සෙවනගල අර්බුදය උග්‍ර වෙයි.. සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට සේවකයන් සත්‍යග්‍රහයක..
උක් ගොවීන්, සේවකයින්, ට්‍රැක්ටර් රථ රියැදුරන් ඇතුළු පිරිසක් එක්ව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට අද දිනයේ සත්‍යග්‍රහයක් ඇරඹූහ.
උක් ගොවීන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පාලන අධිකාරිය මඟින් නොගෙවීම ඇතුළු තවත් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ජන අරගල පුරවැසියෝ සංවිධානය මෙය සංවිධානය කර ඇත.
සෙවණගල උක් ගොවීන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡාවක් (28) දිනයේදී සභාපතිතුමිය සහ විධායක අධ්‍යෂතුමිය සමඟ කොළඹදී පැවැති බවත් එම සාකච්ඡාවෙන් කිසිදු ඵලක් නොවූ බැවින් උක් අස්වනු නෙළීම නවතා දැමීමට තමන් තීරණය කළ බව උක් ගොවි බලමණ්ඩලයේ සභාපති රුවන් සංජීව මහතා පැවැසීය.
මෙම සාකච්ඡාවට ගොවි බලමණ්ඩල නියෝජිතයන් සහ ට්‍රැක්ටර් රථ සංගම් නියෝජිතයන් සහභාගි වූ අතර සෙවණගල සීනි ආයතනය වෙනුවෙන් එහි සභාපති සඳමාලි චන්ද්‍රසේකර සහ විධායක අධ්‍යක්ෂ දිපිකා කේ. ගුණරත්න යන මහත්මින් සහභාගි වූ බවත් එහිදී
මේ වන විට ගොවීන් සතු ගැටලු වශයෙන් මේ දක්වා ආයතනය ලබා දී ඇති උක්වලට මුදල් නොගෙවීම, උක් ලබා ගැනීමේ ප්‍රමාද වීම, ආයතනය සතු කටර් දෙකෙන් එකක් පමණක් වැඩ කිරීම අනික් කටර් යන්ත්‍රය සෑදීම ප්‍රමාද කිරීම ඇතුළු කරුණු රැසක් ගොවි නියෝජිතයන් පෙන්වා දී ඇති අතර ගොවීන්ට මුදල් නොලැබීම තුළ ඇතැම් ගොවි පවුල් ඉතා අසරණව තම දරුවන්ට ආහාර වේලක් ලබා දීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව උක් කැපු අයට කුලිය බේරීමට තමන් සතු සියල්ල උකස් කර ඇති බව පෙන්වා දී ඇත.
ට්‍රැක්ටර් රථ සංගමය පෙන්වා දී ඇත්තේ තමන්ට ලබා දිය යුතු මුදල් ප්‍රමාද වීමෙන් ට්‍රැක්ටර් රථ වලට ගෙවිය යුතු ලීසිං ගෙවීම නොහැකි වීම හේතුවෙන් තමන් දැඩි පීඩනයට පත්ව ඇති අතර ඒ සඳහා මේ වන විට තම බිරිය දරු දැරියන් සතු කනකර උකසට තබා හමාර බවයි.
එබැවින් තමන්ට ලබා දීමට ඇති මුදල් ලබා දීමට කටයුතු කරන ලෙසත් උක් පැටවීමේදී එක් ඩක්කුවකට ටොන් 7කට වැඩිය පැටවුව හොත් අතින් බෑමට සිදු වන බැවින් එය එසේ නොවීමට තරාදිය නිසි පරිදි සකසා දෙන ලෙසයි.
සාකච්ඡාවට ආයතනය වෙනුවෙන් සහභාගි වූ සභාපතිතුමිය සහ විධායක අධ්‍ය ෂතුමිය කියා ඇත්තේ සීනි සහ එතනෝල් විකිණීමේ ගැටලුවක් පවතින බැවින් සීනි සහ එතනෝල් අලෙවිය අනුව ටිකෙන් ටික මුදල් ලබා දීම හැර වෙනත් විකල්පයක් නැති බවත් මේ වන විට සේවක සේවිකාවන්ගේ පඩිය පවා ලබා දීම ප්‍රමාද වී ඇති බැවින් එය ඊයේ (29 දා) ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් කැමැති අයට ආයතනයට උක් ලබා දිය හැකි බවයි.
ඒ අනුව ගොවි නියෝජිතයන් සහ ට්‍රැක්ටර් රථ නියෝජිතයන් තීරණය කර ඇත්තේ එතනෝල් සහ සීනි විකිණීමෙන් උපයා ගන්නා මුදල සේවක පඩි ගෙවීමට හැර තම මුදල් ගෙවීමට ප්‍රමාණවත් නොවන බැවින් දැනට ට්‍රැක්ටර් රථ ඩක්කුවල පටවා ඇති උක් සහ ගොවිබිම්වල කපා ගොඩ ගසා ඇති උක් දින කීපයක් තුළ ආයතනයට ගෙනවිත් භාර දීමටත් ස්ථිර විසඳුමක් ලබා දෙන තුරු උක් අස්වනු කැපීම නවතා දැමීමටත් ඉදිරියේදී අමාත්‍යංශ මට්ටමින් ඇමැතිතුමා හෝ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමට උත්සාහ දරන බවයි.
– සෙවණගල කේ.පී. සුමනදාස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..