මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක්.. 23ක් මරුට..
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක් පමණ වයඹ දෙසින් පිහිටි සගායිං නගරයේ ලින් ටා ලූ ගම්මානයේ පිහිටි ආරමයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
ගුවන් ප්‍රහාරයට එල්ලවන විට මෙම ආරාමයේ 150කට වැඩි පිරිසක් නවාතැන් ගෙන සිට ඇති අතර, ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ පෙරේදා (10) අලුයම 1ට පමණ වුවත්, එය විදෙස් මාධ්‍යවෙත අනාවරණය වී ඇත්තේ අද (12) දිනයේය.
මියන්මාරයේ වත්මන් පාලනය දරන හමුදා රජයට එරෙහිව සටන්කරන ප්‍රධාන බලකොටුවක් ලෙස සගායිං ප්‍රදේශය සැලකේ.
ඒ හේතුවෙන් එරට හමුදාවට එරෙහිව සගායිං හි ප්‍රදේශීය කණ්ඩායම් සටන්වදින අතර, ඊට ප්‍රතිචාර ලෙස හමුදා ජෙට් යානයක් මෙම ආරාම ගොඩනැගිල්ලට බෝම්බයක් හෙළූ බව කැරළි කණ්ඩායමක සාමාජිකයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා