News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාව අධිරාජ්‍යවාදී වටලෑමට එරෙහිව දනින් නොවැටී සටන් කරන විශිෂ්ඨ රටක්.. ලෝක දේශපාලන රංග භූමිය තුළ නිකොලස් මදුරෝ ඉටුකරන භූමිකාව විශිෂ්ඨයි.. - ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ ලේකම් ජීවන්ත ජයතිස්ස

Aug 10, 2025 at 02:49 PM
|

වෙනිසියුලාවේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ අමෙරිකා එක්සත් ජනපදයේ දැඩි බලපෑම් හමුවේ වර්තමාන වෙනිසියුලානු රාජ්‍යයේ ගමන් මග සම්බන්ධයෙන් වෙනිසියුලාවේ සංචාරයක නිරත වූ  ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා සමග ලංකා ලීඩර් පැවැත් වූ සංවාදයක් මෙලෙස පළ කරන්නෙමු.

ප්‍රශ්නය: ඔබ පසුගියදා වෙනිසියුලාවේ සංචාරයක නිරත වුනා. ඒ කවුරුන් විසින් කළ ආරාධනයක් අනුව කළ සංචාරයක්ද? එහි අරමුණ කුමක්ද?

ජිවන්ත ජයතිස්ස: මෙය මට වෙනිසියුලාවේ බොලිවේරියානු සමුහාණ්ඩුවෙන් (Bolivarian Republic of Venezuela) ලද ආරාධනයක් මත කළ සංචාරයක්. වෙනිසියුලාවේ වත්මන් ජනාධිපති නිකොලොස් මදුරෝගේ දෙවෙනි ජනපති පදවි ප්‍රාප්තියේ පළමුවන සංවත්සරය, වෙනිසියුලානු නගර සභා මැතිවරණය පවත්වන දිනය, වෙනිසියුලාව ඇතුළු දකුණු අමෙරිකානු රටවල් පහක් නිදහස් කරගත් විමුක්තිදායකය වන සයිමන් බොලිවාර්ගේ 242 වන ජන්ම දින සංවත්සර සැමරුම සහ හියුගෝ චාවේගේ 71 වෙනි ජන්ම දින සැමරීම වෙනුවෙන් සැකසුණු වැඩසටහන් මාලාවකට සහභාගි වීම සංචාරයේ අරමුණ වූවා. රටවල් 80කට ආසන්න රටවලින් විවිධ සංවිධාන වලට අයත් නියෝජිතයින් මෙම වැඩසටහන් මාලාවට සහභාගි වූවා.

ප්‍රශ්නය : මදුරෝගේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් වෙමින් පවතින බව බටහිර මාධ්‍ය පවසනවා. ඒ වගේම ඔහුගේ ආණ්ඩුව මැතිවරණ වලදී දූෂණවල නියැලෙන බවත් එම මාධ්‍ය වාර්තා පවසනවා. මේ සම්බන්ධව ඔබගේ නිරීක්ෂණය කෙලෙසද?

ජීවන්ත ජයතිස්ස: මෙය සම්පූර්ණයෙන්ම හිතාමතා මදුරෝගේ ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමක් බව මම අවධාරණය කරනවා. 2024 ජූලී මාසයේදී පැවැත්වූ වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් ජාතික මැතිවරණ කවුන්සිලයේ සංඛ්‍යා ලේඛන වලට අනුව මදුරෝ වැඩි ඡන්ද ලක්ෂ 10 කට වඩා වැඩියෙන් ඡන්ද ලබා ජයග්‍රහණය කරනු ලැබුවා.

ප්‍රශ්නය: නමුත් වෙනිසියුලාවේ ජනාධිපතිවරණය දූෂිත මැතිවරණයක් බව ලෝකය පුරා තිබෙන මතය නේද?

ජීවන්ත ජයතිස්ස: ඔව්! ඡන්දය දූෂිත යැයි පවසමින් ප්‍රචන්ඩ ක්‍රියා වල නිරත වුණු Edmundo González Urrutua ප්‍රමුඛ සන්ධානය දින කිහිපයකට වෙනිසියුලාව අස්ථාවර කිරීමට කටයුතු කළා. ඔහුගේ සහචරයන් වෙනිසියුලානු භූමියේ කළ අපරාධ බටහිර මාධ්‍ය වීර ක්‍රියා ලෙස උත්කර්ෂයට නැංවූවා. ජාත්‍යන්තර මාධ්‍ය ඊනියා ජන අරගල යුක්රේනයේදී, ලිබියාවේදී, ශ්‍රී ලංකාවේදී වගේම තවත් බොහෝ තැන්වලදී සිදුවෙද්දී හැසිරුණේ එකම ආකාරයකින්. නමුත් විනාශකාරී ප්‍රචන්ඩ ක්‍රියා වලින් එම විරෝධතා අවසන් වෙද්දී අධිරාජ්‍ය ගැති බලවේගවලට විශාල ජයග්‍රහණත් එම රටවල ජනතාවගේ ස්වභාවික සම්පතුත් අහිමිව ඛේදවාචකයන්ගෙන් එම අරගල අවසන් වුනා.

ප්‍රශ්නය: ඔබ පවසන්නේ මදුරෝගේ පාලනය අධිරාජ්‍යවාදීන් මෙහෙය වූ ප්‍රචන්ඩ දේශපාලන ව්‍යාපාරයක් මැඩ පැවැත්වූ බවද?

ජීවන්ත ජයතිස්ස: ඔව්! මදුරෝගේ රජයට හැකි වුනා වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුනු විපක්ෂයේ අපේක්ෂක Edmundo González ගේ මැදිහත් වීමෙන් සිදු වූ ප්‍රචන්ඩ ක්‍රියා පාලනය කර වෙනිසියුලාව ස්ථාවර කිරීමට. මේ වන විට Edmundo González ස්පාඤ්ඤයේ දේශපාලන සරණාගතයෙකු ලෙස ජිවත් වෙනවා. වෙනිසියුලාවේ ජාතික මැතිවරණ කවුන්සිලය 2024 පැවැත්වු ජනාධිපතිවරණයෙන් පසුව 2025 වර්ෂය මැතිවරණ වසරක් බවට පත් කරනු ලැබුවා. වෙනිසියුලාවේ ජාතික මැතිවරණ කවුන්සිලයට අනුව, ජනාධිපති නිකොලස් මධුරෝගේ නායකත්වයෙන් යුත් පාලක සන්ධානය, පාර්ලිමේන්තු සහ ප්‍රාදේශීය මැතිවරණ වලින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා වෙනිසියුලාවේ බලගතු ජාතික සභාවේ සැලකිය යුතු බහුතරයක් දිනා ගැනීමට සමත් වූවා. ඒ අනුව ජාතික සභාවට පත්වන සාමාජිකයින් 285 දෙනාගෙන් සාමාජිකයින් 253 දෙනෙකුම පත්වූයේ Jorge Jesus Rodriguez Gómez ගේ නායකත්වයෙන් යුතු වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂයෙන්. වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂය යනු වෙනිසියුලාවේ හිටපු ජනාධිපති හියුගෝ චාවේස්ගේ නායකත්වයෙන් යුත් බොලිවේරියානු විප්ලවයට සහාය දක්වන සමහර දේශපාලන හා සමාජ බලවේගවල ඒකාබද්ධතාවයකින් පිහිටුවන ලද සන්ධානයයි. එම සන්ධානය වෙනිසියුලාව පුරා පවතින නගරසභා 335කින් 285කම ජය සතු කරගන්නට සමත් වූවා. එලෙසම වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂය (PSUV) ප්‍රාන්ත ආණ්ඩුකාර මැතිවරණ 24 න් 23 ක් ජයග්‍රහණය කරනු ලැබුවා. 2025 ප්‍රාන්ත ආණ්ඩුකාර මැතිවරණය වෙනිසියුලාව විසින් හිමිකම් පාන ගයනා භූමියේ පැවැත් වූ පළමු මැතිවරණයද වූවා.

ප්‍රශ්නය: ඔබ පවසන්නේ වෙනිසියුලාවේ විපක්ෂය දුර්වල වී ඇති බවද?

ජීවන්ත ජයතිස්ස: ඔව්! මේ සියල්ල සිදු වන විට වෙනිසියුලාවේ විපක්ෂයේ සමහර කොටස් ඡන්දය වර්ජනය කිරීමේ ව්‍යාපාරයක නිරත වුනා. එසේ වුවත් විපක්ෂයේ කොටස් අතර මේ සම්බන්ධයෙන් සම්පුර්ණ එකඟතාවයක් ඇති වුනේ නැහැ. ඔවුන්ගෙන් සමහර කොටස් ඡන්දයට ඉදිරිපත් වූවා.

ප්‍රශ්නය: ඔබ මදුරෝගේ මැතිවරණ ජයග්‍රහණ සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන බවක් පෙනෙන්නට තිබෙනවා. පසුගිය ජූලි 27 වනදා අවසන් වූ ඔවුන්ගේ නගර සභා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේ සමස්ත ඡන්ද දායකයාගෙන් 44%ක් තරම් වන ඉතාමත් අඩු ප්‍රතිශතයක්. ඒ අනුව ඡන්දය වර්ජනය කිරීමට කටයුතු කළ විපක්ෂයේ සන්ධානය වෙනිසියුලානු ජනයාගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා නේද?

ජීවන්ත ජයතිස්ස : ඔබගේ ප්‍රශ්නය බැලූ බැල්මට සත්‍යය වගේ පෙනෙන, එහෙත් වැරදි ගනණය කිරීම් මත එළඹුනු නිගමන මත අසන ප්‍රශ්නයක්. බටහිර ජනමාධ්‍ය මෙවැනි පක්ෂග්‍රාහී මත ප්‍රචාරය කිරීමට පෙළඹෙනවා. අපි මෙවැනි සංඛ්‍යා ලේඛන සංසන්ධනාත්මකව විග්‍රහ කර ගත යුතුයි. යමෙක් 2025 නගර සභා මැතිවරණය සම්බන්ධ සංසන්දනාත්මක විග්‍රහයක් කරනවා නම් කළ යුත්තේ 2021 නගර සභා මැතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල සමඟ සංසන්දනය කිරීමෙනුයි. ඒ අනුව 2021 වෙනිසියුලානු නගර සභා මැතිවරණයේදී සමස්ත ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 42.26% ක් පමණයි ඡන්දය ප්‍රකාශ කර තිබුණේ. එසේම PSUV ප්‍රමුඛ සංධානයට ලබාගත හැකි වූයේ නගර සභා 212 ක ජයග්‍රහණය පමණයි. ආණ්ඩුකාර තනතුරු 19 ක් පමණක් දිනා ගැනීමට PSUV ප්‍රමුඛ සංධානය සමත් වුනා. එහෙත් 2025 දී වෙනිසියුලාවේ සමස්ත ඡන්ද දායකයන්ගෙන් 44%ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා. 2021 වර්ෂයට වඩා 2025 දී වෙනිසියුලානු ඡන්ද දායකයා වෙනිසියුලාවේ නගරසභා මැතිවරණයට සහභාගි වී තිබෙනවා. එලෙසම PSUV ප්‍රමුඛ සන්ධානය නගර සභා 285ක් සහ ආණ්ඩුකාර තනතුරු 24ක් දිනාගෙන තිබෙනවා. එය PSUV ප්‍රමුඛ සන්ධානය කෙරෙහි වෙනිසියුලානු ජනතා විශ්වාසය විශාල වශයෙන් වැඩි වීමක්.

ප්‍රශ්නය: ඔබට අනුව වෙනිසියුලාවේ දේශපාලන තත්වය ස්ථාවර වෙමින් පවතිනවා. ඔබට අනුව වර්ණ විප්ලවයක් පවා පරාජය කර තිබෙනවා. ඔබ හිතන්නේ. මෙය වත්මන් වෙනිසියුලානු ජනපති නිකොලස් මදුරෝගේ හුදු දේශපාලන පෞරෂය නිසා පමණක් කළ දේශපාලන පෙළහැර පෑමක් කියාද?

ජීවන්ත ජයතිස්ස: නැහැ! හැබැයි මේ නිෂ්චිත අවධියේදී නිකොලස් මදුරෝ ජනාධිපතිවරයා වෙනිසියුලානු දේශපාලන රංග භූමිය තුළ ඉටුකරන භූමිකාව අති විශිෂ්ඨයි. ඔහු රුසියානු ජනපති පුටින්, චීන ජනපති ක්ෂී ජින් පින්, උතුරු කොරියානු ජනපති කිම් ජො අං, ඉරාන අධ්‍යාත්මික නායක අලි කමෙයිනි වැනි ලෝක නායකයින් සමඟ එක පෙලට තැබිය නායකයෙක්. ඔහු අප වැනි රටවල විප්ලවවාදී ව්‍යාපාර වලට ජාතික ව්‍යාපාර වලට දැවන්ත උත්තේජනයක් සපයන නායකයෙක්. නමුත් ඔහු රඟපාන්නේ හියුගෝ චාවෙස් එළි පෙහෙළි කළ රංග භූමිය තුළ. හියුගෝ චාවේස් නම් විසල් මිනිසා අනුව යමින් ගොඩනැගුනු චරිතයක් ලෙස මදුරෝ හඳුන්වීම වරදක් කියා මම හිතන්නේ නැහැ. එහි තේරුම මදුරෝ යනු චාවේස්ගේ අනුකාරකයෙක් යන්න නොවෙයි. මදුරෝ යනු චාවේස් එළි පෙහෙළි කළ රංග භූමිය විචිත්‍රවත් කරන්නෙක්. නමුත් සයිමන් බොලිවාර් යන දකුණු අමෙරිකානු කලාපයේ බිහි වූ විශිෂ්ඨ විමුක්තිකාමියා අමතක කර චාවේස් ගැන කතා කරන්නට බැහැ. ඒ අනුව චාවේස්ට මග හෙළි කළ සයිමන් බොලිවාර් නම් අද්විතීය විමුක්තිකාමියා නොවන්නට මුළු ලෝකයම කතා කරන චාවේස් හෝ මදුරෝ අපට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම කෙතරම් විශාල අධිරාජ්‍යයකු හෝ කුඩාම කුඩා දූපතක දේශප්‍රේමී ජනයාට පරාජය කළ හැකි බව ලෝකයට පෙන්වා දුන් ෆිදෙල් වැනි අද්වීතිය විප්ලවවාදියෙකු නොමැති නම් වේ ගවේරා වැනි මානව හිතවාදීයෙකු මේ මිහිපිට පහල වූයේ නැති නම් අද දකින්නට ලැබෙන අධිරාජ්‍යවාදී අමෙරිකාවට අභියෝග කරන වෙනිසියුලාවක් බිහිවන්නේ නැහැ. ෆිදෙල්, චේ ඇතුළු කියුබානු විප්ලවවාදීන් ගොඩ නැගූ කියුබාව විශේෂයෙන් දකුණු අමෙරිකානු කලාපයේ විමුක්ති ව්‍යාපාර වලට කර ඇති බලපෑම අතිශය විශාල බව මම වෙනිසියුලාවේ ගත කරන කාලය තුල අත් වින්දා. ජූලි මස 24 වනදා සිට ජූලි මස 28 වනදා දක්වා වැඩමුළු පැවැත් වූ කාලය තුල ලෝකයේ හතර දිග් භාගයෙන් පැමිණි ජනයා " කමාන්ඩට් වේ ගවේරා " යන ඔහුට උපහාර පිණිස ගැයුනු ගීතය ප්‍රතිරාව කරනු ලැබුවා. ඒ අනුව මගේ නිගමනය මදුරෝ යනු වෙනිසියුලානු ජනයා සහ වෙනිසියුලානු මාතෘ භූමිය කෙරෙහි තිබෙන දැවැන්ත ප්‍රේමය හේතු කොටගෙන මා ඉහත සඳහන් කළ චරිත වල හැසිරීම් විසින් පෝෂණය ලැබූ ලෝක නායකයෙක්.

ප්‍රශ්නය : ඔබ පවසන ආකාරයට වෙනිසියුලාව මේ වන විට මිහිපිට තිබෙන සුඛිතමුදිතම රාජ්‍යය බවට පත් වී ඇත්දැයි අපට හිතෙනවා. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වලට අනුව නම් වෙනිසියුලානු ජනතාව අතිශය දරුණු ආර්ථික පීඩනයකට ලක්ව සිටිනවා. ඔබට එය ප්‍රතික්ෂේප කළ හැකිද?

ජීවන්ත ජයතිස්ස : වෙනිසියුලාව මිහිපිට තිබෙන සුඛිත මුදිතම රාජ්‍යය යැයි පැවසීමට මා පෙළඹෙන්නේ නැහැ. නමුත් අධිරාජ්‍යවාදී වටලෑමට එරෙහිව දනින් නොවැටී සටන් කරන ලොව රටවල් අතුරින් අතිශයින් විශිෂ්ඨ භූමිකාවක් ඉටු කරන රටක් ලෙස වෙනිසියුලාව නම් කිරීමට මම පසුබට වන්නේ නැහැ. වෙනිසියුලානු ජනතාව ආර්ථික අපහසුතා වලින් වෙලී තිබෙනවාය යන්න බොරුවක් නෙවෙයි. හැබැයි වෙනිසියුලාවේ බොලිවේරියානු සමූහාණ්ඩුව පාලනය කරන ජනාධිපති මදුරෝගේ නායකත්වයෙන් යුතු වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී ආණ්ඩුව වෙනිසියුලානු ජනතාවගේ අභිලාශයන් ඉටු කිරීමට දැවැන්ත වෙහෙසක් ගනිමින් සිටිනවා. එපමණක් නොවෙයි ආණ්ඩුව වෙහෙස නොබලා ජනතා අභිලාශයන් වෙනුවෙන් කටයුතු කරන බව වෙනිසියුලානු ජනයාගේ ඇඟට දැනෙන බව සමාන්‍ය ජනයා සමඟ කරන කතා බහේදී මට අවබෝධ වුනා.

ප්‍රශ්නය : නමුත් අත්‍යවශ්‍ය ඖෂධ විශාල වශයෙන් හිඟ බව වෙනිසියුලානු ආරංචි මාර්ග වලින් අපට තහවුරු වෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ පවා ජනයාට ලබාදිය නොහැකි නම් වෙනිසියුලානු ජනයාගේ ඇඟට ආණ්ඩුවේ හොඳ දැනෙන්නේ කොහොමද?

ජීවන්ත ජයතිස්ස : ඔව්! වෙනිසියුලාව අත්‍යවශ්‍ය ඖෂධ වල බරපතල හිඟයකින් පෙළෙනවා. අමෙරිකාව වෙනිසියුලාවට පනවපු සම්බාධක හේතුවෙන් 2016 වර්ෂයේදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල 50% ක හිඟයක් දකින්නට ලැබුණා. ඒ කාලය තුළ වෙනිසියුලානු ජනයා අතිශය පීඩාවට පත්වී සිටියා. නමුත් රළු මුහුද දක්ෂ නාවිකයන් බිහිකරනවාය යන ආප්තෝපදේශය සනාථ කරමින් මේ වන විට වෙනිසියුලාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ වලින් 80%ක්ම වෙනිසියුලාව තුළ නිපදවාගත හැකි තරම් හැකියාවක් අත්පත් කරගෙන තිබෙනවා. වෙනිසියුලානු ඖෂධ කර්මාන්තය තුළ 2024 මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී වර්ධනය 14.6% යි. ඒ අනුව මෙම කාලය තුළ සමස්ත වෙනිසියුලාව පුරා ඖෂධ මිලියන 28 කට වඩා බෙදා හැර තිබෙනවා. 2025 වර්ෂය අවසන් වන විට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ 15%ත්-20% ත් අතර වර්ධනයක් අපේක්ෂිතයි. මෙය වෙනිසියුලාව සතු තෙල් නිධිය මතපමණක් යැපෙන්නේ නොමැතිව ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට මදුරෝගේ පරිපාලනය උත්සහා ගන්නා බවට තිබෙන හොඳම සාක්ෂියක්. ඒ වගේම මදුරෝගේ ආණ්ඩුව අමෙරිකානු සම්බාධක වලට මුහුණ දීමට සකස් කළ 13 වැදෑරුම් වැඩ පිළිවෙලෙහි එක් අංගයක් තමයි වෙනිසියුලාවට අවශ්‍ය ඖෂධ 100% ක්ම වෙනිසියුලාවේම නිපදවා ගැනීම. මදුරෝගේ ආණ්ඩුව ඒ සඳහා රට පුරා තිබෙන පැරණි ඖෂධ නිෂ්පාදනාගාර 23 න් 22 ක්ම නැවත පනගන්වා තිබෙනවා. මදුරෝගේ ආණ්ඩුව ඖෂධ නිෂ්පාදනයට අදාල ක්ෂේත්‍රය කාර්යක්ෂම කිරීමට වෙනිසියුලානු රජය, පෞද්ගලික අංශය, වැඩ කරන ජනතාව සහ විද්‍යාර්ථීන්ගේ දායකත්වය ලබා ගෙන තිබෙනවා. නමුත් වෙනිසියුලාවට අවශ්‍යය ඖෂධ නිපදවීමේදී අවශ්‍ය අමුද්‍රව්‍ය 100% ක්ම ආනයනය කිරීමට සිදු වී තිබෙනවා. දැඩි අමෙරිකානු ආර්ථික සම්බාධක වලින් බැට කන රටක් ලෙස වෙනිසියුලාවට මෙම අත්‍යවශ්‍ය ඖෂධ නිපදවීමට අවශ්‍යය අමුද්‍රව්‍යය රැගෙන ඒමේදී විශාල ගැටලු වලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ප්‍රශ්නය : ඔබ මදුරෝගේ ආණ්ඩුව ජනතා සුභ සාධනය වෙනුවෙන් වැඩ කරනවා යැයි පැවසුවත් වෙනිසියුලාව අතහැර එහි ජනයා අමෙරිකා එක්සත් ජනපදයට හෝ වෙනත් බටහිර රටවලට පලා යනවා. ඔවුන්ගෙන් බහුතරය එම රට වලදී අපා දුක් විදිනවා කියා මාධ්‍ය වාර්තා පලවෙනවා. ඔබ පවසන තරම් මදුරෝගේ ආණ්ඩුවේ කටයුතු ජනතා ආකර්ශනය දිනා ගෙන තිබෙනවානම් මෙලෙස වෙනිසියුලානු ජනයා පලා යන්නේ කොහොමද?

ජිවන්ත ජයතිස්ස : මෙම ප්‍රශ්නයට පිළිතුර අසහාය විප්ලවවාදියෙකු වූ චේ ගවේරාගේ දියණිය මා වෙනිසියුලාවේ ගත කළ කාලය තුළ එල් සැල්වදෝරයේ අමෙරිකානු හිර කඳවුරක සිර කරගෙන සිටි වෙනිසියුලානු තරුණයන් 252 නිදහස් කරගැනීම නිමිති කොට ගෙන පැවැති සමුළුවකදී පැවැත්වූ දේශනයකදී කළ අදහස් දැක්වීමකින් ඔබට පිළිතුරු දෙන්නම්. ඇය එහිදී පවසනවා,ෆිදෙල් සන්නද්ධ අරගලයකින් කියුබාවේ බලය අත්පත් කරගෙන පිහිට වූ රජය යටතේ තරුණ දරුවන් සෝවියට් දේශයට යවා අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන වැඩසටහන කඩා කප්පල් කිරිමට කියුබානු ජන සමාජය තුළ එම වැඩසටහනට එරෙහිව විශාල මඩ ව්‍යාපාරයක් ගෙන ගිය බව. එහි ප්‍රතිඵලයක් ලෙස කියුබානු දෙමව්පියන් තමන්ගේ දරුවන් අමෙරිකාවට යැවීමට පෙළඹී තිබෙනවා. නමුත් අවසානයේදී එම දරුවන් අමෙරිකාවේදී අපහරණයට ලක්වුනු බව ඇය අනාවරණය කළා. කියුබානු දෙමව්පියන් තත්වය තේරුම් ගන්නා විට බොහෝ නරක දේ කියුබානු දරුවන්ට අමෙරිකානු අධිරාජ්‍ය විසින් අත්පත් කර දී අවසන්. වෙනිසියුලාවෙන් තරුණයන් සරනාගතයන් ලෙස බටහිර රටවලට පලා යාම සිදු වෙනවා. එසේ පලා ගිය තරුණයන් 252 දෙනෙකු එල් සැල්වදෝරයේ පිහිටි අමෙරිකානු කඳවුරක දැඩි පීඩනයකට ලක් වූවා. මදුරෝගේ ආණ්ඩුව ඔවුන් 252 දෙදෙනා වෙනිසියුලාවට ආපසු ගෙන්වා ගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. මදුරොගේ ආණ්ඩුවේ තරුණ නියොජ්‍ය ඇමතිවරියක් වන කැමිලා ෆැබ්‍රි ඒ වෙනුවෙන් සක්‍රියව මැදිහත් වුනා. අවසානයේදී එම දරුවන් වෙනිසියුලාවට නැවතගෙන්වා ගෙන ඔවුන්ට සමාජගත වීමට අවශ්‍ය සියලු පහසුකම් මදුරෝගේ ආණ්ඩුව සැලසුවා. මේ ආකාරයට මේ වසරේ මාර්තු මාසයේ සිට එලෙස වෙනිසියුලාවෙන් සරනාගතයන් ලෙස පිටව ගිය 7170 ක් නැවත ගෙන්වා ගැනීමට මදුරෝගේ ආණ්ඩුව සමත් වූවා. මේ පිරිසට කුඩා දරුවන් 990 ක් ද ඇතුලත්. මදුරෝගේ ආණ්ඩුව මේ වෙනුවෙන්ම "GRAN MISSION VUELTA A LA PATRIA" නමින් මෙහෙයුමක් අරඹා තිබෙනවා. මේවා මදුරෝගේ ආණ්ඩුව වෙනිසියුලානු ජනතා සුභ සධනය වෙනුවෙන් කළ දැවැන්ත ව්‍යාපෘති නොවේද? ඔබ පරිශීලනය කරන බටහිර මාධ්‍ය වෙනිසියුලාව සම්බන්ධයෙන් වන මෙම තොරතුරු හිතා මතා වසන් කරන්නේ කුහකකම නිසා නොවෙයිද?

ප්‍රශ්නය: වෙනිසියුලාව තෙල් සම්පත අනූන රටක්. නමුත් ඔවුන් දුප්පත්. මෙහෙම වීමට හේතුව කුමක්ද? අද වෙනිසියුලාව තමන් සතු තෙල් සම්පත උපයෝගි කරගෙන ආර්ථික සමෘද්ධිය අත්පත් කර ගැනීමට වෙහෙසෙන්නේ නැතිද?

ජිවන්ත ජයතිස්ස: වෙනිසියුලාව, 1960 සැප්තැම්බර් 14 වනදා ඉරාකයේ බැග්ඩැල්ඞ් නුවරදී පිහිටුවන ලද ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් OPEC සංවිධානයේ ආරම්භක සාමාජිකයන් 5 දෙනාගෙන් එක් සාමාජිකයෙක්. අනෙක් සාමාජිකයන් වුණේ ඉරාකය, ඉරානය, කුවේට් සහ සෞදි අරාබියයි. මේ රටවල් හතර දිහා බලපුවහම සෞදි අරාබිය විතරයි අමෙරිකාවේ යුද හස්තයට ගොදුරු නොවී ඉන්නේ. ඒ ඔවුන් කවුරුත් දන්නා පරිදි අමෙරිකානු හිතවාදීන් නිසා. 1960 තිබුණු ඉරාකය නෙවෙයි අද තියෙන්නේ. ඉරාකය ආක්‍රමනය කර විනාශ කිරීමෙන් පසුව එවකට හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ ඔවුන් ඉරාකය ගල් යුගයට රැගෙන ගිය බවයි. ඉරානය ඊශ්‍රායල් ප්‍රහාරවලට ලක් වූවා. කුවේට් රාජ්‍යයටත් තම අභිමතය පරිදි කටයුතු කිරීමට බැරි විදියට අමෙරිකාව හැසිරෙනවා. වෙනිසියුලාව තම තෙල් සම්පත තමන්ගේ ජාතික අභිලාශයන් වෙනුවෙන් භාවිත කිරීමට දැඩි පරිශ්‍රමයක යෙදී සිටිනවා. OPEC සංවිධානයට අයත් රටවලින් විශාලතම තෙල් සම්පත හිමිව තිබෙන්නේ වෙනිසියුලාවට. නවතම වාර්තා වලට අනුව වෙනිසියුලාව සතුව බැරල් බිලියන 303 ක තෙල් නිධියක් තිබෙනවා. අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් අත්පත් කරගෙන සිටි වෙනිසියුලාව සතු තෙල් සම්පත නැවැත වෙනිසියුලාව සතු කර ගැනීමට හියුගෝ චාවෙස් කටයුතු කළා. එතැන් පටන් අමෙරිකාවේ උදහසට ලක් වී සිටින වෙනිසියුලාව තම තෙල් සම්පත තම ජාතික අභිලාශයන් වෙනුවෙන් භාවිත කිරීමට දැවැන්ත අරගලයක නියැලෙමින් සිටිනවා. අමෙරිකානු සම්බාධක ඒ සඳහා නරක බලපෑමක් කරනවා. මදුරෝගේ ආණ්ඩුව අමෙරිකානු සම්බාධක හමුවේ අමෙරිකානු සමාගමක් වන චෙරොන් සමාගම සමඟ හරි අපූරු ගනුදෙනුවක නිරතවෙනවා. වෙනිසියුලාව තම ඛනිජ තෙල් සම්පත කළමනා කරණය කිරීමට PDVSA නමින් රාජ්‍ය සමාගමක් පවත්වා ගෙන යනවා. වෙනිසියුලාව තම තෙල් සම්පත ජාතික අභිලාශයන් වෙනුවෙන් කළමනාකරණය කරන ආකාරය මෙවැනි කෙටි සම්මුඛ සාකච්ඡාවකින් පැහැදිළ කළ නොහැකියි.

ප්‍රශ්නය : ඔබ දකින ආකාරයට වෙනිසියුලාව මුහුණ දෙන වෙනත් අභියෝග සහ ඒවා වෙනස් කර ගැනීමට ඔබ සතු යෝජනා මොනවාද?

ජිවන්ත ජයතිස්ස : මගේ යෝජනා ලෙස නොවෙයි මා කළ නිරීක්ෂණ ලෙස මම මතදක්වන්නම්. මොකද කියනවනම්, මම ආසියානු මහා ද්වීපයේ ශ්‍රී ලංකාව නම් දූපත් රාජ්‍යයේ සිංහල බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවය යටතේ වැඩුණු ජාත්‍යන්තරවාදී විප්ලවවාදියෙක්. ඒ නිසා ලෝකය පිළිබඳ දැක්ම එම සංස්කෘතික අනන්‍යතාවය මතසකස් වෙනවා. එක් සංස්කෘතික අනන්‍යතාවයක සිට අනෙක් සංස්කෘතික අනන්‍යතාවයක් පිළිබඳව විවේචන ඉදිරිපත් කිරීම නුසුදුසුයි කියා මම හිතනවා.

කෙසේ වුවත් ඔබේ ප්‍රශ්නයට ප්‍රවේශයක් ලෙස වරක් මට කියුබාවේ විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් පරිල්ලා හමුවූවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බෲනෝ රොඩ්‍රිගස් කළ අපූරු නිර්ක්ෂණයක් අප හමුවේ තැබුවා. ඔහුගේ වචනයෙන්ම කියනවා නම්, " ශ්‍රී ලංකාව වාසනාවන්ත රටක්! කියුබාව පවා අද ලෝකය මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් වන නාගරීකරණයෙන් බැට කනවා. නමුත් ශ්‍රී ලංකාවේ නාගරික ජනගහනය 7%ක පමණ සීමාවේ ඉන්නේ. එය ඉතා වාසනාවන්ත තත්වයක්. ග්‍රාමීය ජනයා පිරිසිදු ජලය, පිරිසිදු වාතාශ්‍රය, පිරිසිදු එළවළු නොමිලේම පරිභෝජනය කරනවා. නමුත් නාගරික ජනයාට රජය සියළු දේ සපයා දිය යුතුයි. අවසානයේදී නාගරික ජනයාගේ බර ග්‍රාමීය ජනයාට දරන්න වෙන්නේ නාගරිකයා වෙනුවෙන් රජය ලබා දිය යුතු පහසුකම් වලට වැය වන බර පැන විදියටයි." බෲනෝ රොඩ්‍රිගස්ගේ මේ විග්‍රහය තුළ හිඳිමින් වෙනිසියුලාව දෙස බැලුවොත් අපට පෙනී යන්නේ, වෙනිසියුලාවේ නාගරික ජනගහනය 2023 වර්ෂයේදී 88.44% ක් වැනි ඉහළ අගයක තිබෙනවා. එය 1960 දී 61.61% ක් වැනි අගයක තිබුණේ (නාගරීකරණය ස්ථාවරව ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින්,  1960 සිට 2023 වන විට සියයට 26.83 කින් ඉහළ ගොස් තිබේ.). එතකොට වෙනිසියුලාවේ නාගරිකරණයේ වේගය හිතා ගන්නට පුළුවන් නේද? ඒ වගේම මම දුටුව දේ තමයි වෙනිසියුලානු රජය වෙනිසියුලානු වැසියාට නගරයේ ජීවත් වීමට ඇති අයිතිය පිළිගනු ලබනවා.

මා වෙනිසියුලාවේ ගත කළ කෙටි කාලය තුළ දුටුව දේ තමයි නගරය සහ ගම යා කරන පොදු ප්‍රවාහන පද්ධතිය දුර්වලව තිබීම. අර්බූද අවස්ථාවක නගර වැසියාට දරාගෙන සිටීම ලේසි පහසු නැහැ. ජලය විදුලිය වැනි පොදු පහසුකම් බිඳවැට්ට වූ සැනින් නාගරික ජනයා වියරු වැටෙනවා. ඒ වගේම නගරයේ ආහාර තොග සීමා සහිතයි. ගමේදී වගේ බහුල නැහැ. මේවා අධිරාජ්‍යවාදී බලවේග වලට වෙනිසියුලානු ජන ජීවතය පහසුවෙන් බිඳ වැට්ටවීම පිණිස කළමනා කරණය කර ගත හැකි ක්ෂේත්‍ර ලෙස පවතිනවා. ඒ නිසා මදුරෝගේ ආණ්ඩුව ග්‍රාමීය ජනයාට ගම අත හැර ගොස් ජිවිතය ගොඩ නගා ගැනීමට අවශ්‍ය නොවන පරිදි කළමනා කරණය කරගන්නේ නම් වඩා යහපත් බව කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් පරිල්ලා පෙන්වා දෙන කරුණු වලට අනුව පවා පෙනී යනවා. ඊළඟ කාරණය වෙනිසියුලාව සතුව වටිනා වන ගහනයක් තිබෙනවා. ඒ වගේම වෙනිසියුලාවේ කොහොඹ වැනි වටිනා ඖෂධීය ශාක දකින්නට ලැබෙනවා. මුළු කැරකස් නගරයම තුරු ලතා වලින් පිරුණු කඳු වලල්ලකින් වටවී තිබෙනවා. එම පරිසරය කෙනෙකුට අත හැර යා නොහැකි තරම් ලෝබ කමක් ඇති කරවන පරිසරයක්. මේ පරිසරය හා බැඳුණු ඓතිහාසික උරුමයක් සහිත ජනතාවක් වෙනිසියුලාව තුළ සිටිනවා. ඔවුන් වෙනිසියුලාවේ ව්‍යවස්ථාදායකය පවා නියෝජනය කරනවා. නමුත් ඔවුන් සතු පාරම්පරික දැනුම කෙතරම් නවීන වෙනිසියුලාවේ ප්‍රගමනය වෙනුවෙන් භාවිතා කරන්නේ දැයි වටහා ගැනීමට තරම් අවස්ථාවක් මට ලැබුණේ නැහැ. උදාහරණයක් ලෙස චීනය ඔවුන් සතු පාරම්පරික වෛද්‍ය විද්‍යාත්මක දැනුම නවීන චීනයේ ප්‍රගමනය වෙනුවෙන් මනාව බද්ධ කර ගැනීමට හැකියාව ලබා ගෙන තිබෙනවා. නමුත් වෙනිසියුලාව මුහුණ දෙන අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සමනය කිරීමට කෙතරම් වෙනිසියුලානු පාරම්පරික ජනයා සතු පාරම්පරික වෛද්‍ය විද්‍යාත්මක දැනුම භාවිත කරන්නේ දැයි අදහසක් ගැනීමට තරම් මූලාශ්‍ර මට හමු වූවේ නැහැ. ඒ අනුව පැරණි පාරම්පරික ඥානය නවීන විද්‍යාත්මක දැනුම හා මුසු කරමින් සරල එහෙත් පසුගාමී නොවන ග්‍රාමීය ජනතාව ප්‍රමානයෙන් ගුණයෙන් වැඩි කර ගත හැකි වන්නේ නම් වෙනිසියුලාවේ අනාගත පැවැත්ම අධිරාජ්‍යවාදීන්ගේ බාල උපක්‍රම වලින් බිඳ වැට්ටවිය නොහැකි වනු ඇතැයි මා සිතනවා.

සංවාද සටහන - අවන්ත කුමාරනායක

සම්බන්ධිත පුවත් | Related News

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.
බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.