
සබරගමුව වෛද්‍ය පීඨයේ අර්බුදය විසඳීමට අවසාන විසඳුම රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පැහැදිලි කරයි
සබරගමුව වෛද්‍ය පීඨයේ අර්බුදය විසඳීමට අවසාන විසඳුම පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය නිවේදනයක් යොමුකර තිබේ.
අදාළ නිවේදනය පහළින්...
සබරගමුවේ වෛද්‍ය පීඨයේ අර්බුදය විසඳීමට අවසාන විසඳුම කුමක්ද?
වෛද්‍ය සභාවේ නිර්ණායක නොසලකමින් වර්තමානය වන විට සබරගමුව වෛද්‍ය පීඨයේ පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස අර්බුදයක් නිර්මාණය කරමින් පවතිනු පෙනේ.
ඊට විසඳුමක් වශයෙන් සමස්ත රටේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය වශයෙන්ම පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමු.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,සෞඛ්‍ය අමාත්‍යාංශය , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව , සියලුම රජයේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු / පීඨාදිපතිනියන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, සබරගමුව වෛද්‍ය පීඨයේ සියලුම ශිෂ්‍ය කණ්ඩායම් වල නියෝජිතයෙක් බැගින්, එම නියෝජිතයන් නියෝජනය කරමින් දෙමාපිය සංගමයේ සාමාජිකයෙක් බැගින් , රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ක්‍රියාකාරීව සිටි මින් පෙර නියෝජිතයන් සහභාගී කරවිය යුතුය.
මෙහි දී රැස් වන සියලු දෙනාගේ එකඟතාවයන් මත පළමු කණ්ඩායම රජයේ අනෙකුත් වෛද්‍ය පීඨයන් වෙත බෙදාහැරීම සිදුකළ යුතුය.
මෙම සාකච්ඡාවට කිසිසේත් විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී කර නොගත යුතුය.
එසේම ඉන් අනතුරුව රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහල රෝහලක් හේතුවෙන් මහාචාර්ය ඒකකය එහි අනිවාර්යෙන් නිමකර ඊලග කණ්ඩායමේ සිට ඔවුන්ට අදාළ පුහුණුව එම රෝහල තුල ලබා දිය යුතුව ඇත.
එසේම රජයේ අනිකුත් වෛද්‍ය පීඨයන්හි අවසන් වසරේ ඉගෙන ගන්නා සිසුන්ගේ අවසන් වසර පොදු විභාගයන්ට කිසිදු අයුරකින් බාධා නොවිය යුතුය.
එමගින් තවත් අර්බුදයක් පැන නැගිය හැකි බැවින් එය අනිවාර්ය විය යුතුය.
එසේම මෙතෙක් කල් බාධාවක් කරමින් මහාචාර්ය ඒකකය නිම කිරීමට බාධා කළ සහ සිසුන් ගැන සොයා නොබැලූ සිසුන් රැවටු වෛද්‍ය පීඨයේ වෛද්‍ය නොවන පීඨාධිපතිනිය ඉවත් විය යුතුව ඇත.
එසේම එයට පීඨාධිපතිනිය ට සහාය වූ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පැත්ත ගත් රත්නපුර මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වරයාද ඉවත් විය යුතුව ඇත.
මෙම සියලු අදහස් වෛද්‍ය පීඨ වල ආචාර්ය මහාචාර්යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය මහා සංගමයේ නියෝජිතයින් අතර සිදුවන සාමූහික කතාවන්හි එකමුතුවක් බවත් , එය ක්‍රියාත්මක කිරීමෙන් හැර සබරගමු වෛද්‍ය පීඨයේ වත්මන් ප්රශ්නය නිරාකරණය කිරීමට නොහැකි වනු ඇති බවත් දන්වමු.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
