
පාර්ලිමේන්තුවේ විනය කැඩූවා යැයි මන්ත්‍රී නවයකට චෝදනා
විනය විරෝධීව හැසිරෙන ලදැයි කියන මන්ත්‍රීවරුන් නව දෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිලි හයක් මේ සතියේදී විශේෂ ප්‍රමුඛත්වය දක්වා විභාග කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස්දී ඇති බව වාර්තා වේ.
මේ අනුව ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව හෙට (28), අනිද්දා (29) සහ ලබන 30 වැනිදා එක දිගට රැස්වීමට නියමිතය.
මෙසේ විභාගයට ගැනෙන්නේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධ පැමිණිලිල්ල, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳ පැමිණිල්ල, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, විපක්ෂ නායකවරයා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂ නායක සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සහ නීති විරෝධීව රත්රන් ගෙන ඒමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වූ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ලය.
අයවැය අවසන්වීමට පෙර මෙම සියලු සිද්ධීන් විමර්ශන කර අවසන් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස්දී ඇති බව ද පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
