ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරේ මූලික වාර්තාවක් එළියට..
පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන වාර්තාවකින් හෙළි වී තිබේ.
ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී අනතුරට ලක්විය.
ඒ හේතුවෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය.
ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාවට අනුව, යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ සිදු වූ අනපේක්ෂිත චලනයකින් එන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු වී නොමැත.
අනතුරෙන් පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය ඇතුළුව ගුවන් යානයේ 'කළු පෙට්ටියේ' පටිගත දත්ත අනුව මෙම තොරතුරු හෙළී වී ඇත.
අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් 'තත්පර 1ක කාල පරතරයකින් එකින් එක RUN සිට CUTOFF ස්ථානයට මාරු කරන විට' ගුවන් යානය 180ක (airspeed of 180 knots) වේගයකට ළඟා වී ඇත.
පටිගත දත්ත අනුව එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් අසා ඇත්තේ 'RUN සිට CUTOFF' ලෙසට මාරුකළේ ඇයි දැයි යනුවෙනි.
එහෙත් අනෙක් නියමුවා ඊට පිළිතුරු දී ඇත්තේ තමා එසේ නොකළ බවයි.
ඒ හේතුවෙන් අදාළ ස්විචය යළි තිබිය යුතු ස්ථානයට ආපසු හරවන අතරතුර මෙම අනතුර සිදුව ඇත.
මෙම පාලන ස්විච්චය ස්වංක්‍රියව ක්‍රියා නොකරන අතර, එය ගුවන් නියමුවන් විසින් සිදුකරන කාර්යයකි.
එලෙස ඉන්ධන ස්විචය අක්‍රිය වන්නේ 'අතිශය දුර්ලභ' අවස්ථාවකදී බව ගුවන් විශ්ලේෂකයන් පවසයි.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා