
කොවිඩ් මැඩලන්න ගෙනා එන්නත් මාත්‍රා 7,951,710ක් කල්ඉකුත් වෙලා... රුපියල් මිලියන 10,736ක් වතුරේ ගිහින්
කොවිඩ් 19 වසංගතය මැඩලීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූ රුපියල් මිලියන 10,736ක වටිනාකමකින් යුත් ෆයිසර් එන්නත් මාත්‍රා 7,951,710ක් කල්ඉකුත් වී ඇති බව අනාවරණය වී තිබේ.
2022 වර්ෂයට අදාළව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කරන වාර්ෂික වාර්තාව මගින් මේ බව හෙළිවී ඇත.
අදාළ එන්නත් තොගය 2022 වර්ෂයේ ජූලි 31 වන දින විට කල් ඉකුත් වී තිබු බව විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ අතර මෙරට ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරුන් 18,516 දෙනෙකු සිටින බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.
ආයුර්වේද වෛද්‍යවරුන් වසර 05කට වරක් සිය ලියාපදිංචිය යාවත්කාලීන කළයුතු වුවද අදාළ වෛද්‍යවරුන් සිය ලියාපදිංචිය අලුත් කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වෙයි.
මීට අමතරව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන දින වනවිට ලියාපදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 26,650 දෙනෙකු අතරින් 3,827 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී තිබුණ ද ඒ පිළිබඳ නිවැරදි තොරතුරු යාවත්කාලීන කිරීමක් සිදුව නොමැති බව ද සඳහන් වෙයි.
මේ හේතුවෙන් මියගිය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි සහතික අවභාවිත කිරීමේ ඉඩකඩක් පවතින බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වාදී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
