ලතින් අමෙරිකාවේ විමුක්තිදායකයා, සයිමන් බොලිවාර්ගේ 242 වැනි ජන්ම සංවත්සරය ජාත්‍යන්තර සමුළුවක් ලෙසින් වෙනිසියුලාවෙදී සැමරේ!
වෙනිසියුලාවේ කැරකස් නුවර පිහිටි "ජාතික සර්ව දේව මණ්ඩල" මධ්‍යස්ථානයේ සිට, වෙනිසියුලානු රජය එරට අසාහය විමුක්තිදායකයා වන සයිමන් බොලිවාර්ගේ 242 වන ජන්ම සංවත්සරය සහ බොලිවේරියානු ජාතික නාවික හමුදා දිනය සඳහා ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්වීය.
උත්සවය වෙනිසියුලානු ජාතික ධජය එසවීම සහ සයිමන් බොලිවාර්ගේ පිළිමය ඉදිරියේ මල් වඩම් තැබීමෙන් පසු ආරම්ඹ්හ විය. වෙනිසියුලාවේ බොලිවේරියානු හමුදා විශ්ව විද්‍යාලයේ කැඩෙට් නිලධාරීන් මෙම උත්සවයේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.
දකුණු අමෙරිකාව පුරා පිහිටි රටවල් හයකට නිදහස ලබා දීම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ ජාතීන් හයක නිදහසේ පියා ලෙස විරුදාවලිය ලත් බොලිවාර්ගේ අතීත භූමිකාව සිහිපත් කරමින්, බොලිවේරියානු නාවික හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරී අද්මිරාල් අෂ්රෆ් සුලෙයිමාන් ගුටියර්රෙස්, වෙනිසියුලාව නිදහස් කර ගැනීමට සහ ස්පාඤ්ඤ පාලනය වෙනිසියුලානු භූමිය පුරා පවත්වාගෙන ගිය දම්වැල් බිඳ දැමීම ඉලක්ක සහගත කැපවුණු විමුක්තිදායකයාගේ දේහය තැන්පත් කර ගොඩ නැගූ අනුස්මාරකය ඉදිරිපිට ධජය ඔසවන ලද්දේය.
"වෙනිසියුලාවේ ඉතිහාසය සහ එහි නීතිමය අයිතිවාසිකම් වෙනුවෙන් කැපවී සිටින වෙනිසියුලානු නාවික හමුදාව, එහි 202 වන සංවත්සරය වෙනුවෙන් මාරකයිබෝ විල සටනේ ඓතිහාසික ජයග්‍රහණය සිහිපත් කරනවා. ජනාධිපති නිකොලස් මධුරෝ විසින් ක්‍රියාත්මක කරන ලද හත පරිවර්තන (T7) රාමුව තුළ අපගේ රට ස්ථිරවම ඉදිරියට ගමන් කරන බව අවබෝධකරගෙන, අපි නාවික හමුදාව ලෙස ඉදිරියට යනවා." ඔහු පැවසීය.
"වෙනිසියුලානු ජනතාවගේ සාමය සහ සතුට සහතික කරන" බොලිවේරියානු ජාතික සන්නද්ධ හමුදාවන්ගේ (FANB) තිරසාර සංවර්ධනය සඳහා වන සෑම ක්‍රියාකාරකම් තුළම සකස් කරනු ලබන, රාජ්‍ය නායකයා විසින් හඳුන්වා දී ඇති උපායමාර්ගික රේඛා හය හෙවත් අයකුචෝ සැලැස්ම ඒකාබද්ධ කරන බවද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ආසිය, යුරෝපා, අප්‍රිකා, ඔස්ට්‍රේලියා මහාද්වීප වලට අයත් රටවල් නියෝජනය කරමින් විවිධ දේශපාලන සංවිධාන වල නියෝජිතයෝ පැමිණ සිටියහ.
සැමරුම් උත්සවය හමාර වීමෙන් පසුව "බොලිවර් සහ පරම සතුට. නව ලෝකය සහ ගෝලීය දකුණේ විකල්ප" යන මැයෙන් වැඩමුලුවක් පැවැත් වුණි. ඉන්පසුව , "ෆැසිස්ට් විරෝධී කථිකාසනය: ජනතාවාදි එකමුතුව! බොලිවාර්ගේ ජීවිතය" නම් වැඩමුළුවද පැවැත්වුණි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා