
රටපුරා රෝහල් 40ක් වසා දමලා... 100ක් වැසීයන්න ආසන්නයි
දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ජාවකදීය.
මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී තිබෙන බවත් 100 කට ආසන්න රෝහල් ප්‍රමාණයක් වැසී යාමට ආසන්න තත්වයේ තිබෙන බවත් මෙහිදී අනාවරණය විය.
මේ පිළිබදව විශේෂ අවධානය යොමු කළ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ද , එම කමිටුවේ සාමාජිකයන් බවට පත් කරමින් විශේෂ කමිටුවක් පත් කර මෙම රෝහල් සදහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම කඩිනමින් සිදු කර රෝගී ප්‍රතිකාර සේවාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
වෛද්‍යවරුන් නොමැතිව මේ වන විට වැසී තිබෙන හා වැසී යාමට ආසන්න තත්වයේ ඇති රෝහල් උතුරු පළාතේ දිස්ත්‍රික්ක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල බව අනාවරණය කර ගෙන ඇත.
වෛද්‍යවරුන් විදේශ ගතවීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැර යාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බව ද මෙහිදී අනාවරණය විය.
දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටලුවලට විසදුම් සෙවීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට හා සම්බන්ධ වෘත්තීය සමිති සමඟ නිරන්තරව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රසාදය ද මෙහිදී පල කෙරිණි.
එමෙන්ම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, වෛද්‍යවරුන්ගේ පුහුණුවීම්, සේවා අවශ්‍යතාවය මත වෛද්‍යවරු රෝහල් වෙත අනුයුක්ත කිරීම්, වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ මාරුවීම් පිළිබදව ද මෙහිදී සාකච්ජාවට ලක් විය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
