News Category
From Date
To Date
Maximum Number of Result

මොණරාගල සීනි තිත්ත වෙයිද ?

Jul 15, 2025 at 10:54 AM
|

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කලේ  ජාතික ජන බලවේගයයි .එයිනුත් වැඩිම ඡන්ද ලබාගත්තේ දොඹගහවෙල කොට්ඨාශය නියෝජනය කරන අජිත් පුෂ්පනන්දන මහතායි.(මුළුමනින්ම ගොවි ජනතාව සිටින මොණරාගල දිස්ත්‍රික්කය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ආසන 6 න් 5ක් ආණ්ඩු පක්ෂයට ලබාදෙන ලදී.).අජිත් මහතාගේ කොට්ඨාශයේ  ප්‍රධාන ආර්ථික භෝග  හතරකි .උක්,බඩඉරිගු , මයියොක්කා සහ කොමඩු එයින් ප්‍රධාන වේ. කොමඩු සහ  මයියොක්කා මිල උස පහත්වෙමින් වුවද අලෙවියක් පවතී. එහෙත් උක් සහ බඩඉරිගු වැඩිම ඡන්ද ලබාගත් කොට්ඨාශයේ නායකයාටද දේශපාලන ප්‍රශ්ණයක් ඇති කරමින් පවතී. උක් ප්‍රවාහන ට්‍රැක්ටර් කරුවන් 600ක් ඔහු මා සමග කතාකරන මොහොතටත් උද්ඝෝෂණයකට සුදානම් බව ඔහුට දුරකතනයෙන් දන්වන ලදී.මහජනතාවට අවහිරයක් නොවන ලෙසට කටයුතු කරන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලීම හැර අජිත් මහතාටද කළහැකි දෙයක් නොපෙනේ.

දොඹගහවෙල කොට්ඨාශයට ප්‍රාග්ධනය ගලායෑමට ඇත්තේ කර්මාන්ත 3 කි.එයින් කුළුබඩු නිෂ්පාදන සහ මයියොක්කා බයිට් නිෂ්පාදන  කර්මාන්ත දෙක සේවකයින් 50 කට පමණ රැකියා සපයමින් ක්‍රියාත්මක වෙමින් පවතී.අනෙක් කර්මාන්තය  ජාතික මට්ටමේ ප්‍රධාන තාක්ෂණික කර්මාන්තශාලාවකි . එනම් උසස් තාක්ෂණයද හඳුන්වාදෙමින් ක්‍රියාත්මක වන ලංකාවේ ප්‍රධාන උක් හකුරු  කර්මාන්තය වන මහින්ද වීරසිංහ මහතාගේ ඌව මහජන හකුරු නිෂ්පාදන සමාගමයි.එය ලංකාවේ උක් ගොවීන්ට ඉහලම මිල එනම් ටොන් 1 කට රු 13000 ක්  ගෙවන ආයතනයකි.  .රටේ ප්‍රධාන සීනි කර්මාන්තශාලා ගෙවන්නේද ටොන් 1 කට රු 10000 ක් වැනි අගයකි. එය  උක් අඹරන යන්ත්‍ර කීපයක් සහ ටොන් 3 බොයිලේරුවක් සහිත සේවකයින් 45 ක් රැකියා කරන දිනකට හකුරු කිලෝග්‍රෑම් 2000-2500 ක් පමණ අලෙවි කරන රටේ උපායමාර්ගිකව වැදගත්ම උක් හකුරු  කර්මාන්තශාලාවයි .එයින් මසකට රුපියල් මිලියන 5 ක් කොට්ඨාශයේ උක් ගොවීන්ට  මුදා හරී . දර සහ ප්‍රවාහනය වෙනුවෙන් රු මිලියනයකට වඩා ප්‍රදේශයට මුදාහරී.සේවක වැටුප් සහ ප්‍රදේශයේ වැල්ඩින් කරුවන්, විදුලි කාර්මිකයන් ඇතුළු සහාය සේවා සදහා රු මිලියන 3කට වඩා මසකට මුදාහරී.කොටින්ම සියනෑ කෝරළයේ මීරිගම සිට සියඹලාණ්ඩුවට පැමිණ ආයොජනය කළ මහින්ද වීරසිංහ මහතා දොඹගහවෙල කොට්ඨාශයට මසකට රු කෝටියක මුදල් නිදහස් කරයි.

 කොට්ඨාශයේ දේශපාලන නායකයා වන ජාතික ජන බලවේගයේ අජිත් පුෂ්පනන්දන මහතා අපට මුණගැසුනේ එම කර්මාන්ත භූමියේදීය.ජනාධිපතිතුමාද සහභාගී වන රජරට උපසම්පදා උත්සවයකට ඌව මහජන කර්මාන්ත ආයතනයේ මහින්ද  වීරසිංහ මහතා විසින් ප්‍රධානය කෙරුණු උක් දඩු ප්‍රමාණයක් රැගෙන එහි යෑමට සුදානම්ව පැමිණි ඔහු කර්මාන්ත ශාලාවට රැගෙන එන උක් තොග ප්‍රමිති ගැටලුව මත ප්‍රතික්ෂේප වන ස්වභාවය නිසා මහත් කනස්සල්ලෙන් පසුවේ . ප්‍රමිතිය බාල වී ඇත්තේ අස්වැන්න නෙලීම ප්‍රමාදවීමෙනි.ප්‍රමාද වී ඇත්තේ ප්‍රධාන සීනි කර්මාන්තශාලාවලින් උක් මිලදී ගැනීම ප්‍රමාද වීමෙනි . එසේ වන්නේ සීනි කර්මාන්තය පාඩුවී ඇති බැවැනි .පාඩුවී ඇත්තේ 2015 සිට වරින්  ඉවත් කරන ලද සීනි ආනයන බදු සහ එතනෝල් ආනයන බදු විනිමය අනුපාතයේ මෑත කාලීන වෙනස්වීමට සාපේක්ෂව  පැනවීම වෙනුවට අඩු අගයකින් පැනවීම සහ සීනි කර්මාන්තය සදහා වැට් බදු පනවා ඇති නිසාවෙනි.අජිත් නන්දන මහතාට අනුව පවතින තත්වය දේශපාලන ප්‍රශ්නයක ආරම්භයකි .එනම් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 6 න් 5ක් ලබාදුන් මොණරාගල ගොවීන්ගේ දිනෙන් දින උත්සන්නවන අප්‍රසාදයයි .තත්වය මෙලෙස පැවතුනහොත් ලබන කන්නයේ උක් වගාව අර්බුදයට යනු ඇත .එය  ඔහුගේ පළාතේ ප්‍රධාන තාක්ෂණික, සහ ගමට මුදල් රැගෙන එන ,උක් ගොවීන්ට වැඩිම මුදල් ලබා දෙන ඌව මහජන උක්  කර්මාන්තශාලාවට තර්ජනයකි.

ඌව මහජන උක් කර්මාන්තශාලාව දොඹගහවෙල කොට්ඨාශයේ ආරම්භ කර වසර 7 කි. එහි නිර්මාතෘ මහින්ද වීරසිංහ මහතා වසර 30 ක උක් කර්මාන්තයේ පළපුරුදු කර්මන්තකරුවෙකි.ඔහු පවසන පරිදි දැන් වැඩිම ඉල්ලීමක් ඇත්තේ සීනිද මිශ්‍ර කර සාදන හකුරු නිෂ්පාදනය කර දෙන ලෙස ඉල්ලන ගැනුම් කරුවන්ගෙන් බවය .එයට හේතුව වී ඇත්තේ සීනි මිල අඩු බැවින් එය සමග තරග කිරීමට හකුරුවල මිල අඩු කර දෙන ලෙස ගැනුම් කරුවන් ඉල්ලන බැවිනි.දැනට නිෂ්පාදනය වන සියලුම හකුරු ප්‍රමිති තත්වයෙන් ඉතා අඩු හකුරු සමග තරග කරමින්    අඩුමිලට හෝ අලෙවි වුවත් උක් වගා  බිමේ තත්වය ඉතා අයහපත් වෙමින් පවතින බව ඔහු පෙන්වාදෙයි. කලාපය පුරාම අස්වනු නෙලීමට නොහැකිවූ වගා බිම්ය. ප්‍රමාදවන විට ගස් සුළගට පෙරලී මුල් ඇදීමට පටන් ගනී . එවිට සීනි ප්‍රතිශතය පහල යයි. එය මිලදී ගතහොත් උක් හකුරු කර්මාන්තය අවදනමේය . මිලදී  නොගතහොත් ගොවියා අමනාපවේය.එලෙසම ගොවියා හාමතේය.ලබන කන්නයේ උක් වගා නොවුනහොත් තවත් මිල ඉහල යන්නේය. මුළු කර්මාන්තයම අවදානමේ බව ඔහු පෙන්වා දෙයි . එහෙත් ඔහුට අතිරික්ත ධාරිතාවයක් පවතී . එම නිසාම ප්‍රබල සන්නාමයක් සහිත  බෙදාහැරීමේ හවුල් කරුවෙක් හෝ ආයෝජකයෙක් සොයාගැනීම මේ මොහොතේ යහපත් බව ඔහු පෙන්වා දෙයි.එවිට ඔහුට තවත් නිෂ්පාදන ගණනාවක් හදුන්වාදිය හැකි බව ඔහු පෙන්වාදෙයි.ඔහු නිපදවන දුඹුරු සීනි ඉස්තරම් සුවදකින්ද යුක්තය.වයින් ස්ප්‍රීතු නිපදවීම තවම සිදු නොකලත් උක් ගොවීන්ට වැඩිම මිලක් ලබා හැක්කේ උක් හකුරු කර්මාන්තයෙන් බව ඔහු ප්‍රයෝගිකවම පෙන්වාදෙයි . මහින්ද වීරසිංහ මහතා මේ මොහොතේ රටට උපදේශන සේවයක් ලබාදිය හැකි උක් හකුරු කර්මාන්තයේ  මෙරට සිටින අත්දැකීම් බහුලම මිනිසාය.ඔහු නොමැතිව මොණරාගල දිස්ත්‍රික්කයේ දොඹගහවෙලට තාක්ෂණික ප්‍රතිරූපයක් නොමැත.

නැගී එන ගොවි අර්බුදය පිලිබදව කණස්සල්ල පළකරන තවත් ක්ෂේත්‍රයේ ඉතා පරිණත මිනිසෙක් මහින්ද වීරසිංහ මහතාගේ කර්මාන්තශාලාවේදී ප්‍රකට උක් ගොවීන් දෙදෙනකුද සමග පැමිණ සිටියේය . ඔහු උක් පර්යේෂණ ආයතනයේ වසර 30 ක් සේවය කල වර්තමානයේ උක් ගොවියකු සහ ව්‍යවසායකයෙකු වන තිස්ස පියරත්න දිසානායක මහතාය.ඔහු මොණරාගල  උක් හකුරු කර්මාන්ත 400 ක් තිබු සමයේ උක් කර්මාන්ත සංගමයේ සභාපතිවරයාද වේ.එකල කර්මාන්ත බදුල්ල,හපුතලේ, හල්දුම්මුල්ල, පස්සර ,මඩොල්සිම දක්වාද පැතිර තිබුණු බව ඔහු සිහිපත් කරයි.උක් හකුරු කර්මාන්තය තරම් ගොවීන්ට ඉහල මිලක් ගෙවමින් පළාතේ ධනවතුන් බිහිකළ හැකි කර්මාන්ත මොඩලයක්  උවේ නැති බව ඔහු පෙන්වාදෙයි .ඔහුට අනුව වත්මන් සීනි කර්මාන්තය  උක් ගසේ ප්‍රමිතිය ගැන සැලකිලිමත් නැති එතනෝල් මත ක්‍රියාත්මක කර්මාන්තයක් බවට පත්ව ඇති බවයි.එම නිසාම සාර්ථක උක් ගොවීන් බිහි වීම වෙනුවට කුමක් හෝ නිපදවා සීනි ෆැක්ටෙරියට විකිණිමට  ගොවීන් පෙළඹී ඇති බවය. සීනි ප්‍රතිශතය ඉහල උක් වගාවන් පෙර මෙන් බිහි නොවෙමින් ඇත.පස දියුණු කිරීම පිලිබදව කතාබහක් වත් නැති බැවින් අක්කරයකට ලැබෙන උක් අස්වැන්න ප්‍රමාණවත් නොමැති බව ඔහු පවසයි. රසායනික පොහොර කොතරම් යෙදුවත් පස නිසි පරිදි ප්‍රතිචාර නොදක්වන බැවින් පස දියුණු කිරීමේ ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඔහු පෙන්වාදෙයි. උක් ගස කිසිදු අයුරකින් පොල් ගසට දෙවෙනි නොවන්නේ කිසිදු අපද්‍රව්‍යක් ඉතිරි නොවන බැවිණි. ඌව  මහජන උක් කර්මාන්ත භුමියේද ඇති තරම් කාබනික පොහොර ගොඩගැසී ඇත්තේ බොයිලේරුව දහනය කරවන උක් රොඩු අළුද සමගද එක් වීමෙනි.ගොවියන් ඉහල අස්වැන්නක් සහ ඉහල සීනි ප්‍රතිශතයක් ඇති උක් නිෂ්පාදනයකට යොමු කිරීමට නම් පැරණි වල ක්‍රමය යලි භාවිතා කිරීමට හැකි කුඩා යන්ත්‍ර ගොවීන්ට හදුන්වාදිය යුතු බවත් යාන්ත්‍රීකරණය වඩාත් සාර්ථක ගොවීන් බිහිකිරීමට මේ මොහොතේ තීරණාත්මක බවත් ඔහු පෙන්වාදෙයි.පරිණත මිනිසෙකු වන ඔහු පවසන්නේ සියල්ලටම පෙර ආනයනික සීනි සදහා පෙර පවතී මිලට කඩිනමින් සමපාත වන ලෙසට බදු නොපනවන්නේ  නම් කිසිවක් ආරම්භ කිරීමට නොහැකි බවය.මහින්ද වීරසිංහ මහතාගේ තාක්ෂණය සමග බද්ධවූ උක් හකුරු කර්මාන්තයේ ජාතික වශයෙන් මේ මොහොතේ වැදගත්කම තීරණාත්මක බව ඔහු අවධාරණය කරයි.රටේ ඕනෑම ප්‍රදේශයක වැවිය හැකි උක් ප්‍රභේද තවමත් සුරක්ෂිත බැවින් අප තවමත් ප්‍රමාද නොමැති බව ඔහු පෙන්වා දුන්නේ උක් පර්යේෂණ ආයතනයේ සියඹලාණ්ඩුවේ භූමියට අපව කැදවාගෙන ගොස් පෙන්වීමෙනි .

අපට හමුවුණු ගැමුණු සහ මහින්ද යන ගොවි මහතුන් පෙන්වාදෙන්නේ අලුත්ම උක්  වගාවකට අක්කරයකට රුපියල් ලක්ෂ 2 ක් පමණ වැය වෙන බවත් ඉන්පසුව වියදම අඩුවන බවත් එහෙත් නිරන්තර වගාවෙන් පස දුර්වල වීම නිසා සම්ප්‍රදායික පොහොර වලට පොලොව යහපත් ප්‍රතිචාර නොදක්වන බවත්ය.අතීතයේ වාරි ජලයෙන් තොරව වුවත් මසකට පුරුක් කීපයක් දන්වන ලදී බිම නොපෙරෙලෙන වර්ග තිබු නමුත් දැන් එවැනි වගාවකට යෑමට තරම් ගොවීන්ට වෙලාවක් නැති බවය .එනම් තවත් භෝග කීපයක් නොමැතිව අවිනිශ්චිත භාවයෙන් මිදීමට නොහැකි බැවින් සමාගම් සමග එතනෝල් ඉලක්ක කර කෙරෙන වගාවන් සමග ඔවුන්ට ජීවත් වීමට සිදුව ඇති බවත් ඇතැම් අවස්ථාවල අස්වැන්න වාරිජලය නොමැති වගාවක අක්කරයකට ටොන්  45 සිට 25 වැනි අගයක් දක්වා පහත වැටෙන බවත් සීනි ප්‍රතිශතය 20% සිට 13% දක්වා පහතට වැටෙන බවත්ය .ඔවුන් කියන්නේ සියල්ල දැන් පුරුද්දට කරගෙන යන වගාවන් බවට පත්වී ඇති බැවින් ගොවි ජීවිතවල දියුණුවක් නොමැති බවයි.

ජනවසමට අයත් උලපනේ මාවතුර කනපතිවත්තේ එකල තිබුනේ   උඩරට තිබුණු ප්‍රකට උක් හකුරු කර්මාන්ත ශාලාවකි.එහි  තිබුනේ අක්කර 150ක පමණ උක් වගාවක් බව ආසන්නයේ ජීවත් වන මේජර් ප්‍රියන්ත මෑතගම විසින් මාවෙත තොරතුරු සොයා දන්වන ලදී. යුරෝපයේ චීස් සහ බිස්කට් හදන්නේද ග්‍රාමීය කර්මාන්ත මොඩලයකිනි.දියුණු රටවල මොඩලය අපේ පණ්ඩිතයන්ට දියුණු ලෙස නොපෙනේ.අපේ ආනයනික සීනි මත ග්‍රාමීය ආර්ථිකයකට පණ දිය හැකි ලෙසට සමානුපාතික බදු පැනවීමට ඇමතිවරුන් බියවී සිටින්නේ බිස්කට් මිල ඉහල යන බැවින් බව ඔවුන්ම කියති.බිස්කට් සමාගම් පාන්පිටි සමාගම් සමග එක්ව වී ගොවීන්ගේ අදායම මසකට රු 6000 කට අඩුකර සතුටින් සිටීමේ ප්‍රතිඵල මැතිවරණයකදී ආණ්ඩුවකට භයානක වී යහපාලන ආණ්ඩුවේ ඉරණම යලි අත්පත්කරදීමට ඉඩ ඇත.දොඹගහවෙල මහින්ද වීරසිංහ මහතා උක් කර්මාන්තය රැකගෙන ඔසවාගෙන සිටීමේ වැදගත්කම ගමට මුදල් යැවීමේ මුල් පියවරගැන කොළඹ සිට සැලසුම් ප්‍රචාරය කරන නායකයින්ගේ අවධානයට යොමු විය යුතුය. . ගමට මුදල් යන්නේ නම් අනාගතයේදී කාර්මීකරණයවී අඩු ගොවීන් පිරිසක් විසින් වැඩි නිෂ්පාදනයක් සිදුකරන ග්‍රාමීය ධනවතුන් බිහිකරන ජයග්‍රාහී ආර්ථික මොඩලයට අවතීර්ණ වීමකි. අවශ්‍ය වනුයේ මහින්ද මහතා වැනි දහස් ගණනක් බිහිකර ගැනීමේ විභවය ආරක්ෂාකරමින් ඩොලර් ඉතිරි කර ගැනීමයි.එය ආණ්ඩුවේ ආරක්ෂාව වසර 5කට නොව 20කටම තහවුරු කරනු ඇත. දොඹගහවෙල ජාතික ජනබලවේගයේ අජිත් පුෂ්ප නන්දන මහජන නියෝජිතයාගේ දේශපාලන උභාතෝටිකය විසදෙන්නේ එලෙසය.එක පුරවැසියෙකුට දිනකට රු 3 කින් වියදම ඉහල යන ලෙස ආනයනික සීනි මත රු 60කින් බදු පැනවීමේ අවශ්‍යතාවය පුරවැසියන්ගේ අදායම, මුදල් සංසරණය ,ආර්ථික ක්‍රියාකාරිත්වය යන තුනම ඉහල යන පියවරක් බව එඩිතරව කීමට උපායමාර්ගිකයෙකු රටේ නොමැතිනම් සියල්ල අවසානයේ දේශපාලන ඛේදවාචකයකින් අවසන් වනු ඇත. නැත්නම් රට එකවර "පොෂ්" කිරීමට සිතාගෙන සිටින "බ්‍රොයිලර් චිකන් " විප්ලවවාදී නව විධායකයින් ග්‍රාමීය දරිද්‍රතාවයෙන් සහ පසුගාමීභාවයෙන් පවුල් ලක්ෂ 16 ක ගොවීන් මුදාගැනීමට පොම්පකරන්නේ කොහේ තිබෙන මුදල්දැයි කිව යුතුය.

- අරුණ කාන්ත බණ්ඩාර

මව්බිම

සම්බන්ධිත පුවත් | Related News

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.