News Category
From Date
To Date
Maximum Number of Result

දොස්තරලා 25 වන දා වර්ජනයේ.. සෞඛ්‍ය ඇමති එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය බලධාරීන් පැහැර හැරලා..

Aug 21, 2025 at 05:26 PM
|

වෛද්‍ය ස්ථාන මාරු ගැටලු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පැහැර හැරීම හේතුවෙන් අගෝස්තු 25 වන සඳුදා දින පෙ.ව 8.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

අදාළ නිවේදනය පහළින්..

මාධ්‍ය නිවේදනය

වෛද්‍ය ස්ථාන මාරු ගැටලු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පැහැර හැරීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලු.

රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් සලසා ගැනීමේ දි, වෛද්‍යවරුන් රෝහල් වලට අනුයුක්ත කිරීමේදී ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම, ස්ථාන මාරු මණ්ඩල හරහා විනිවිදභාවයකින් යුතුව කාර්යක්ෂමව සහ ප්‍රමාදයකින් තොරව සිදු කිරීම අනිවාර්ය හා ප්‍රමුඛතම කාර්යයක් වේ. එම ක්‍රියාවලියේ නෛතිකභාවය ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිසන් සභාවේ කාර්ය පටිපාටිගත නීති සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛ මගින් තහවුරු කර ඇත. 

පසුගිය කාලය තුලදි සෞඛ්‍ය අමාත්‍යංශය තුල ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු, දුෂ්කර සේවා ස්ථාන මාරු, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ලැයිස්තු ඇතුලු ප්‍රධාන ස්ථාන මාරු කටයුතු සියල්ලම පාහේ අක්‍රමික, අත්තනෝමතික සහ නිත්‍යානුකූල නොවන ලෙස ස්ථාන මාරු මණ්ඩල නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් විසින් සිදු කරගෙන යන ලදී. 

දිගින් දිගටම මෙම ක්‍රියාවලියේ අනීතික ස්වභාවයත්, ස්ථාන මාරු ලැයිස්තු වල සිදු වී තිබු බරපතල වැරදිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පාර්ශවයෙන් පෙන්වා දුන්නත් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ඒවා නිවැරදි කිරීමට හෝ නිවැරදි ක්‍රමවේදයට සිදු කිරීමට කටයුතු නොකිරීම නිසා අප හට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සිදු විය. ‍

නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සිදු වූ සාකච්ඡාවන්හි දි ඉහත ක්‍රියාවලියේදි සිදු වී ඇති වැරදි සහ නිත්‍යානුකූල නොවන තත්ත්වය අවබෝධ කරගනිමින් සමඟ එම ස්ථාන මාරු කටයුතු නිසි ක්‍රමවේදයට මාරු මණ්ඩල හරහා සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්ට නියෝග කරන ලදී. 

එහිදි, නිකුත් කර තිබු පශ්චාත් සීමාවාසික ලැයිස්තුවට දින දිගුවක් ලබා දීමට ද, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු මණ්ඩලයේ සහභාගිත්වයෙන් පශ්චාත් සීමාවාසික ලැයිස්තු නැවත සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම ද, සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් දුෂ්කර සේවා ලැයිස්තුව නැවත සලකා බැලීම ද, ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ ඇති අක්‍රමිකතා නිවැරදි කිරීම ද යන කාරණා කඩිනමින් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එකගතාවය ලැබිණි. 

එම සාධනීය එකගතාවයන් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ක්‍රියාත්මක කිරීමේ පදනම මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවන ලදී. 

එහි ප්‍රතිඵලයක් ලෙස පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුවේ ගැටලු සම්පූර්ණයෙන්ම පාහේ නිවැරදි කිරීමට අපට හැකි වී ඇත. එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත වෛද්‍ය ප්‍රජාවම ලද ජයග්‍රහණයක් ලෙස අප දකින අතර මුලින් පල කර තිබු අත්තනෝමතික හා දෝෂ සහිත ලැයිස්තුව වෙනස් කිරීම මඟින්ම සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහ නොසැලකිල්ල මැනවින් ප්‍රදර්ශනය කරයි. 

නමුත් දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුවෙන් පුරප්පාඩු 134 ක් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් අත්තනෝමතිකව ඉවත් කිරීම නිසා සිදු වූ ගැටලුව නිවැරදි කිරීමට තවමත් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් මැලිකමක් දක්වයි. මින් ඉහතදීත් අප විසින් සඳහන් කල පරිදි මින් සිදු වන්නේ ඉහත කී දිවයින පුරා පවතින දුෂ්කර සේවා ස්ථාන ලෙස ගැනෙන රෝහල් 134 ක් වැසියාමේ තර්ජනයට ලක් වීමයි. 

වාර්ෂික ස්ථාන මාරු හරහා ස්ථාන මාරු ලැබ තමන්ගේ නියමිත ස්ථානයට යා ගත නොහැකිව රැදි සිටින සමස්ත වෛද්‍යවරුන් ගණන 10,000 කට ආසන්න වේ. එවන් පසුබිමක් තුල 2025 වර්ෂයේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන්නේ දැඩි ප්‍රමාදයකින් පසුව වන අතර එහි තිබු පුරප්පාඩු 78 ක ප්‍රමාණයක් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතියකින් තොරව හොර රහසේ ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ. එය පවතින නීතිගත ක්‍රමවේදයට පටහැනි බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේද මතයයි. මේ වන විට එය නිවැරදි කිරීමට අප විසින් දිගින් දිගටම ඉල්ලීම් කල ද සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් නීති විරෝධි ලෙස එම වරද නිවැරදි කිරීම සිදු කිරීමෙන් බැහැරව සිටියි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝගයන් ද කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් මේ වන විට අත්තනෝමතිකව සහ අනීතික ලෙස තම පුද්ගලික ලාබ ප්‍රයෝජන සහ අරමුණු මුල් කරගනිමින් වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියම අඩපණ කරවමින් රට තුල රෝගී සත්කාර සේවාව අඩපණ කිරීමට කටයුතු කරමින් සිටියි.

මෙම නිලධාරීන්ගේ වගකීම් විරහිත සහ අසමත් ක්‍රියාවලියේ අරමුණ වනුයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය ජනතාව ඉදිරියේ අපහසුතාවයට සහ අප්‍රසාදයට පත් කිරීමද යන සැකය මතු වී ඇත. 

සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ අකාර්යක්ෂම සහ අත්තනෝමතික හැසීරිම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලවත් විරෝධය ප්‍රකාශ කර සිටින අතර ඊට විරුද්ධත්වය පල කරමින් ස්ථාන මාරු ක්‍රියාවලිය නිසි නිත්‍යානුකූල ක්‍රමවේදයට  සිදු කිරීමට බල කරමින් එලඹෙන අගෝස්තු 25 වන සඳුදා දින පෙ.ව 8.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කරන ලදී. ඊට සමගාමිව හෙට දිනයේදී රට පුරා හදිසි ශාඛා සමිති රැස්වීම් පවත්වා එහිදි ගන්නා තීරණ සමාලෝචනය කරමින් ඉදිරි පියවර තීරණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව එළඹෙන සදුදා දිනයේදි කොළඹදී රැස් වීමට ද නියමිතය.  

සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් ක්‍රියාත්මක කරමින් පවතින අනීතික සහ අත්තනෝමතික වැඩපිළිවෙල නවත්වා ස්ථානමාරු ක්‍රියාවලියේ නෛතිකභාව, පාරදෘශ්‍යභාවය සහ කාර්යක්ෂමතාවය තහවුරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු වගකිව යුත්තන් වහාම මැදිහත්විය යුතු බව අපගේ විශ්වාසයයි. 

‍ස්තූතියි.

මීට විශ්වාසී,

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,

ලේකම්. 

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.