ඇමැති 19ක් දෙපැත්තෙන්ම තෙල් දීමනා අරන්..
අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශ වලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් අගමැතිවරිය, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනෙකුට පාර්ලිමේන්තුවෙන් ඉන්ධන දීමනාව ගෙවීම ඔවුන්ගේ ඉල්ලීම මත පසුගිය අප්‍රේල් මාසයේ සිට අත්හිටුවා ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු ඇමතිවරුන්ද ඉල්ලීම් කරනු ලැබුවහොත් පාර්ලිමේන්තු දීමනාව ඉවත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.
මේ අතර කථානායක නියෝජ්‍ය කතා නායක නියෝජ්‍ය කාරක සභා සභාපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දීමනා වෙනුවෙන් පසුගිය මාර්තු මාසයේදී පමණක් රුපියල් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇත.
එම දීමනා වෙනුවෙන් සෙසු මාස වලදීද ඊට සමාන මුදලක් වැය කෙරුණු ඇතැයි පැවසේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසික දීමනාව ලෙස රුපියල් 54285 ක මුදලක් ද මාසික සංග්‍රහ දීමනා ලෙස රුපියල් දාහක් ද රියදුරු දීමනාව ලෙස රුපියල් 3500ක්ද දුරකථන දීමනාව ලෙස රුපියල් පනස් දහසක්ද මන්ත්‍රීවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ගමන් වියදම් පියවීම සඳහා රුපියල් 15000ක්ද කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්ද පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් දිනකට රුපියල් 2500ක්ද පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් වෙනුවෙන් රුපියල් 2500ක්ද හිමිවේ.
මෙයට අමතරව මන්ත්‍රීවරයා පදිංචි ප්‍රදේශයේ දුර අනුව ඉන්ධන ලබාදීම කෙරෙන අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට මාසිකව ඉන්ධන ලීටර් 283.94 ක් ලබාගත හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි. මඩ කළපු යාපනය දිගාමඩුලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලීටර් 639.53ක් ලබාගත හැකිවේ.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්