News Category
From Date
To Date
Maximum Number of Result

වලිගයෙන් අල්ලාගෙන හදන්නට යන අගමැති හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් පැහැදිලි කිරීමක්..

Aug 9, 2025 at 08:50 AM
|

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (Reforms)  ක්‍රියාවලියක් යනු පවතින පද්ධතියක් තව දුරටත් දියුණු කිරීම මගින් සුවිශේෂී අභියෝග සහ ගැටළුවලට මුහුණ දීම මෙන්ම පද්ධතියේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන්නක් බවත්, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය විසින් ඉදිරිපත් කරන විෂය මාලා සංශෝධනය සමස්ථ පරිවර්ථනයේ අරම්භයක් හෝ කොටසක් ලෙස එහි පැහැදිලිව සඳහන් නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ඒ මහතා විසින් සම්පාදනය කළ ලිපියක දැක්වෙන්නේ එම “පවර් පොයින්ට්” ලියවිල්ල සකස් කිරීමේදී රටේ සෙසු අධ්‍යාපන විද්‍යාඥයින් හෝ පෙදු මහජනයා හෝ සිවිල් සංවිධාන වලින් අදහස් ලබාගෙන නොමැති බවද ඉතා පැහැදිලි බවයි.

සවිස්තරාත්මක ලිපිය පහළින්..

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලිගයෙන් අල්ලා ගැනීම

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය විසින් ඒකපාර්ශවීය සහ අහසින් කඩා වැටුනා සේ හුදකලාව අධ්‍යාපන පරිවර්ථනය නමින් ලියවිල්ලක් ඉදිරිපත් කර ඇත. ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය නමින් ඉදිරිපත් කර ඇති පිටු 25කින් සමන්විත එම  “පවර් පොයින්ට්” ඉදිරිපත් කිරීම සඳහා පැටලිලි සහගත ශිර්ෂයක් යොදා ඇත. එහි සිංහල පරිවර්ථනය අනුව එම ලියවිල්ල ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුලපිරීම පරිවර්ථනයට ලක් කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන අධ්‍යාපන පරිවර්ථනයක් අරමුණු කරගත් ඉදිරිපත් කිරීමකි. එසේ වුවත් එතුමිය විසින් ඉදිරිපත් කරන විෂය මාලා සංශෝධනය සමස්ථ පරිවර්ථනයේ අරම්භයක් හෝ කොටසක් ලෙස එහි පැහැදිලිව සඳහන් නොවේ. 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (Reforms)  ක්‍රියාවලියක් යනු පවතින පද්ධතියක් තව දුරටත් දියුණු කිරීම මගින් සුවිශේෂී අභියෝග සහ ගැටළුවලට මුහුණ දීම මෙන්ම පද්ධතියේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන්නකි. නමුත් අධ්‍යාපන පද්ධතියේ පරිවර්ථනයක් (Transform)  යනු පවතින පද්ධතිය සම්පූර්ණ වෙනසකට භාජනය කිරීමය. ඓතිහාසිකව අප රටේ පැවති පිරිවෙන් මුල්කරගත් අධ්‍යාපන පද්ධතිය පසුකාලීනව හඳුන්වාදුන් නිදහස් අධ්‍යාපන පද්ධතියේ මූල බීජය ලෙස හැදින්විය හැක. බටහිර ආක්‍රමණ සමඟ එම පද්ධතිය පරිවර්ථනයකට (Transform)  ලක් වූ අතර ආගමික පරිවර්ථනය සහ මූල්‍ය හැකියාව මත අධ්‍යාපන අවස්ථා නිර්මාණය කෙරිනි. ඉන්පසුව ජාතික නිදහස් සටනේ අභාෂය මත නිදහස ලබාගැනීමටත් පෙර නිදහස් අධ්‍යාපන පද්ධතියක් බිහි කිරීම හෙවත් ඓතිහාසික නිදහස් අධ්‍යාපන පද්ධතිය තවදුරටත් පුළුල් කිරීම, ප්‍රතිඵලදායක සහ කාර්යක්ෂම කිරීම සඳහා මූලාරම්භය සිදුවිය. ඒ අනුව එම ක්‍රියාවලියද ප්‍රගතිශිලී පරිවර්ථනයකි. 

ගුරුවරයා මුල්කරගත් සහ ශිෂ්‍යා පාදක කරගත් එම අධ්‍යාපන පද්ධතිය වරින් වර 1956 දී, 1972 දී, 1998 දී ආදී වශයෙන් ප්‍රතිසංස්කරණයන්ට (Reforms)  ලක්විය. එම ක්‍රියාවලිය තුළ 1981 දී නිදහස් අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම පරිවර්ථනයකට (Transform)  ලක්කිරීම සඳහා ඉදිරිපත් වූ ධවල පත්‍රිකාව එදා ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් ලේ හලා පරාජයට පත්කරනු ලැබීය. කෙසේ වෙතත් වරින් වර ඉදිරිපත් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා මගින් අධ්‍යාපන පද්ධතියේ කළමනාකරණ ව්‍යුහය සහ විෂය මාලා මෙන්ම විෂය නිර්දේශවලට අදාලව සිදුවූ ප්‍රතිසංස්කරණ පිටුපස ජාත්‍යන්තර ණය දෙන ආයතනවල උපදේශකයන් සිටි බව රහසක් නොවේ. ඒවා ඇමෙරිකානු ක්‍රමයෙන් හෝ පින්ලන්ත ක්‍රමයෙන් ඉගෙන ගැනීමේ වැදගත්කම හුවා දක්වමින් සාධාරණීකරණය කෙරිනි. කෙසේ වෙතත් ඒවා මගින් නිදහස් අධ්‍යාපන පද්ධතියේ සහ රටේ සාර ධර්ම පද්ධතියේ මූලධර්ම අභියෝගයන්ට ලක් නොවීය. 

නමුත් මෙවර අගමැතිතුමිය පුද්ගලිකව අයිතිය තබාගනිමින් සහ පුද්ගලිකව වෙහෙස මහන්සි වෙමින් සාධාරණිකරණය කිරීමට උත්සාහ කරන අධ්‍යාපන “පරිවර්ථන” යෝජනා මගින් මෙතෙක් සිදුවෙමින් පැවැති “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” ක්‍රියාවලිය පරිවර්ථනයකට ලක් කෙරෙන බව එතුමිය විසින්ම පිළිගෙන ඇත. ඒ අනුව මීට පෙර සිදුකර අවසන් වී ඇති ප්‍රතිසංස්කරණ මෙන්ම 2022 දී ජාතික අධ්‍යාපන කොමිසම මගින් ඉදිරිපත් කළ 202-2030 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිමය රාමුව මගින් ආරම්භ කළ ක්‍රියාවලිය ද පරිවර්ථනයකට ලක් කිරීම එතුමියගේ අපේක්ෂාව ලෙස පිළිගැනීමට සිදුවේ. මේ වන විට පිටු 395කින් සමන්විත එම විස්තීරණ ලේඛනය මගින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට අදාල ඉදිරි පියවර යම් ආකාරයකට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දැක ගත හැක. ඊට අදාලව සම්පත් දායකයින් තෝරා ගැනීම සඳහා 2025.08.03 ඉරිදා ලංකාදීප පත්‍රයේ දැන්වීමක් ද ඵලකර ඇත. 

ඊට අමතරව අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමට අදාලව රටේ ජනාධිපතිවරයාට සහ ඒ මගින් පාර්ලිමේන්තුවට උපදෙස්දීම සඳහා නීතිමය බලය සහිත ඉහත සඳහන් කළ 2020-2030 අධ්‍යාපන ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳව කිසිදු සඳහනකින් තොරව 2023 සැප්තැම්බර් මාසයේදී එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023-2033 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිමය රාමුවක් ඉදිරිපත් කරනු ලැබීය. පිටු 32කින් සමන්විත එම ලේඛනයේ 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවේ හරය සහ ඊට පසුව පළාත් සභා ක්‍රමය තුළ බෙදුම්වාදී බලවේග විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු කිරීමට අදාල ප්‍රතිපාදන ඉතා පැහැදිලිව අන්තර්ගත විය. අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ 2025 අධ්‍යාපන පරිවර්ථන ලියවිල්ලේ 2022 ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳව කිසිදු සඳහනක් නොමැති වුවද අමාත්‍ය මණ්ඩල අනුමැතිය පමණක් ලැබී ඇති සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් නොවූ රනිල් වික්‍රමසිංහ මහතාගේ 2023 ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳව සඳහන් වේ. 

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යතුමියගේ අධ්‍යාපන පරිවර්ථන ලියවිල්ලට අදාලව ප්‍රතිපත්ති සකස් කිරීමේදී දායකත්වය ලබාදිය යුතු ප්‍රධාන ආයතන දෙකක් වන ජාතික අධ්‍යාපන කොමිසම සහ ජාතික අධ්‍යාපන ආයතනවල සම්බන්ධතාවයක් පිළිබඳව සඳහන් නොවන අතර එය අමාත්‍යාංශයේ ලියවිල්ලක් ලෙස හඳුන්වා ඇත. ඊට අමතරව “පවර් පොයින්ට්” ලියවිල්ල සකස් කිරීමේදී රටේ සෙසු අධ්‍යාපන විද්‍යාඥයින් හෝ පෙදු මහජනයා හෝ සිවිල් සංවිධාන වලින් අදහස් ලබාගෙන නොමැති බවද ඉතා පැහැදිලිය. එසේවුවත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සහ ව්‍යාපාරිකයින්, විශේෂයෙන්ම, ජාත්‍යන්තර පාසල් හිමියන් ඇතුළු 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සකස් කළ සමාජයේ බරපතළ විවාදයට ලක්විය යුතු එහෙත් ඒ සඳහා අවකාශයක් ලබා නොදුන් ප්‍රතිපත්ති රාමුවක් එතුමියගේ ලේඛනය මගින් පිළිගෙන ඇත. එසේම “පවර් පොයින්ට්” ලියවිල්ල පිළිබඳව පැවැත්වූ පාර්ලිමේන්තු විවාදයේදී සහ මාධ්‍ය අමතමින් අග්‍රාමාත්‍යතුමිය සදහන් කරන්නේ මෙම ක්‍රියාවලිය තමා විසින් ආරම්භ කළ එකක් නොවන බව සහ තමා විසින් සිදු කරනු ලබන්නේ මීට පෙර ආරම්භ කළ ක්‍රියාවලියක් ඉදිරියට ගෙන යාම බවය. 

ඒ අනුව එම ඉදිරියට ගෙන යන ක්‍රියාවලිය රනිල් වික්‍රමසිංහ මහතාගේ සන්නාමය සහිත2023 ලියවිල්ල බව ඉතා පැහැදිලි ය. එම ලියවිල්ල අගමැතිතුමියගේ ලියවිල්ලේ අඩංගු ආකාරයට දිර්ඝකාලීන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පරිවර්ථනයකට ලක් කිරීම සඳහා ඉදිරිපත් කළ එකක් බව ඉහත පැහැදිලි කෙරිනි. එනම් එය ධවල පත්‍රිකාවේ මූලධර්මවල බෙදුම්වාදී ඉල්ලීම් ඇතුලත් කිරීම මගින් සකස් කළ සමස්ථ අධ්‍යාපන පද්ධතියේ පරිවර්ථනයක් මුල්කරගත් ලියවිල්ලකි. නමුත් අග්‍රාමාත්‍යතුමිය විසින් ආරම්භ කරනු ලබන්නේ එම සමස්ත ක්‍රියාවලියේ එක් අංගයක් වන විෂයමාලා සංවර්ධනය යනුවෙන් හඳුන්වන විෂය මාලා සංශෝධනය මුල්කරගත් ක්‍රියාවලියකි. අග්‍රාමාත්‍යතුමියට අනුව ඇයගේ ව්‍යායාමයේ මූලික අරමුණ 21 වැනි ශතවර්ෂයෙන් ඔබ්බට පැනනගින් අභියෝග වලට මුහුණදිය හැකි ආර්ථික සංවර්ධනයට සහ රටේ සාමයට දායකවිය හැකි රටවැසියෙකු බිහි කිරීම සඳහා පදනම දැමීමය. 

කෙසේ වෙතත් ඊට අදාළව ඉදිරිපත් කරනු ලබන සුන්දර වචන සහිත විස්තරාත්මක අරමුණු 9ක් අතරට ඇයගේ විශේෂිත උවමනාවක්ද ඇතුළත් කර ඇත. එම විශේෂිත වචන එනම් සාධාරණත්වය සහ ඇතුළත් කිරීම යන වචන (Ensure equity and inclusivity) “යන වචන” මීට පෙර එතුමිය විසින් සමලිංගික ප්‍රජාව හෙවත් LGBTQIA ප්‍රජාව ලෙස හැදින්වෙන සමාජයේ ඉතා අතලොස්සක් වූ පිරිසට සාධාරණය ඉටු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා යොදාගනු ලැබීය. එනම් එම ප්‍රජාව සමාජයෙන් පිටමන් කිරීම වැළැක්වීම සඳහා ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සහ ඔවුන් පොදු සමාජයට ඇතුළත් කර ගැනීම සඳහා දැනුම සහ ආකල්ප සංවර්ධනය විෂය මාලාවට ඇතුල්කල යුතු බව එතුමිය විසින් මීට පෙර ප්‍රකාශ කර ඇත. ඒ අනුව එතුමිය විසින් යෝජනා කරන අධ්‍යාපන පරිවර්ථන ක්‍රියාවලිය හෙවත් පවතින දේ සහමුලින්ම හෙවත් මූලධාර්මිකව වෙනස් කිරීමේ ක්‍රියාවලියට සමලිංගික හැසිරීම් ප්‍රචලිත කිරීමට තුඩු දෙන විෂය කරුණු ඇතුළත් කිරීම ද සිදුවන බව ඉතා පැහැදිලි ය. 

නමුත් නීත්‍යානුකූල බලයක් සහිත ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ විස්තීර්ණ ප්‍රතිපත්ති මාලාවේ අඩංගු අරමුණ එකක් හෝ පිළිබඳව සඳහන් නොකිරීමට එතුමිය පරිස්සම් වී ඇත. එම ලියවිල්ලේ අඩංගු අරමුණු 8ක් අතරට සංස්කෘතික වශයෙන් ශක්තිමත් සහ දේශප්‍රේමී රටවැසියෙකු නිර්මාණය කිරීමද අයත් වේ. කෙසේ වෙතත් අගමැතිතුමියගේ ඊනියා පරිවර්ථන ලියවිල්ලේ අඩංගු වන ප්‍රධාන වශයෙන් මහජන විරෝධයට ලක් වී ඇති ඉතිහාසය විෂය අනිවාර්ය විෂය ලැයිස්තුවෙන් ඉවත් කිරීම යනු එම මූලික අරමුණු ඉටුකර ගැනීමට එරෙහි වන්නකි. ඉතිහාසය නොදන්නා තම රටේ සභ්‍යත්වයේ උරුමය සහ අනන්‍යතාවය පිළිබඳව සංවේදී නොවන දරුවෙකු සංස්කෘතික වශයෙන් ශක්තිමත් දේශප්‍රේමී දරුවෙකු බවට පත්වන්නේ කෙසේද? 

කෙසේ වෙතත් මහජනයා ඉතිහාසය විෂය ඉවත් කිරීමට අදාලව විරෝධය පළ කිරීම ඉතා දියුණු ප්‍රවේශයකි. නමුත් එය සිදුවීමට නියමිත සමස්ත ක්‍රියාවලියේ වලිගයෙන් අල්ලා ගැනීමක් බවද කිව යුතුය. ඊට හේතුව ඒ මගින් අගමැතිතුමිය විසින් සඳහන් කරන තමා විසින් ඉදිරියට ගෙනයන තමාට පෙර ආරම්භ කළ ක්‍රියාවලියේ භයානක කම පිළිබඳ සංවාදය ඒ මගින් යටපත් විය හැකිවීමය. කෙසේ වෙතත් ඉතිහාසය විෂය අනිවාර්ය නොකිරීම සහ ඉවත් කිරීම යනු වෙනස් උපක්‍රම දෙකක් වුවද අවසන් ප්‍රතිඵලය වන්නේ ඉතිහාසය ඉගෙන ගැනීම සහ ඉගැන්වීම පාසල් විෂය මාලාවෙන් ඉවත් වීමය. ඊට හේතුව පවතින විභාග ක්‍රමය තුළ ඉතිහාසය වැනි විෂයක් තෝරා ගැනීමට දැනටමත් බරපතළ විභාග පීඩනයකට ලක්ව සිටින සිසුන්ට උවමනාවක් ඇති නොවීමය. 

එම ක්‍රියාවේ බරපතළකම සැගවීම සඳහා අගමැතිතුමිය සඳහන් කරන්නේ තමා ඉතිහාසය ඉවත් නොකළ බවය. එය සත්‍යකි, එනම් අත්‍යවශ්‍ය විෂය ලැයිස්තුවක් ලෙස පෙළගස්වා ඇති විෂයන් 15ක අතරට සහ සිසුන්ට තෝරා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති විෂයන් 7ක ලැයිස්තුවට ඉතිහාසය ඇතුළත් කර ඇත. එහෙත් අනිවාර්ය විෂය ලැයිස්තුවට අයත් විෂයන් 5ට ඉතිහාසය ඇතුළත් වන්නේ නැත. ඒ අනුව නිදහසට කරුණු ලෙස අගමැතිතුමිය විසින් ඉදිරිපත් කරන තර්ක කුමක් වුවත් එතුමියගේ අවසන් අරමුණ පැහැදිලි කර ගැනීම අපහසු නැත. ඊට හේතුව අනිවාර්ය විෂය ලැයිස්තුවට අයත් ආගම සහ සදාචාරය යන පොදු විෂය මගින් බුද්ධාගම විෂය විශේෂිත විෂයක් ලෙස පාසල්වල ඉගැන්වීමේ ක්‍රියාවලියද අවසන් කිරීම ද මෙම ඊනියා විෂය මාලා සංවර්ධනය ක්‍රියාවලියේ මූලික අරමුණක් වීමය. ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවේ විවිධ ලේඛන මුල්කරගෙන විවිධ විද්වතුන් රාශියක් විසින් ඉදිරිපත් කර ඇති විද්වද් මතවාද අනුව සමාජයක් බිදවැට්ටවීම සඳහා යොදාගන්නා මූලික උපායමාර්ග අතර සමාජයක් දෘෂ්ඨිමය වශයෙන් හෝ මතවාදී වශයෙන් බිඳවැට්ටවීම, සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීම, ඓතිහාසික සමාජ සංස්ථා බිඳවැව්ටවීම සහ සමාජය ප්‍රචණ්ඩකරණය කිරීම යන උපාය මාර්ග ප්‍රධාන වේ. 

ඒ අනුව ඉතිහාසය සහ ඓතිහාසික බෞද්ධ සභයත්වයට අදාලඉගැන්වීම් මගින් ප්‍රචලිත කෙරෙන සාරධර්ම සහ වත්පිළිවෙත් නොදන්නා දරුවෙකු බිහිකිරීම යනු දිර්ඝකාලීනව අප සමාජය බිඳවැව්ටවීම සඳහා යොදාගන්නා මූලික උපාය මාර්ගික ප්‍රවේශයක් බව බැහැර කළ නොහැක. කෙසේ වෙතත් අගමැතිතුය විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙවත් එතුමියට අනුව පරිවර්ථන ක්‍රියාවලියේ වලිගයෙන් ඇල්ලීම හෙවත් විෂය මාලා වෙනස් කිරීමේ ක්‍රියාවලිය පෙරට දැමීම මගින් ඊට පසුව ඉදිරියට එන සමස්ත ක්‍රියාවලියේ භයානකකම පිළබඳ සංවාදය ද යටපත් වේ. එසේම මහජනයා විසින් මහා පින්තූරයට අවධානය යොමු නොකිරීම මගින් එනම් ඉතිහාසය ඉවත් කිරීම යන වලිගයෙන් පමණක් අල්ලා ගැනීම මගින් ද එම අපේක්ෂාව ඉටු වේ. 

ඒ අතර පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා විසින් මහජනයාට සංවේදී ගැටළු ප්‍රමාණයක් ඉදිරිපත් කරන ආකාරය දැකගත හැකි විය. ඒ අනුව සහ - කම්පනය නොමැති, සමාජය පිළිබඳ සංවේදි නොවන සහ වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ පීඩාවට පත්ව සිටින ශිෂ්‍ය පරපුර පිළිබඳව එතුමා දුකට පත්වී ඇත. එසේම අධ්‍යාපන පද්ධතිය තුළ සම්පත් බෙදීයාමේ විශමතාවයන් පිළිබඳව ද එතුමා සඳහන් කරයි. ඒ මගින් ජනාධිපතිවරයා විසින් අගමැතිතුමියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හෙවත් අධ්‍යාපන පද්ධතිය පරිවර්ථනයකට ලක් කිරීමේ බරපතල ක්‍රිියාව සාධාරණීකරණය කිරීමක් සිදුකර ඇත. එහෙත් ඒ මගින් නංගි පෙන්වා අක්කා දීම යන ගැමි වහර සිහිපත් වේ. එතුමා සදහන් කරන ගැටළු හෝ අභියෝග සහ අගමැතිතුමිය ඉදිරිපත් කරන ඊනියා පරිවර්ථන අතර සම්බන්ධයක් නැත. එනම් එම පරිවර්ථන මගින් ජනාධිපතිවරයාගේ අපේක්ෂා ඉටු නොවන බව ඉතා පැහැදිලිය. මූලික වශයෙන් ජනාධිපතිවරයාගේ අපේක්ෂා ඉටුකර ගැනීම සඳහා පළමුවෙන්ම කළ යුත්තේ අගමැතිවරියගේ ප්‍රතිසංස්කරණ අත්හිටුවීමය. එනම් ඉතිහාසය සහ සෞන්දර්ය විෂය අනිවාර්යය කිරීමය. දෙවනුව විශ්ව විද්‍යාලය දක්වා පාසල් අධ්‍යාපනය වසර 12කට සීමා කිරීම සහ කුසලතා මුල්කරගත් අධ්‍යාපනය විෂය සමගාමී සහ පරිභාහිර ක්‍රියාකාරකම් ලෙස ප්‍රචලිත කිරීමය. ඊට අමතරව බරපතළ ප්‍රතිසංස්කරණ සඳහා පුළුල් සමාජ සංවාදයක් ඇතිකිරීම ද එතුමාගේ මූලික වගකීමකි. ඊට අමතරව ජනාධිපතිවරයා කුමන මානසික බාධකයක් පනවාගෙන සිටිය ද කතා නොකර මග හැරිය නොහැකි ප්‍රතිසංස්කරණ අතරට උපකාරක පන්ති ගුරුවරුන් විසින් දිරිගන්වන දෙමාපියන්ගේ ටියුෂන් සහ ශිෂ්‍යත්ව විභාග “පිස්සුව”  සුව කිරීම මගින් දරුවන්ගේ මානසික පීඩනය සමනය කිරීම සඳහා පියවර ගැනීම ද ඇතුළත් විය යුතුය. 

වෛද්‍ය වසන්ත බණ්ඩාර

මහ ලේකම් 

දේශහිතෛෂි  ජාතික ව්‍යාපාරය  


සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ ඇමතිවරයාව බේරා ගැනීමට කටයුතු කළද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් හෝ වැඩක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
Facebook, Messenger, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාල යොදාගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබේ.
රටතුළ ජාතික ආරක්ෂාව දැනටමත් උපරිමයෙන් තහවුරු කර ඇති බවත්, වර්ථමානයේ රජයේ අවධානය යොමුව ඇත්තේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.