් ‘කුණු කාණුව දිගේ බඩගාන්නෙ නැතිව’ වර්තමාන ජනාධිපතිවරයාගේ ඔළුවට ඉබේම ඔටුන්න පතිත වුණා. හැබැයි ඊයේ, ජනාධිපතිවරයා දූෂිතයන්ට එරෙහිව කතා කරන අමාත්‍යවරයාව එළියට දාලා, දූෂිතයන්ගේ පැත්තෙ හිටගනිමින් තමා කවුදැයි ඉතා මැනවින් පෙන්වා දුන්නා. ‘රාජ්‍යය සහ ජනතාව අතර තිබෙන සම්මුතිය’ මෙමගින් රැකෙනවා ද?

ආණ්ඩුවේ අවසානයේ ආරම්භය…

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එදා මාවත් උදය ගම්මන්පිල මැතිතුමාවත් ඇමතිකම්වලින් එළියට දැම්මා. ඒක තමයි ඒ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වුණේ; ‘රාජ්‍යය සහ ජනතාව අතර තිබෙන සම්මුතිය බිඳවැටීමට පටන් ගත්තේ. ඒ වගේම රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතිය බිඳවැටීමට පටන් ගනිමින්, මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය තමයි ඊයේ සනිටුහන් වුණේ. රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ධුරයෙන් නෙරපාහරිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වූයේ වෙන කිසිවක් නොවෙයි තමන් ‘හොරු සමග හෙළුවෙන්’ කියලයි.

‘සදාචාරාත්මක වැහැරීම’

ඒ නිසා රාජ්‍ය අමාත්‍යතුමනි, ඔබතුමා දැනගන්න ඕනේ, ‘රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතිය බලවත් වන්නේ සදාචාරාත්මක වශයෙනුයි,’ කියලා. මතක තබාගන්න, සදාචාර විරෝධී ලෙස එම සම්මුතිය බලවත් වෙන්නෙ නැහැ. රාජ්‍ය පරිපාලනයේ සිටින නිලධාරීන්ට, රාජ්‍ය පරිපාලනය හා බැඳුණු වගකීම මනාව ඉටු කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍යය සහ ජනතාව අතර ඇති සම්මුතිය ශක්තිමත් වෙනවා නම් විතරයි. නමුත් හොරුන්ට විරුද්ධව සටන් කරපු ඇමතිවරයාව එළියට දාලා හොරුන් එක්ක හිටගන්නවා නම් එතැන තිබෙනවා ද සදාචාරාත්මක බලවත් වීමක්? එතැන තිබෙන්නේ සදාචාරාත්මක පිරිහීම. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව, එදා අර්බුදයක් මැද හිටගෙන ‘මොකුත් නොදන්න තොත්ත බබෙක් වගේ’ යනකොට ඒකට විරුද්ධව අමාත්‍ය මණ්ඩලය ඇතුළේ කතා කරලා, ඇහුම්කන් නොදෙන කොට මේ තත්ත්වය රටට ඇහෙන්න කතා කළාම ඒකට උත්තරය අපව එළියට දමන එක නම් ඒක තමයි එදා සදාචාරාත්මක වැහැරීමේ ආරම්භය. ඒ වගේම ‘වර්තමාන රනිල් වික්‍රමසිංහ පාලනයත්’ ඒ සදාචාරාත්මක බලය අහිමි කර ගැනීමේ ආරම්භය ඊයේ සනිටුහන් කළ බව මම යළිත් අවධාරණය කරනවා.

ලක්ෂ 18කට විදුලිය අහිමි වෙයි!

රටවැසියාට පෙනෙන්න ඕනේ නැද්ද, ‘රාජ්‍යය විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරනවා, කියලා. එතැනින් නේද මේ සම්මුතිය වඩවඩාත් බලවත් වෙන්නෙ? අද වෙමින් තිබෙන්නේ මේ සම්මුතිය බිඳවැටීම. මේ සම්මුතිය රැකෙන්න හැමදේම බලපානවා. දැන් බලන්න, අද වන විට පවුල් ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයකගේ විදුලිය කපලා. ඒ අයට මේ අධික විදුලි බිල ගෙවාගන්න බැහැ. ඒ විතරක් නොවෙයි තවත් ලක්ෂ 12කට ‘රතු බිල’ එවලා. ඒ ලක්ෂ 12 අතර පවුල් පමණක් නොවෙයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවනුත් ඉන්නවා. මේ විදිහට ගිහින් ඒ ලක්ෂ 12ගෙත් විදුලිය කැපුවාම විදුලිය අහිමි ඒකක ගණන ලක්ෂ දහඅටයි. මේක මෙතැනින් නතර වෙන්නෙත් නැහැ. ලබන අවුරුද්දේ සිට වැට් බද්ද සියයට 18ක් වෙනවා; මෙතෙක් වැට් බද්ද බලපාපු නැති ක්ෂේත්‍ර ගණනාවකට ඒක අදාළ කරනවා. තමුන්නාන්සේලා හිතන්නේ, ‘මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න අපේ සමාජය ගල් යුගයට ගෙන ගියාම හරියි’ කියලා ද? දැන් රාජ්‍ය සේවකයාට රුපියල් දසදහසකින් වැටුප වැඩි කළාම ඔක්කොම හරිද? නමුත් මේ පාලකයන් මේ රටේ හැම මිනිහෙක්ටම රුපියල් විසිදහසක පමණ බදු බරක් අලුතෙන් පනවලා තියෙනවා.

රනිල් යළි එන්නේ නැහැ!

මම නම් හූනා කිව්වා වගේ කියන්නම්, රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණයකට එන්නේ නැහැ. කවුරුහරි හිතනවානම් ‘එයා එයි’ කියලා, ‘අනේ පව්’ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. එතුමා කිසිසේත්ම ජනාධිපතිවරණයකට එන්නේ නැහැ වගේම ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන ඉතුරු කාලයේ යෙහෙන් වැජඹෙන්න බලයි. ඒ හින්දා දැන් පඳුරකට ගැහැව්වත් ජනාධිපති අපේක්ෂකයෝ හැටක් විතර විසි වෙනවානේ. ඒක අතුරු කතාවක්.

රටේ ‘පාලන සුක්කානම’…

රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහොමහරි ජනාධිපති පුටුවට ගියාට එතැනින් එහාට එයාට වගකීමක් නැහැ. මේ ඉතිරි කෙටි කාලය තුළ ලබාගන්න පුළුවන් වාසිය සොයාගෙන යනවා මිසක් මේ කෙටි කාලය තුළ රටට සාධාරණයක් ඉටු කිරීමට ඔහුට උවමනා නැහැ. ඒ නිසා අද අපේ රටේ ‘පාලන සුක්කානම’ තිබෙන්නේ රටේ අනාගතය ගැන කිසිදු වගවීමක් නොදරන පුද්ගලයෙකු අතේයි. ඒ රාජ්‍ය පාලන සුක්කානම එතුමාට භාර දීලා, 69 ලක්ෂයේ ජනවරමින් බලයට ආපු අය, ‘දැන් බස් එක හොඳට යනවා’ කියලා හිතනවා.

‘කලහකාරී ප්‍රතික්‍රියා’

ඉදිරියේදී වැට් බද්දේ පරාසය පුළුල් කළාම තේ කර්මාන්තයටත් ඒක බලපානවා. දැනටත් සැලකිය යුතු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රමාණයක් වැසී ගොස් තිබෙනවා. ලබන අවුරුද්දේ එන අලුත් බදු සමග සමාජ ආතතිය තවතවත් වැඩි වෙනවා. සමාජ ආතතිය වැඩි වන විට රාජ්‍යය සහ ජනතාව අතර පවතින සම්මුතිය බිඳවැටෙනවා. මේ විදිහට සමාජ ආතතිය වැඩි වෙනකොට තමයි අනාගත පුරෝකතනයකින් තොරව කලහකාරී ප්‍රතික්‍රියා දැක්වීමට ජනතාව පෙළඹෙන්නේ. මේ අයවැයෙන් කරලා තියෙන්නේ රාජ්‍යය සහ ජනතාව අතර තියෙන සම්මුතිය වඩා යහපත් අතට හැරවීම නොවෙයි, එය ඉතාමත් නරක විදිහට බිඳවැට්ටවීමයි. මේ බිඳවැට්ටවීම මගින් සිදු වන්නේ රට අරාජිකත්වය කරා ගමන් කිරීමයි. අරාජිකත්වයෙන් ප්‍රයෝජන ගන්නේ වෙනවෙන පවිටු බලවේගයි. කිසිදු දුරදක්නා සොයාබැලීමකින් තොරවයි මේ ආණ්ඩුව අද කටයුතු කරන්නේ.

“මේකද උත්තරය?”

මම දැක්කා ජනාධිපතිවරයා එක්තරා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවකට ගිහිල්ලා කියනවා, ‘ලබන අවුරුද්ද වෙනකොට අපට IMF තුන්වැනි ණය වාරිකය ලැබෙනවා. එතකොට අපේ බංකොලොත්කම නැති වෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් ණය ගැනීමේ පහසුකම ලැබෙනවා’ කියලා. ඒ කියන්නේ ආයෙත් අපි, ‘ණයට අරන්- සැපට කාලා – ජොලියෙ ඉන්නවා’ කියලයි; ඒ කියන්නේ, ‘මේ රට ආයෙත් පැරණි තකතීරු මාවතේම රැගෙන යනවා’ කියලයි. එහෙම ඉදිරියට ගියත් කෙටි කාලෙකින් මේ රට ආයෙත් ‘හොම්බෙන්’ යනවා. මේකද උත්තරය?

ණය වාරිකය ගෙවීමට සිදුවන විට…

දැන් බලන්න, ආජන්ටිනාව වැනි රටක් ඔය කියන මාවතේ ගිහින් දැන් දශක ගණනාවක් තිස්සේ ඉතා දරුණු ආර්ථික අර්බුදයක සිටිනවා. අපේ මේ පාලකයන් දැන් කියනවා, ‘අපි අර්බුදයෙන් එළියට එන්නයි හදන්නේ’ කියා. නමුත් ඉදිරියේදී ණය වාරිකය ලෙස අවුරුද්දකට ඩොලර් බිලියන තුනහතරක් ගෙවීමට සිදුවන විටයි අර්බුදය තීව්‍ර වෙන්නේ. ඉදිරියේදී ණය වාරිකය ගෙවීමට විදේශ විනිමය මදි වෙනකොට, කර්මාන්ත වැසී යනකොට, අපේ නිෂ්පාදනවලට අධික පිරිවැය නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කරන්න බැරි වෙනකොට මේ රට අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටෙනවා.

ඇවිලෙන ගින්නට ‘පිදුරු’

දිගුකාලීන කිරාමැන බැලීමකින් තොරව යන ගමනකින් මේ තිබෙන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලැබෙන්නේ නැහැ. දැන් තමුන්නාන්සේලාට කියන්න පුළුවන්, ‘තෙල් පෝලිම් ඇතුළු පෝලිම් අපි නැති කළා’ කියලා. ඒ ‘පෝලිම්’ කිව්වේ අර්බුදයේ තීව්‍රතාව පෙන්නුම් කළ පින්තූරය. ඒ පින්තූරය නැති වුණා කියලා අර්බුදය නැති වෙලා නැහැ. අද හැම තත්පරයකදීම මේ රටේ මිනිස්සු මේ අර්බුදයේ ගොදුරු බවට පත්වෙනවා. මේ අර්බුදයෙන් එළියට එන මාවත නොවෙයි මේ පෙන්වලා තියෙන්නෙ. මේ අයවැය, ආර්ථික අර්බුදය නමැති ඇවිලෙන ගින්නට ‘පිදුරු දමන’ අයවැයක් මිස මේ ආර්ථික අර්බුදය නැමැති ඇවිලෙන ගින්නට ‘වතුර දමන’ අයවැයක් නොවෙයි. එහෙම අයවැයකින් රාජ්‍ය පරිපාලනයටවත් රාජ්‍ය සේවයටවත් රාජ්‍යය සහ ජනතාව අතර තියෙන සම්මුතියටවත් සාධාරණයක් ඉටු කිරීමට කිසිදු ලෙසකින් හැකි වන්නේ නැහැ, කියා අපි අවධාරණය කරනවා”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.